Blogger templates


Powered by Blogger.
RSS

නුඹ නොඑන මග




නුඹ නොඑන මග දිග
වැටුන මල් පාවඩ
හිනැහේවි තවම
නොදැන නුඹ නොඑන වග..

මල් සැලේවි එකින් එක
සරසලා පාවඩ මග දෙපස
එකම එක බලාපොරොත්තුවකට
නුඹ පිළිගන්න කුමරියක් ලෙසට..

එදත් මේ වගේම මල් පාවඩ
වැටුනා නුඹ යලි නොඑන්නම ගිය දින
නුඹේ පහසට වැටුනමුත් මල් හැම
කවුරුවත් දන්නෙ නෑ නුඹ යලිත් නොඑන බව..

මල් පාවඩ තවම බැස යන හිරුත් අභියස
බලා හිදින මා ලගට හිමිහිට
ඇවිත් විමසද්දි නුඹ පමා ඇයි බව
කොහොම මම පවසම්ද නුඹ නොඑන බව..

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

18 comments:

StArry aNgeL said...

නොඑන නමුදු යලිත්
ගතින් මා නුඹ වෙතට
සිත තවම නුඹ ලඟයි
මේ මල් කැකුළු සේම
පිවිතුරුව....

A Quote world of Dilu! said...

puduma lassanak malli....kiyanna mata vachana madi..oyage poems gana malli.suba anagathayak pathanava!

Dinesh said...

@ Dilu : ගොඩාක් ස්තුතියි දිලු අක්කේ...

Dinesh said...

@ StArry ANgeL :
පිවිතුරුව නුඹෙ සෙනෙහස තවම
මගේ හිත ලග ගීතයක්ව
ඇවිත් ගයා යන මිහිරි තනුව
අසන්නට නුඹ ඉන්නවනම් මා ලග..

පන්සල් හංදිය said...

මාර අදහස් ටිකක්නෙඩ ..... නියමයි .....

බීටා said...

ලස්සන කවිය අයියේ

නලිනි චන්දිමා said...

ඇය නොඑන බව නොදැන
පිපුණු මල් පාවඩ
රිදවන්නෙද
ඇය නොඑන බව දැන දැනද
මග බලා සිටිනා නුඹව?

සුන්දර කව් පෙළක් මල්ලි. ජය!

හිස් අහස said...

හීනීවට හිතට කාවැදුන කවියක් .. අන්තිම කවියට මම ගොඩක් කැමතියි ..

Dinesh said...

@ බීටා : ස්තුතියි මල්ලී..

Dinesh said...

@ කල්හාර : ගොඩක් ස්තුතියි අයියේ...

Dinesh said...

@ හිස් අහස : ගොඩක් ස්තූතියි සදරු...

Dinesh said...

@ නලිනි චන්දිමා :

මල් පාවඩ ඇවිත් හිත ලගට
ගෙන එද්දී ඇගේ මතකය හිතට
දැන දැනම ඇය නොඑන බව
මග බලා ඉන්න මා හඩවද්දි
ඉනූ කදුළු නෙතග හිමිහිට
සගවගමි මල් වලට රහසින...

රත්ගමයා said...

අපොයි.... :)
ඔන්න ඕවා අමතක කරලා දාන්න දිනේශ් අයියේ...
පින් බර වෙසක් මංගල්‍යයක් වේවා!!

සුළඟිල්ල | pinkie said...

හ්ම්ම්ම්ම්

Dinesh said...

@ රත්ගමයා : ඒක හිතන තරම් ලෙසි දෙයක් නෙමෙයි මල්ලී...

Dinesh said...

@ සුළගිල්ල : ස්තුතියි...

මධුරංග said...

ලස්සන කවි පද ටිකක් !!!!!

Dinesh said...

@ මධුරංග : ගොඩාක් ස්තුතියි යාළුවා..

Post a Comment