Blogger templates


Powered by Blogger.
RSS

සුභ මංගලම් අක්කේ!!!


      සිහිනත් එක්ක එකතු උන හැමෝවම ආයෙමත් සිහිනයට ආදරයෙන් පිළියන්නවා.. මගේ පුන්චි නිවාඩුව ඉවර කරලා ආයෙමත් මම මගේ පුරුදු ජීවිතේ හොයාගෙන ආවා.. ලංකාවේ හිටියේ ටික කාලයක් උනාට ඒ ගැන ලියන්න නම් ගොඩාක් දේවල් තියෙනවා.. ඉතින් ඒ ගැන හෙමීට ලියන්නම්..

    මුලින්ම ඉතින් ගියපු වැදගත් කාරණාව ගැන කියන්න ඕනනේ.. අපේ අක්කගේ වෙඩින් එක..  අපේ මස්සිනා ගැන නම් මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ.. ඒ මොකද මස්සිනා මට සහෝදරයෙක්ටත් වඩා යාළුවෙක් විදිහට මට ලං උන නිසා.. මට ඕනම දෙයක් ගැන මස්සිනා එක්ක විවෘතව කතා කරන්න පුළුවන්.. ඊටත් වඩා මස්සිනා අපේ අක්කට අපිටත් වඩා ආදරේ කරනව.. ඒ නිසාම අක්කා ගැන මගේ හිතේ තිබුන බය දැන්නම් නැතිම වෙලා ගිහින්.. මොකද අක්කා බදින්න යන කෙනා කොහොමද කියලවත් නොදැක, වචනයක්වත් මස්සිනා එක්ක කතා නොකර තමයි මම ලංකාවට ගියේ.. ඉතින් හිතේ පොඩි චකිතයක් නොතිබුනාම නෙමෙයි.. අපේ මස්සිනාට සහෝදරයෝ 9 දෙනෙක්ම ඉන්නවා.. ඉතින් මේ වෙඩින් එක නිසා අපිත් එක්ක නෑදෑ කමින් එකතු උන අය කොච්චරක්ද කියලා ඔයාලට හිතාගන්න පුළුවන් වේවි.. මටනම් සමහරුන්ගේ නම්වත් මතක නෑ.. ඒ තරමටම කට්ටිය..

    අක්කා ගෙදරින් ගියාට පස්සේ ඒ පාළුව වැඩියෙන් දැනුනේ අම්මට තමයි.. ඊට ටික දවසකට පස්සේ මමත් එයාලව තනි කරලා අපු නිසා දැන් ඒ පාළුව තවත් වැඩියෙන් දැනෙනවා ඇති.. ඇත්ත වෙඩින් එකෙන් පස්සෙ මට උනත් අක්කා ගෙදර නැති පාළුව ගොඩාක් දැනුනා.. මොකද ගෙදර ඉද්දි අපි බොරුවට හරි රන්ඩු උනා.. ඒ වගේම ගොඩක් හිනා උනා.. දැන් නම් ඇත්තටම ගේ පාළුවට ගිහින් අක්කා නැතුව.. ඒත් ඉතින් මේ දේවල් වලට පුරුදු වෙන්නත් ඕනනේ.. එයාලගේ ජීවිතේ ලස්සනම දවසේ මතකන් ටිකක් මේ විදිහට ඔයාල එක්කත් බෙදා ගන්න මම හිතුවා.. ලියන්නනම් තව ගොඩක් දේවල් තියෙනවා.. හිතේ තියෙන්නේ  එයාලගේ අනාගතය ලස්සන වේවා කියන එකම එක පැතුමක් විතරමයි.. ආදරණීය අක්කේ ඔබට සුභ මංගලම් කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..








  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS