හිරු නැග එත්ම අවටින් ඇසුන කුරුල්ලන්ගේ හඩට අවදි උන සාරංග ඉක්මනින් ලෑස්ති වී තානායමින් පිටත් උනේ ඊයෙත් මග හැරුන වැඩ බොහෝමයක්ම තිබු නිසාය.. වනයේ චාරිකාවට ඔහු ඉල්ලා සිටිය ජීප් රථය ඒ වන විටත් තානායම ඉදිරියේ නවතා තිබුනේය.. සාරංගගේ සහායට ඔහුගේම වයසේ රියැදුරෙකු සාරංග එනතුරු රථයට වී මග බලාගෙන සිටියේය..
" සුභ උදෑසනක්.. මහත්තයා වෙන්න ඇති සාරංග කියන්නේ? මම රුවන්.." මිත්‍රශීලීව ඔහු සාරංගව පිළි ගත්තේය..
" ඔව් රුවන්.. අපි ඉස්සෙල්ලම කොහේද යන්නේ? "
" අපි යමු මහත්තයා වැව කිට්ටුවට.. "
" හ්ම්ම්.. හොදයි.. "
රුවන් සමග ඔහුගේ තොරතුරු විමසු සාරංග වැඩි වේලාවක් යන්නට මත්තෙන්ම ඔහු හා සුහද විය.. අවට සුන්දරත්වය විදිමින්ම රුවන් සමග කතාකරමින් ඉදිරියට ඇදුන ජීප් රථය හදිසියේම සාරංග නතර කලේ ඈතින් ඇස ගැටුන අලි රංචුවක් කැමරාවට නතු කර ගන්නටය..
ගමන් බෑගය අතට ගත් සාරංග ලහි ලහියේම කැමරාව සුදානම් කර ගන්නට වූවත් සාරංග ඔහුගේ ලෙන්ස් එක තානායමේ අමතක කර ඇවිත් ඇති බව ඔහුට මතක්විය.. සාරංගට මීට පෙර කෙදිනකවත් ඔහුගේ දේවල් අමතක වී නොතිබුනත් ඊයේ ඔහු සිටි මානසිකත්වය නිසාම එසේ අමතක වන්නට ඇතැයි සාරංග සිතුවේය..
" රුවන් අපිට ආපහු යන්න වෙනවා.."
" ඇයි මහත්තයෝ හදිස්සියේම? "
" මම ඕනම කරන ලෙන්ස් එක ගෙනත් නැහැ රුවන්.. අපි වැඩි දුරක් ආපු නැති එකේ ආපහු යමු ඉක්කමනට.."
" අපරාදේ මහත්තයා.."
" ඔව් රුවන්.. අපි ඉක්මනට යමු.."
ආපසු හරවාගත් වාහනය යලිත් තානායම දෙසට එන්නට වත්ම සාරංග ආපසු හැරී බැලුවේ ඒ මොහොත මග හැරුන දුක නිසාමය.. හිතින් තමාටම බැන ගනිමින් සාරංග යලිත් වහනය තානායමේ නතර වන තුරුම කිසිවක් නොපවසා සිටියේය..
" මම ඉක්මනට එන්නම් රුවන්.. "
වාහනයෙන් බැස ගත් සාරංග තානායමට දිව ගියේය.. තානායමේ සිටි අනිත් පුද්ගලයන් සාරංග දෙස පුදුමයෙන් බැලුවද ඒ කිසිවක් ගනන් නොගෙන සාරංග ඔහුගේ කාමරයට ඇතුළුවිය..
කලබලයෙන් වැරෙන් දොර විවෘත කල සාරංගට එක වරෙම නෙත ගැටුන දෙයින් තවත් කලබලයට පත් විය.. ඒ තරුණියක් ඔහුගේ කාමරයේ සිටිනු දැකීමත් සමගය.. කිසිවක් කියා ගත නොහැකිය ඇය සාරංග දෙස බලා සිටියාය.. මොහොතක් ඇගේ නෙතු දෙස බලා උන් සාරංග කාමරයට නෙත් යොමා බැලුවේ තමන්ට කාමරය වැරදුනාදැයි ඇතිවූ සැකය නිසාය..
