Blogger templates


Powered by Blogger.
RSS

කවියක් නොවු නුඹ 5

            පසුදින උදෑසනින්ම රුවන් පොරොන්දු වූ ලෙසම සාරංගව ගමේ උත්සවයට එක්කරගෙන යාමට තානායමට පැමිණියේය.. සාරංගත් කල්වේලා ඇතුව සුදානම්ව රුවන් එනතුරු මග බලා සිටියේය..

" අද මහත්තයා වේලස්සනම නැගිටලා.."

" ඔව් රුවන්.. මම අද හවසම ආපහු යන්නත් ඕන.. ඒනිසා රුවන්ගේ ගමටත් ගිහින් රෑ වෙන්න ඉස්සෙල්ලා මම ආපහු යන්න ඕන.."

" හොදමයි මහත්තයා.. මහත්තයා මුකුත් අමතක කලේ නැහැනේ? "

" නෑ නෑ රුවන්.. අපි යමු.."

                 සාරංගගේ ගමන් බෑගය අතට ගත් රුවන් එය වාහනය වෙත රැගෙන ගියේය.. සාරංග ඔහුගේ කැමරාව පමණක් අතට ගත්තේ නෙතු ගැටෙන සොදුරු යමක් ගිළිහෙන්නට නොදි කැමරාවට නතු කර ගැනීමේ අදහස ඇතුවය..

                   වාහනය වෙත ලං උන සාරංග හිතට දැනුන අමුතු සිතිවිල්ලක් නිසා ආපසු හැරී තානායම දෙස බැලුවේය.. ඔහු පිටුපසින් කිසිවෙකුත් නොවූමුත් සාරංග මොහොතක් තානායම දෙස බලා සිටියේය..

" ඇයි මහත්තයා? "

" නෑ රුවන්.. අපි යමු.."

            සාරංගත් රුවනුත් සමග තානායමින් නික්මුන වාහනයේ බොහෝ දුරක් යන තුරුම තිබුනේ නිහැඩියාවකි.. වනරොද දිහාවට නෙත් යොමා උන් සාරංග පසුව රුවන් සමග කතාවට වැටුනේය..

" කොහෙද රුවන්ගේ ගම? "

" අපි හේනගම මහත්තයෝ.."

              රුවන්ගේ ගමට ලගා වෙන තුරුම ගමේ විස්තර හොදින් දැනගත් රුවන්ට ගමේ සුන්දරත්වය ගැන හිතේ ඇති උනේ ලොකු සතුටක්ය.. මින් පෙර එහි නමවත් අසා නොතිබුන සාරංගට ගමට පිවිසෙත්ම දැනුනේ අපූරුම සුන්දරත්වයකි.. 

" මේ පැත්ත ගොඩාක් ලස්සනයිනේ රුවන්.."

" අපි යමු මහත්තයෝ අර පැත්තට.. උත්සවේ දැන් පටන් අරගෙනත් ඇති.. මම යමින් ගමන් විස්තර කියන්නම්.."

            රුවන් ඔහුගේ ගම ගැන මෙන්ම උත්සවය ගැනද සාරංගට බොහෝ දේ පැවසීය.. සාරංගගේ සුපුරුදු ලෝකයේ තනිවෙන්නට ඉඩ දුන් රුවන් සාරංගට මොහොතකට සමු දුන්නේය..  

        සාරංග එහි සිදුවු හැම දෙයක්ම කැමරාවට නතු කර ගත්තේය.. හදිසියේම කැමරා කාචය ඉදිරියේ මැවුන රුව දැක සාරංග පුදුමයට පත්විය.. ඒ ඇයය.. තානායමේදි සාරංගට මුනගැසුන ඇය මෙහි සිටිනු දැක සාරංග මොහොතකට පුදුම උනත් ඈ අසලම විදේශික යුවලක් සිටිනු දැක ඔවුන් සමග ඇය පැමින ඇතැයි සාරංග අනුමාන කලේය..

          ඇයටත් රහසින්ම ඇගේ පින්තූරක් සාරංග කැමරාවට නතු කර ගත්තත් සාරංග දෙතුන් වරක්ම ඒ ගැන යලි යලිත් සිතුවේය.. ඇයත් සමග වචනයක් හෝ කතා කීරීමේ කැමැත්තක් සාරංගගේ සිතට ආවත් කොතැනින් කෙලෙසක පටන් ගන්නවාදැයි සාරංග සිතන්නට විය..

