Blogger templates


Powered by Blogger.
RSS

නුඹ ලියූ කවි පොතේ




නුඹ ලියූ කවි පොතේ පෙරලෙන පිටු අතර
මගේ තනිකමට නුඹ ඉතිරි කර ගිය මතක
මගේ හිතට සැනසුමක් ගෙනවා සොයද්දි නුඹව මම
සිහිනයෙන් හැම රෑක මගේ දෙනෙත් අද්දර..
 

නුඹේ සොදුරු කවි හිත දැනන් හිටියේ නැහැ මම
නුඹ වෙන්ව යන තුරුම මගෙ ලොවින් හැමදාටම
අහම්බෙන් වගේ හමු උන නුඹේ මේ කවි පොත
මගේ කඳුළු පිසිනවා හඩද්දි මම නුඹ නැතිව..

අපි ආ ගිය දොඩමළු වූ තැන්වල
නුඹ දැක්ක ඒ සොදුරු මිහිරියාව
දකින්නට මට අදත් නුඹේ හිතින්
කවි වලට නුඹ අපේ මතකය මුසු කර ගිහින්..

පරිස්සමට අරන් තියා ගත්ත නුඹේ කවි පොතේ පිටු අතර
සමහර පිටු තෙත් වෙලා හඬලම මම නුඹේ කවි වලට
ඒ තරම්ම සොදුරුව නුඹ දැකපු අපේ ආදරය
සිහිනයක්ව බොද උන හැටි තවමත් පිළිගන්නේ නෑ මම..

නුඹ තවම මගේ ලග ඉන්න බව දැනෙනවා
මේ කවි පොතේ පිටු අතර ආදරෙන් මට
හිනැහිලා තවම නුඹ මගේ කඳුළු පිසිනවා රහසේම
ඉස්සර වගේම ලං වෙලා මගේ හිතට..

නුඹට පිං ඉතිරි කරාට අපේ මතකය
මේ කවි කොල වල මට දකින්න
මට සැනසෙන්න පුළුවන් දැන් හැමදාකම
කියවලා නුඹේ කවි හිත තනිකමින් වෙලෙන මොහොතට..

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

12 comments:

All in one....... said...

නුඹ තවම මගේ ලග ඉන්න බව දැනෙනවා
මේ කවි පොතේ පිටු අතර ආදරෙන් මට
හිනැහිලා තවම නුඹ මගේ කඳුළු පිසිනවා රහසේම
ඉස්සර වගේම ලං වෙලා මගේ හිතට..

ඇඩෙනවා ..............

පන්සල් හංදිය said...

මාරයි ........ එලටම ලියලා තියනවා ...........

Kasun said...

අයියට පූජා අක්කගෙ කවි පොත හම්බවුනේ පස්සෙද?

හිස් අහස said...

පරන මතකයන්ට ආයෙමත් පණ දෙන්න කවි සින්දු වලට පුලුවනිලු...

Dinesh said...

@ කල්හාර දිසානායක : ගොඩාක් ස්තූතියි අයියේ..

Dinesh said...

@ All in One : ගොඩාක් ස්තුතියි යාළුවා..

Dinesh said...

@ Kasun : ඔව් මල්ලී.. පූජා නැතිවෙලා අවුරුද්දකට විතර පස්සේ.. එයාගේ අම්මා තමයි මට එක ගෙනත් දුන්නේ..

Dinesh said...

@ හිස් අහස : ඔව් සදරු මල්ලී.. කවියකට සින්දුවකට, ඒ මතකය ඒ විදිහටම අපි ලගට ගේන්න පුළුවන්..

සුළඟිල්ල | pinkie said...

:D ලස්සනයි අයියෙ... :D

පිණිබිඳු... said...

පද ටික ලස්සනයි. ඒත් තේරුම හිතට දැනෙද්දි ඇස් වලට කඳුලු එනවා.

Dinesh said...

@ පිණිබිදු : වෙන්වීම හිතකට දරාගන්න ගොඩාක් අමාරුයි..

Dinesh said...

@ සුළගිල්ල : ගොඩාක් ස්තුතියි මල්ලියේ...

Post a Comment