Blogger templates


Powered by Blogger.
RSS

කවියක් නොවු නුඹ - අවසානය

                 ගෙවුන හැම මොහොතකම සොදුරු බව ඈ සොරා ගනිද්දී කාලය කොතරම් ගෙවී ගියාදැයි සාරංගට දැනුනේවත් නැත.. වෙනදාට කැමරාව ලග නැවතෙන හිත අද වෙන තැනක නැවතුනේ සාරංගටත් රහසේමය.. 

             ඇයත් සමග එකට ගෙවා ආ පියවර කීපය සාරංගගේ හිතට දැනුනේ ගව් ගානක් දුර බවය.. සාරංගගේ හිතට ඈ ගැන ආදර සිතුවිල්ලක් ආවේ සාරංගටත් නොදැනීමය.. අනූශාගේ මතකයන් නිසාම ඒ සිතුවිල්ල සාරංග යටපත් කර ගන්නට සිතුවද ඇගේ සොදුරු හිතට සාරංගට පෙම් නොබැද සිටිය නොහැකි විය.. තමන් මෙතරම් ඇයට ආකර්ශනය  උනේ කෙසේදැයි සාරංගටත් නොතේරුනේය.. 

                  එදා අරලිය මල් සුවද දිගේ සාරංගගේ මතකයන් ලගට ආ ඇය ගැන මෙසේ ආදරයක් ඇතිවේවියි සාරංග එදින නොසිතුවේය.. හිතේ රහසේම ඇදුන ආදරය සගවාගෙන ඉන්නට සාරංග කොතරම් සිතුවද ඒ සිතුවිල්ල පරදමින් ඇයට ඒ ගැන පවසන්නයි බලාපොරොත්තුවක් සාරංගගේ හිතට නැගුනේය..

             ඒත් අපි අපේ නම් හැරන්න වෙන කිසිවක්ම නොදන්නේදැයි සාරංගට සිතුනේය.. සාරංග අද නිවසට එන බව අම්මාට පොරොන්දු වූ නිසාම ඔහුට තව දින කීපයක් තානායමේ නැවතිය නොහැකි බැව් සාරංග කල්පනා කලේය..

                හැකි ඉක්මනින්ම ආයෙමත් ඇය වෙනුවෙන්ම මෙහි එන බව සාරංග සාරංගගේ හිතටම පොරොන්දු විය.. ගමේ සොදුරු බව විදිමින් ඇයත්, විදේශික යුවලත් හා ගෙවා ආ මග අවසානයට එත්ම සාරංග සිටියේ හිතේ ඇති උන අළුත් බලාපොරොත්තුවකුත් සමගය.. 

" මහත්තයට ගම හිතට ඇල්ලුවද? "  

" ඔව් ඕළු ගොඩාක් ලස්සනයි.."

               ඇය විමසුවේ සාරංගගේ කල්පනාවට බාදා කරමින්ය.. ගමන පුරාවටම සාරංගගේ හිත තිබුනේ වෙනතක බව ඇයට දැන්ම කිව නොහැකි නිසාම සාරංග එසේ පිළිතුරු දෙත්ම රුවන් ඔවුන් ලගට පැමිනෙනු සාරංග ඈත තියාම දුටුවේය.. 

" මහත්තයා කොහොමද ගම හොදයිද? "

" හොදයි රුවන්.."

" ආ ඕළු.. ඔයා කොහොමද මහත්තයව දන්නේ? "     සාරංගත් සමග ඇය සිටිනු දැක රුවන් ඇගෙන් විමසුවේය..

" මට ඊයේ තානායමේදි මහත්තයා මුන ගැහුනා.." 

" මහත්තයා දන්නවද මමයි ඕළුයි මේ මාසේ කසාද බදින්න ඉන්නේ.."

            සාරංග බලාපොරොත්තු නොවූ මොහොතක රුවන් පැවසූ දෙයින් සාරංග දකින්නට හිතු සිහිනය ඒ මොහොතේම බොද වන්නට පටන් ගත්තේය.. පවසන්නේ කුමක්දැයි සිතාගන්න සාරංග නොහැකි විය.. 

" මගෙන් සුභ පැතුම් රුවන්.."

            සාරංගගේ මුවින් පිට උනේ එපමණකි.. හිතට දැනුන සිතිවිලි සියල්ලම තමන්ට අයිති නැති බව සාරංග තෙරුම් ගත්තේය.. සාරංගගේ මුවගට සිනහවක් නැගුනේ තමන් ගැනම සිතාය.. 

" අපි යමු නේද රුවන්.. මම දැනටමත් ගොඩාක් පරක්කුයි.. "

             සාරංගට තවත් වෙලාවක් එහි රැදෙනු නොහැකිය.. දැන් නම් ඇත්තෙන්ම ඔහු ප්‍රමාදය.. හිත තවත් දුකින් පිරෙන්නට මත්තෙන් ඇයට සමුදීමට සාරංග හිත හදා ගත්තේය.. සාරංග දකින්නට හැදු සොදුරු සිහිනය වෙන කෙනෙකුට අයිති වී හමාරය.. 

            සාරංගගේ හිතේ අනූශා ගැන තිබුන මතකය මොහොතකට හෝ අමතක කර අළුත් බලාපොරොත්තුවක් දෙන්නට ඇයට හැකි විය.. නමුත් දැන් ඇයත් සාරංගගේ හිතේ නැවතී හමාරය.. ඉරණම මෙයනම් එය වෙනස් කල නොහැකි බව සාරංගට සිතුනේය.. 

