Blogger templates


Powered by Blogger.
RSS

පූජා ලියූ කවි 3




කුරුල්ලනේ ඔබට ඇහෙනවද
මගේ හිත කතා කරන හඩ
ගිහින් ඔහු වෙත රහසේම හිමිහිට
මගේ ආදරේ කියාලා එනවද..

මොහොතින් මොහොත ගෙවෙන්නේ හෙමිහිට
දවස මෙතරම්ම දිගුද හැගෙන්නේ ඉදහිට
මග බලාන මම ඔහු හමුවෙන්න හිතාගෙන
ගෙවුන මොහොත දිගු වැඩියි කල්පයක් තරමටම..

මාවත පාළුයි දහසක් නෙතු අතර
මග බලා හිදිය දෙනෙත නැතිව මග තොට
කිමද පමා නුඹ කවදාවත් නැතිව
මා හඩවන්න හිතාගෙනද නුඹ අද..

පුන්චි කුරුල්ලනේ ගිහින් කියනවද
මම තවම මග බලා ඉන්න බව
එන්න කියනු මැන හනික මා වෙතම
දෙනෙත වෙහෙසයි මග බලා ඉදලම..

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

18 comments:

MaRLaN said...

ලස්සනයි...

නිම්ශා said...

හරිම ලස්සනයි අයියේ....

සොඳුරු සිත said...

එයාට හොඳටම වැඩ ඇති ළමයෝ............

Kasun said...

ඇත්තටම ලස්සනයි අයියෙ. හදවතින්ම ආපු වචන ටිකක්. පූජා අක්ක අයියට ගොඩක් ආදරේ කරන්න ඇති. මේ කවි වල ඒ ආදරේ හොඳටම පේනවා. ඒ වගේ ආදරයක් ටික කලක් හරි ලබන්න තරම් අයිය පින් කරල තියනව. ඒත් ඒක ජීවිත කාලයටම ලබන්න අයිය කරපු පින් මදි වෙන්න ඇති.


'ඇගිලි තුඩු මානයක මරණය
පෙනි පෙනි මගෙ දෑස් අද්දර
නමුදු සිනාසෙමි නුඹ වෙනුවෙන් මම
හිතේ ආදරේ වැඩි හින්දම..'

මම මේක කලින් කියවල තියනව. ඒත් සේව් කරගන්න බැරි වුනා. මාලන්ගෙ බ්ලොග් එකේ දාපු කමෙන්ට් එකෙන් දැක්කෙ. මේක අයියගෙ පෝස්ට් එකක තියනව නේද? මට පොඩ්ඩක් එතනට පාර කියනවද?

පන්සල් හංදිය said...

මොකද කේස් එක .......... බය වෙන්න එපා එයි එයි ........... කුරුල්ලො මතක ඇතුව ගිහිං කියාපියව් එන්න කියලා ..........

Dinesh said...

@ Marlan : ගොඩක් ස්තුතියි මල්ලී..

Dinesh said...

@ සොදුරු සිත : එයාට නෙමෙයි අක්කේ මට.. මේ මම ලියපු එකක් නෙමෙයිනේ.. මේ පූජා ලියපු එකක්...

Dinesh said...

@ නිම්ශා : ඔව් නංගී පූජාගේ කවි හිත ගොඩක් ලස්සනයි...

Dinesh said...

@ Kasun : ඔව් මල්ලි ඔයා හරි.. මට එයාව හැමදාටම මගේ කර ගන්න වාසනාව නැති උනා.. ඔව් මල්ලි මම කලින් එක දැම්මා.. මම ඒක පූජා යටතේ ටැග් කලේ.. එතනින් හොයා ගන්න ලේසියි.. නැත්නම් මෙන්න ලින්ක් එක..

http://dineshumagiliya.blogspot.com/2011/03/blog-post_28.html

සුළඟිල්ල | pinkie said...

ලයික්..

හිස් අහස said...

පූජා ලියූ කවි අතරින් මම කැමතිම කවිය මේක ..මාර ලස්සනයි හිතට වදිනවා නියමෙට .

Dinesh said...

@ කල්හාර : කුරුල්ලා මතක ඇතුව පණිවිඩේ නම් කිව්වා අයියේ...

Dinesh said...

@ සුළගිල්ල : තැන්කු මලේ...

Ravi said...

ලස්සනයි, අපූරුයි,

Dinesh said...

ගොඩක් ස්තුතියි යාළුවා ඔයාගේ කමෙන්ට් එකට..

Dinesh said...

@ හිස් අහස : ඔව් සදරු මල්ලී.. එයාගේ කවි පොත මට ලැබුනේ එයා නැති උනාට පස්සේ.. මේ කවිය ලියන්න උනේ ඇත්තටම මම පරක්කු උන නිසාද කියලනම් මම දන්නෑ.. ඒත් මගේ හිතටත් මේ කවිය ඉස්සෙල්ලම කියවද්දී ගොඩක් හිතට දැනුනා..

මධුරංග said...

පරක්කු වෙලා හරි ඒවි. බය නැතුව හිටින් අයියා.

Dinesh said...

@ මධුරංග : මේ කවියේ මග බලන් ඉන්නේ මම නෙමෙයි යාළුවා..

Post a Comment