නිදහසේ හුස්ම පොද
වැටෙන්නට මොහොතකට පෙර
ගෙවුන කළුවර අතීතයට
සමුදෙන්න හදමි මම..
නැති බැරි කමට ගේ දොර
බලා නොයිද දරුවන්ගේ කඳුළ
ඉක්මන් උන නිසාවට මම
නැවතුන තැන ඈතක් නොපෙනෙන..
සතියකට දවසක් දකිද්දි පැටවුන්ව
හිත ගිණිගන්නවා මගේ සාපයට
මගේ වරදට උන් ලද නම
මම කොහොම මකාලන්නද..
උඹලා තේරුම් ගනීවි දවසක
ලොකු මහත්වෙලා සමාජය දකින කොට
අද හංගගෙන හිටියත් මූණ
එදාට සමාවෙලා කතාකරාවී මාත් එක්ක..
කවුළුවෙන් එහා ලෝකය
සුන්දර නැතිවේවි ඉස්සර වගේම
සමුදෙන්න හදන කළුවර අතීතෙට
සමුදෙන්න හැකිවේවිද සමාජය අතරේ මට..
14 comments:
වෙනස්ම අදහසක් කවියක ලියලා. ලස්සන අදහසක්. නමුත් අපට හිතන්න බෑ අනාගතේ එහෙම්මම වෙයි කියලා. සමහර විට වෙනස් වෙන්නත් ඉඩ තියෙනවා.
බුදුහාමුදුරුවො වැඩියා වගේ..... සිංදුව මතක් වෙනව අයියෙ.. :D :D
@ සුළගිල්ල : ඔව් මල්ලී එකනම් ඇත්ත.. ගොඩක් ස්තුතියි..
@ මධුරංග : ඇත්ත යාළුවා අපි කොච්චර අළුත් උනත් මිනිස්සුන්ගේ සමහර දැකීම් වෙනස් වෙන්නේ නෑ..
දුරදිග නොහිතා කරන වැඩ නිසා ජීවිත කීයක් අඳුරෙ වැටෙනවද? අන්තිමට මුලු ජීවිතේටම ඉතුරු වෙන්නෙ පසුතැවීම විතරයි.
අපි හිතමු එහෙම නොවෙන්න... හෙට දවස අදට වඩා සුන්දරයි...
@ පිණි බිදු : ඒක ඇත්ත.. ඒත් මේ සමහර දේවල් වෙන්නේ දුප්පත් කම නිසානේ..
@ Hare : ඇත්ත අයියේ.. මේ වගේ නිදහස් වෙන හැමෝගෙම හෙට දවස සුන්දර වෙනවනම් ඒක කොයිතරම් දෙයක්ද...
ඇත්තටම සමාජයේ වෙන සිදු වීමක් .........
ලස්සනට පද ගලපලා තියනවා ......
සරලයි ........ එල .......
ම්....ම් අලුත් අදහසක්
දරුවන්ට බඩගිනිලු උන් මොරගහනකොට
අරක නෑ මේක නෑ බිරිද කෑගහනකොට
ඔලුව පුපුරල වගේ ප්‍රශ්න නිමි නැතිකොට
දැන් බන කියන්නෝ වැඩ හිටියෙ කොයිබද?
@ ayesha : ගොඩාක් ස්තුතියි අක්කේ...
@ කල්හාර දිසානායක : ඔව් අයියේ එකනම් ඇත්ත.. සමාජයේ අපි නොදකින මේ වගේ පැතිත් ඕන තරම් තියෙනවා...
@ යසියා : ඔව් යාළුවා ඔයාගේ වචන හරි... ඇත්ත ගෙවල් වල උහුලන්න බැරි තරම් ප්‍රශ්ණ තියෙන මිනිස්සු අතින් තමයි මේ වගේ වැරදි වෙන්නේ..
Post a Comment