                ගම් දොරකඩින් යලි ගමන් ඇරබු වාහනය ඈතකට එන තුරුම සාරංග ගම දෙස ආපසු හැරී බලා සිටියේය.. පැතුම් කන්දරාවක් ගම් දොරකඩ දමා මතක කන්දරාවක් පමණක් අරගෙන සාරංග ගමෙන් පිටවෙද්දි දෙනෙතට කඳුළු බිදුවක් ගලා ආවේය.. කඳුළු බිදුව රහසේම  පිසදා ගනිද්දී සාරංගගේ දුරකතනය නාද විය.. ඒ ඔහුගේ මවගෙන්ය.. 

" අම්මේ.."

" පුතා අද එනවා නේද? අපි හෙට අර ගමන යන්න ඕන.. " 

" ඔව් අම්මේ මම මේ එන ගමන්.. " 





  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

18 comments:

prabha said...

ane...awasanaya dukai ne..e unata kathawa hodai..thawa kathawak ikmanata liyanna..

නලිනි චන්දිමා said...

අය්යෝඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕ.

Dinesh said...

@ Prabhani : ස්තුතියි ගොඩාක්..

Dinesh said...

@ නලිනි චන්දිමා : අවසානය ගොඩක් දෙනෙක් බලාපොරොත්තු නොවුන විදිහට ඉවර කරන්න උන එක ගැන කණගාටු වෙනවා.. ඒත් " කවියක් නොවූ නුඹ " මම දැකපු විදිහ එහෙමයි...

තටු සිඳුනු සමනළියක්.... said...

අනේ....ඇය් දුකම හිතෙන අවසානයක් දුන්නේ....කමක් නෑ හැම කතාවක්ම සුභ අවසානයක්ම වෙන්නෙත් නැහැනේ.....මොනව උනත් ලස්සනය්...

රත්ගමයා said...

හැමදාම ඉවර කරන්නේ හිතුපු නැති විදිහට නේ

Dinesh said...

@ සමනළී : ජීවිතේ හැම දේකටම සොදුරු අවසානයක් නෑ කියන එක ඔයා තේරුම් අරන් තියෙනවා.. ගොඩාක් ස්තුතියි ඔයාගේ කමෙන්ට් එකට..

Dinesh said...

@ රත්ගමයා : නැහැ මල්ලී මම කලින් කතාවකනම් අවසානය ඔයාලා කැමති විදිහට පස්සේ වෙනස් කලා.. ඒත් මේ කතාව මම පටන් ගත්ත විදිහට මට එහෙම කරන්න බෑනේ.. ගොඩාක් ස්තුතියි කමෙන්ට් එකට..

හිස් අහස said...

අප්පා එහෙමත් අවසානයක්!! නිමයි අයියේ හීනෙකෙන් වත් හිතපු නැති අවසානයක්.. ඒවගේම ලස්සන කතාවක් සරලයි ..තේරුම් ගන්න ලේසියි ආසාවෙන් කියෙවුවා ..

තව එකක් ලියමු නේද ?

StArry aNgeL said...

අනේ.... අවසානය නම් හරිම දුකයි. එත් එහෙම වුනු එකත් හොඳයි. කතාව ගොඩක් ලස්සනයි .......

Dinesh said...

@ හිස් අහස : ගොඩාක් ස්තුතියි සදරු.. සාරංගට ඕළු හිමි උනානම් කතාවේ අවසානය ලස්සනයි එත් කතා තේමාව වෙනස් වෙනවනේ.. තව කතාවක් ලියන්න හිතාගෙන ඉන්නේ...

Dinesh said...

@ StArry ANgeL : ගොඩාක් ස්තුතියි මෙ කතාව හැමදාම වගේ කියෙව්වට..

බීටා said...

ඔයවගේ බලාපොරොත්තුවක් බිඳුනාම හිතට කොච්චර නම් දුක දැනෙයිද

සුදු හංසි said...

අන්නේ... මල්ලි මේක ලියලා ඉවර වෙනකල් හිටියේ එක පාර කියවන්න.. ඇයි අනේ මේ කතාව මේ වගේ ඉවර කලේ.. කොහොම උනත් ඔයා ගොඩක් ලස්සනට ලියනවා...

Dinesh said...

@ බීටා : එක ඇත්ත මල්ලී.. අනික කලින් වේදනාවක් අමතක කරන්න හදන කෙනෙක්ට ඒක මොන විදිහට දැනෙයිද...

Dinesh said...

@ සුදු හංසී : ගොඩක් ස්තුතියි අක්කේ.. සැබෑ ජීවිතේදි හැම වෙලේම අවසානය ලස්සන වෙන්නේ නෑනෙ අක්කේ..

මධුරංග said...

දුක හිතෙන අවසානයක්. කතාව ලස්සනයි. නමුත් අපි බලාපොරොත්තු උන විදිහේ අවසානයක් තිබුනේ නෑ. හැම කතාවම සතුටින් ඉවර වෙන්න ඕනේ කියලා නියමයක් නෑනේ.

ලස්සනයි කතාව

Dinesh said...

@ මධුරංග : ඔව් යාළුවා ඔයා හරි.. ජීවිතේ හැම දෙයක්ම අපි කැමති විදිහටම වෙන්නේ නෑ..

Post a Comment