සාරංග පැමින ඇත්තේ ඔහුගෙම කාමරයටය.. ඒත් ඇය කවුරුන්දැයි සාරංගට ප්‍රහේලිකාවකි.. ඇය තවමත් කිසිවක් නොකියාම සාරංග දෙස පුදුමයෙන් බලා සිටින්නීය.. අවසානයේ සාරංග ගෙවී ගිය නිහැඩියාව බිදලමින් ඇය ගැන විමසුවේය..
" ඔයා කව්ද? "
" මම මෙහේ වැඩ කරන්නේ මහත්තයා.. මහත්තයා එළියට ගිය නිසා ලොකු මහත්තයා කිව්වා කාමරේ අස් කරන්න කියලා ඒකයි ආවේ..."
" හා.. හොදයි.. මම මගේ බඩු වගයක් අමතක උනා.. එකයි ආවේ.."
තම ගමන් මල්ලේ තිබූ ලෙන්ස් එක අතට ගත් සාරංග කාමරයෙන් පිටත් විය.. ඒත් තවමත් සාරංගට මොහොතකට පෙර සිදුවූ දෙය සිතා ගන්නටවත් නොහැකිය.. ඈ කොතරම් ඒ මොහොතේ බිය උනිදැයි සාරංග ඇගේ දෙනෙතින් දුටුවේය.. මුවගට නැගුන සිනාවත් සමගම තානායමින් නික්මුන සාරංග වාහනයට නැග්ගේය..
" මහත්තයා කේන්තියෙන් ඇතුලට ගියාට මොකද එළියට ආවේ හිනා වෙවී.."
සාරංග වාහනයට ගොඩ වත්ම රුවන් විමසුවේය..
" ඔව් රුවන්.. අපි ඉක්මනට යමු.. තව දේවල් මග ඇරෙන්න ඉස්සෙල්ලා.."
16 comments:
ලස්සනට ගලාගෙන කතාවක් අනික් කොටසත් දාන්න කියවන්න බලාන ඉන්නවා
දැනටමත් හිතට අල්ලලා ගියපු කතාවක් . ඕනම කතාවක කෙල්ල බය වෙන හරියට මම ගොඩක්ම කැමතියි.. ඇයිද මන්දා ඒ මගේ හැටි . කතාවේ ඉතිරිය එනකම් බලං ඉන්නවා ..
අලුත් පෙනුම නියමයි
හ්ම්..හ්ම්...කතාවේ පොටක් පැදෙන හැඩයි අයියේ...
@ බීටා : ස්තුතියි මල්ලියේ.. ඉක්මනට දාන්නම්..
@ හිස් අහස : මොකද සදරු මල්ලියේ කෙල්ල බය වෙනවට ඔච්චරම කැමති? ගොඩාක් ස්තුතියි කමෙන්ට් එකට..
@ නිම්ශා : නංගිටනම් කතාව ටිකක් තේරිලා වගේ..
අනේ..ඉක්මනට අනික් කොටසත් දාන්නකෝ.....
යං යාං ඔහොම යං ......... ඉතුරු ටිකත් ඉක්මනට දැම්මනං....
@ තටු සිදුන සමනළියක් : හරි නංගි.. මම ඉක්මනට ලියන්නම්...
@ කල්හාර : ගොඩාක් ස්තුතියි යාළුවා..
කදිමයි! පුංචි පුංචි විස්තර නිසා කතාවට හරිම තාත්විකබවක් ලැබෙනවා. ඊලඟ කොටස එනතුරු බලා ඉන්නෙ.
මගේ අනුමානය හරි යාගෙන වගේ යන්නේ. ඊලග කතාවත් ඉක්මනට ලියන්න. මොකද ලස්සන කතාවක් ඉක්මනට කියවන්න කැමතියි.
එහෙනම් ඉක්මනට ඉතුරු කොටසත් දාන්න තව දේවල් මග ඇරෙන්න කලින්.
@ නලිනි චන්දිමා : ගොඩාක් ස්තුතියි අක්කේ..
@ පිණිබිදු : හරි මම ඉක්මනට දාන්නම්.. ස්තුතියි ගොඩක්..
@ මධුරංග : ඔව් මධුරංග හිතපු විදිය ටිකක් දුරට හරි...
Post a Comment