Blogger templates


Powered by Blogger.
RSS

ආදරයට ආදරෙයෙන් : දසවැනි කොටස

" හැමදාම පූජා සතුටින් තියන්න.. මම කොහොමද ඒක කරන්නේ.. මට මගේ කඳුළුවත් පූජා ඉස්සරහා හන්ගන්  ඉන්න බැරි උන කොට මම කොහොමද පූජාව අඬන්නැතුව ඉන්න බලා ගන්නේ.." 

      අසංගගේ හිත අසංගගෙන් ඒ ප්‍රශ්ණය ඇසූ වාර අනන්තයි.. ඒත් පූජාට උන පොරොන්දුව කොහොමනම් කඩන්නද.. අසංගගේ සවිමත් නැති හිත අසංගගෙන්ම අසයි.. ඒත් කෙලෙසකින් හෝ පූජාගේ දෙනෙතින් තව එක් කඳුළක්වත් වැටෙන්නට ඉඩ නොතබන බව අසංග අසංගගේ හිතට දිවුරා පොරොන්දුවිය..

" අසංග අයියේ.. ඔයා මොනවද දැන් කරන්න හිතන් ඉන්නේ.. මේ හැම දෙයක්ම.. " ශෙහාරාගේ කතාවට අසංග බාදා කලේය..

" මේ හැම දෙයක්ම දැන් අතීතයක්.. මට දැන් වටින්නේ පූජාගේ අනාගතය.." කල යුත්තේ කුමක්දැයි නොදත් අසංග හිත සවිමත් කර ගනිමින් ශෙහාරාට පැවසීය..

      ඉන් පසු එලබුන දින කිහිපයම අසංග ගත කලේ පූජා සනීප කර ගැනීමට මගක් ඇතිදැයි සොයමින්ය.. වෛද්‍යවරුන් කිහිප දෙනෙක්ම මුන ගැසී අසංග පූජාගේ තත්වය ගැන සාකච්චා කලත් අසංගට ඒ කිසිවෙකු ගෙන්වත් සුභ පිළිතුරක් නොලැබුනි..

         හැමදාමත් පූජා මුන ගැහෙන අසංග පූජාගේ දිවියේ සුන්දරම කාලය ඇයට ලන් කිරීමට බොහෝසෙයින් වෙහෙස වූයේය.. අසංගගේ යහළුවොත් ශෙහාරාත් අසංගට ඒ සදහා ශක්තියක් විය..

        අසංග අම්මත් එක්ක හැමදාම පූජා ගැන කියමින් හැඩූ වාර අනන්තයි.. පූජා ලග සිර කරගෙන සිටින කදුළු අසංගගේ හිතට බර වැඩි නිසා අසංග හැමදාම අම්මා එක්ක පූජා ගැන කතාකලා.. අසංගගේ අම්මටත් පූජා මුන ගැසීමට සිතේ ලොකු ආශාවක් තිබුන නිසා දවසක් අසංග පූජාව එයාගේ ගෙදරට එක්කන් ගියා.. ඒ පූජා ලගදී කිසිම වෙලාවකදී අඬන්න එපා කියලා අම්මව පොරොන්දු කරවාගෙනය..

         අසංගගේ අම්මත් තාත්තත් පූජාව සෙනෙහසින් පිළිගත්තා.. තමන්ගේම දුවකට මෙන් පූජාට සලකන්නට එයාලා අමතක කලේ නැත.. ඒදා දවසම පූජා බොහෝ සතුටු වූ බව පූජාගේ දෙනෙත් කියවූ  අසංග තේරුම ගත්තේය.. ඒ පූජාට තාත්තා කෙනෙකුගේ ආදරය ලැබුන නිසාවෙනි..

" මට ඒ දරුවව මෙහෙ නතර කර ගන්න හිතුනා පුතේ.. " අසංගගේ අම්මා අසංගට කියා සිටියේ වෙනදා වගේම අම්මත් එක්ක අසංග පූජා ගැන කතා කරපු මොහොතේය..

         අසංග තම හදවතට පොරොන්දු වූ පරිදිම කිසිම දවසක පූජාට කදුළක් නොදුන්නේය.. ඒත් පූජා දිනෙන් දින දුර්වල වන බව අසංගට දැනුනි.. ඒත් කරන්නට කිසිම දෙයක් ඒ වන විටත් ඉතිරි වී නොතිබුනි.. 

" පූජාව පුළුවන් තරම් සතුටින් තියන්න.." වෛද්‍යවරු පවා පවසා සිටියේ එපමණකි..

           අසංගත් පූජාත් ගොඩක් ආදරෙන් බැදුනා.. ඒ ආදරය තාවකාලිකයි කියලා පූජා අසංගට කොයිතරම් තේරුම කරන්න හැදුවත් අසංගගේ හිත පූජාගේ මතකයන් වලින් පිරිලයි තිබුනේ..

     එක් දවසක් අසංගට පූජාගේ අම්මගෙන් දුරකතන ඇමතුමක් ලැබුනේ " දුවට ගොඩක් අමාරු වෙලා ඉස්පිරිතාලෙට ගෙනිච්චා.. පුතා ඉක්මනට එන්න.." යැයි පවසමින්ය..

        හිතට දැනුන වේදනාව හිතේම තදකරගත් අසංග රෝහලට එන විට ඇය දැඩි සත්කාර ඒකකයේ අසංග එන තුරු බලා සිටියාය..

     රෝහල් කාමරයට ඇතුළු වීමට අසංගට අසංගගේ  දෙපා වාරු නොදෙන බවක් අසංගට දැනුනත් පූජා දිගු කල දැතට අසංග ලං විය..

       කිසිවක් කතා කර ගැනීමට නොහැකී වු අසංග හඬන්නට විය.. කදුළු නතර කර ගැනීමට අසංගට මෙවර නොහැකිවිය.. අපහසුවෙන් අත දිගු කල පූජා අසංගගේ කදුළු පිස දැමීය.. පූජාගේ දෙනෙත් කදුළු නැත.. ඇය අසංග දෙස බලා අසංගගේ අතේ කොලයක් තබා අසංග දෙස බලා සිනාසුනේ අසංගට හඬන්නට එපා යැයි හගවම්න්ය..

   පූජාව අසංගගේ තුරුලට ගත් අසංග " ඔයාට මුකුත් වෙන්නේ නැහැ.. මම ඔයාට ගොඩක් ආදරයි.." යැයි පැවසීය..

      අසංගගේ පපුවට උණුසුමින් දැනුන පූජාගේ සුසුම් හෙමින් නැවතී ගියේය.. ඈ සම්බන්ද කර තිබූ උපකරණද නිසොල්මන් විය.. අසංගගේ දෙනෙතින් කඩා හැලෙන කදුළු අසංගට නැවතිය නොහැක..  අසංග මහා හයියෙන් කෑගසා හැඩීය..


මතු සම්බන්දයි..

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

6 comments:

මහිම said...

hmmmmm

lkgossipnews said...

මචං උඹ පොතක් ලියපන් ඔය ඔක්කොම පෝස්ට් ඵකතු කරලා

Dinesh said...

@ මහිම : ස්තුතියි.....

Dinesh said...

@ lkgossipnews : බොහොම ස්තුතියි යාළුවා... ඒ ගැන හිතලා බලමු........

මැණික් said...

දිගටම ලියන්න මල්ලියෝ.
මැණික්

Dinesh said...

@ මැණික් අක්කා : බොහොම ස්තුතියි අක්කකේ...

Post a Comment