          මේ අතරම විදේශිකයන් සමග ඔවුන්ට තොරතුරු කියා දෙමින් උන් ඇයද සාරංග සිටිනු දුටුවාය.. සාරංගව දුටු ඇය ඔහු දෙස බලා සිනාසුනාය.. සාරංග ඇය සිටි තැනට හෙමින් පියවර මැන්නේය.. 

" ඔයා මෙහේ? "  සාරංග ඇගෙන් විමසුවේය..

" මේ අපේ ගම මහත්තයෝ.. මම උදේ එන ගමන් මේ දෙන්නවත් එක්කගෙනම ආවා.. පිටරට අය කැමතියි මේ වගේ දේවල් දකින්න.. මහත්තයා කොහොමද ආවේ.."

" මම ආවෙත් මේ දෙන්නා ආවා වගේම තමයි.."

" තානායමේ වැඩ කරන්නේ ගොඩක් අපේ ගමේ අය.. අපි ගොඩක් වෙලාවට තානායමට එන අය මෙහෙ එක්කන් එනවා.. මහත්තයා කැමතිනම් අපිත් එක්කම එන්න.."

" හා.. මම සාරංග.. ඔයා? 

" මම ඕළු.."  



  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

21 comments:

මධුරංග said...

සාරංගට ඕලු ගැන හිතක්වත් පහල වෙයිද? කතාව මොකක් වෙයිද කියලා කියන්න බෑ. ලස්සනයි. ඉතුරු ටිකත් ඉක්මනට ලියන්න.

කවියක් නොවු ඔබ කවියක් වේද සාරංගගේ හිත් අහසට !!!!!

නිම්ශා said...

හ්ම්..... හොදයි අයියා...දැන් ඉතුරු ටික එනකම් තමයි බලන් ඉන්නේ..

Dinesh said...

@ මධුරංග : මට හිතෙන්නේ දැනටමත් සාරංගට ඕළු ගැන හිතක් පහලා වෙලා.. අපි බලමු ඊට පස්සේ මොනවා වෙයිද කියලා..

Dinesh said...

@ නිම්ශා : ගොඩාක් ස්තුතියි නංගියෝ හැමදාමත් වගේම.. ඉතුරු ටික ඉක්මනට දාන්නම්..

හිස් අහස said...

ඕලු ! ලස්සන නමක් .. මම මුලින්ම ආදරේ කියලා එකක් කරපු කෙල්ලගේ නමත් කුමුදු ..ඉතින් මම මේ කතාව බලයි ඉවර වෙනකම්ම ..

dinesh said...

ඔය අන්තිම දෙබසින් පස්සෙ අම්මෝ......................ඇතිවෙන හැඟීම්..

පන්සල් හංදිය said...

ලව් ස්ටෝරි එකක් පටන් ගන්න වගේ හදන්නෙ ....... බලමුකෝ .........

රත්ගමයා said...

:):)

සුපර් මාරියෝ said...

වැඩේ නම් සුපිරිය... ඒත් එක රාමුවකට කොටු වී ඇති බවක් පෙනේ...:-)

Dinesh said...

@ හිස් අහස : ආදරේ කියලා එකක්??? හ්ම්ම්.. එහෙනම් සදරුගේ පරණ මතකයන් ටිකකුත් අළුත් වේවි..

Dinesh said...

@ Dinesh : ඔව් යාළුවා ඕනතරම් දේවල් හිතින් මවා ගන්න පුළුවන් එතනින් පස්සේ ඉදන්...

Dinesh said...

@ කල්හාර : ඔව් යාළුවා.. එහෙම මං සළකුණක් තමයි තියෙන්නේ..

Dinesh said...

@ රත්ගමයා : :) :)

Dinesh said...

@ සුපර් මාරියෝ : ස්තුතියි යාළුවා.. හ්ම්ම්... මොකද්ද රාමුව??

පිණිබිඳු... said...

මල් හීසර විදින්න පටන් අරන් වගේ..

StArry aNgeL said...

o.O

හිස් අහස said...

අපිත් බලං ඉන්නේ ඉතිරිය එනකම් තමයි ..බලමු ගමේ කෙල්ලව සාරංග කොහොම අල්ලගනීවිද කියලා ..

Dinesh said...

@ කල්හාර : ඔව් අපි ඊළග කොටසෙ බලමු මොකද වෙන්නේ කියලා..

Dinesh said...

@ මාරියෝ : ස්තුතියි යාළුවා.. හ්ම්ම් මොකද්ද රාමුව??

Dinesh said...

@ රත්ගමයා : :) :)

Dinesh said...

@ හිස් අහස : සාරංගගේ පරණ මතයන් හින්දම ඒ දේ කොහොම වේවිද කියන එක තමයි ගැටළුව..

Post a Comment