Blogger templates


Powered by Blogger.
RSS

එතර කරනු හැම




ඉස්සර ගෙදර හැමතැනම
දුව පැන ඇවිද්ද මල්ලියේ නුඹ
අද සන්සුන්ව කසාවතක් දරාගෙන
බුදු හිමියන් දෙසු මග අභියස..

පුන්චි හිතට නුඹෙ බර වැඩි වේද
මහා සයුරක මේ දිය දෝත
හිතද්දි හද තැවුනමුත් සියවර
කදුළු නැහැ දෙනෙත දකිද්දි පින්බර නුඹව..

ඊයේ පොහොයට නුඹ දෙසු බණ පද
අහන් හිටියා මං නුඹ ලගම හිද
ලොකු අයියා උනත් මම නුඹට
නුඹ සවිබලයි මගේ හිතටත් වැඩිය..

මම කල පින් නැහැ මල්ලියේ
මේ භවයෙදි යන්න බුදු හිමිගේ මග
නුඹේ සිත නිවුව අමා ගගුළින් දෝතක් ගෙන
කියා දෙන්න මටත් නිවන් මග ගැන..

දෙදන බිම තියා නුඹේ දෙපා පාමුල
වැද පතන්නම් නුඹට බුදු බව
ලොවට කියා දී උතුම් බුදු ගුණ
එතර කරනු හැම ජීවිත ගමනින් හෙට..

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

10 comments:

ayesha said...

හරිම ලස්සනයි

පිණිබිඳු... said...

හුඟක් ලස්සනයි. කවියෙ තේරුම නම් පුදුම විදිහට හිතට දැනෙනවා.

හිස් අහස said...

ඇත්තටම ලස්සනයි දිනේශ් අයියේ . ඔයා පින්තුරේ දැකලද කවිය ලිවුවේ ?

Dinesh said...

@ Ayesha : ගොඩාක් ස්තුතියි අක්කේ...

Dinesh said...

@ පිණිබිදු : ගොඩාක් ස්තුතියි කමෙන්ට් එකට...

Dinesh said...

@ හිස් අහස : නැහැ සදරු මල්ලී.. මම කලින් ලිවුවේ.. හැබැයි මට ගැලපෙනම පින්තූරේ හම්බුනා..

පන්සල් හංදිය said...

ලස්සනට ලියලා තියනවා .......... තව ලියන්න ......

Dinesh said...

@ කල්හාර : ගොඩාක් ස්තුතියි අයියේ...

මධුරංග said...

ලස්සන කවි පද ටික

Dinesh said...

@ මධුරංග : ගොඩාක් ස්තුතියි යාළුවා..

Post a Comment