Blogger templates


Powered by Blogger.
RSS

නුඹ දුටු මොහොතෙ 2





අප්සරාවක් අහසින් අවුත්
මගේ දෙනෙත් අභියසට
පිල් විදහා රගදෙන 
මොණරියක් වාගෙයි
මහ වෑස්සේ තෙමි තෙමි.

හිත හොරෙන් දිව ගිහින්
නෑවතිලා ඈගෙ දෙනෙත් ලග
කතාකරනවා දෙනෙතේ ඈදි පෙම
කල්ප ගනනක පෑතු පෙමක්
ඉටු උනා සේ සිතට දෑනී.

කවුරුන්දෑයි නුඹ
නොහෑගුනත් මේ සිතට මට
දෑනෙනවා තදින්ම මගෙ හදට
නුඹ ඈයම බව,
සිහිනයක්ව රෑදුන මගේ ලොකයේ
අප්සරාව......

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

නුඹ දුටු මොහොතෙ




හිරු ගිලෙන්න
මොහොතකට පෙර
එක් දවසක
මතකයි මට
මහ වෑස්සක් ඈද වෑටුනා
හෑන්දෑවම අදුරු කර.

මද පවනේ හමායන
සීතල සුළන් රෑල්ලක පෑටලිලා
දෙසවන පිනායන
මුදු සිනහවක්
දෑවටුනා මගේ දෙසවනේ
පෑතිරී ගෙන යන
පාළුව බිද කරමින්.

සුන්දරයි, පවසන්නට උපමා
සොයාගන්නට බෑරි තරමටම
දගකාරයි, පුංචි ළමයින්
රංචුවක් විලසින
දුටුවේ  එදයි මම
නුඹ වන් අප්සරාවක්
මගෙ ලෝකේ
පලමු වතාවට......

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

මගෙ කවිය




හිත හුදෙකලා වෙලාවට
මුළු ලොවෙන්ම
වෙන්ව මම
හිතට නෑගෙන සිතිවිලි
කවියකට මුසු කරන
හෑමමොහොතකම
හෑම කවියකම
හෑම පද වෑලකම
ඔබේ මතකය සෑගවිලා
මටත් නොදෑනිම.

මගේ ආත්මයටම
ඔබේ මතකය එක් වෙලා අද
නුඹ දන්නේ නෑති උනාට
අපි දෙන්නගෙම හිත්
එකම හෑගුමින් වෙලෙන කොට
කෙලෙස ලියම්ද කවක්
නුඹේ සොදුරු මතකය
මුසු නොකර මම..

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

හීන අද්දර





හීන අද්දර හිනෑහෙන
හිතවතියේ නුඹට
අමතකව ඈත අද
මගේ සිහිනය නුඹම බව.

ඉස්සරනම් හෑමදාමත්
ඈවිදින් මගේ සිහින අතරට
සෑතපුව යහන්තල අද
පාළුයි නුඹ නෑතුව මගෙ ලග.

එන්නට හෑකිනම් ආයෙමත්
එනුමෑන මගෙ හීනයට එක් වතාවක්
ඈත මගේ යහන අදත්
නුඹ වෙනූවෙන් පාළු වී....

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

මගෙ හිත





මද සුළගේ හමායන
සුළං රෑල්ලක පෑටලිලා
මගේ හිතත්
දෑතින් ගිලිහුන
සරුංගලයක් වගේ
කවදා කොතෑනක
කෙලෙසක 
ඒවිදෝ යලිත්
මගේ ලගටම.

දෑතේ රෑදි නුල් පට
දිහා බලා සන්සුන්ව
කොහොම හිතන්නද මම
මගේ හිත ඉක්මනටම
මගෙ ලගට ඒවියි කියා
ඉතිරි නුල් පටින්
තවත් සරුංගලයක්
ගෑටගහගන්නවත්
බෑරි කොට......

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

අමාවක රෑයක





අමාවක රෑයක
සිහින ගිණිගත් විරාමයක
ආදරයේ මුලකුරු
අදුරේ අතරමන්ව
සෙව්වමුත්
මතක සාගරයේ
යලි දියබට ඈදෙන
රෑලි අතර
හමුවුයේ,
ඔබ මටද
මා ඔබටද
අහිමි වු
අන්දකාර 
මතකය පමනි..

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

නුඹට මතකද




දෙනතින් වෑටෙන
හෑම කදුළු බිදුවක්ම
ඔබේ නමින්ම වෙනකොට
කියන්න,
කෙලෙසද නුඹ
මුහුණ සගවාන ඉන්නේ
කිසිවක් නොදුටු ලෙසට.
දුක් කදුළක් නොම එන්නට
ආදරයෙන් පරිස්සම කරපු
ඔය හිත අද්දර
මගේ හිතත් තිබුන බව
මතකනම් අදත් නුඹට,
මෙලෙසම කදුළෑල් සෑලේවී
දෑනී මේ වේදනාවම
නුඹේ හිතටද.....

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

පරවුන මලක පෙති අග




පරවුන මලක
පෙති අග
ජීවිතය සරදමක්ව
ගිලිහෙන විටක,
ජීවිතයට ආදරය
කියාදුන් ඔබ
වෙනතක හිනෑහෙද්දී
මගේ ආත්මයම
දුක් ගින්නෙහි
දෑවෙන තරම්
ඔබේ හදවතට 
දෑනෙනවානම්......

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

කිම ලං උනෙ නුඹ මෙලෙස




හිරුඑළියෙන් වියෑකුන
පිණිබිදුවක් වගෙයි 
මේ ජීවිතය මට
වෙන් උනදා ඉදන්
ඔබේ මතකයෙන්
හෑමදාටම.
සද එළියක් වගෙ අව්දින්
සෙනෙහස කියාදී
මගේ හිතට
සුළන් රෑල්ලක් ලෙසින්
ඔබ දුර ඈදුනා
ඉතිරිකර කදුළක්
නුඹට පෙම්කල
මගේ හදවතේ.
යන්නටම සිතාගෙන
ඈයි ආවේ නුඹ
මෙලෙස මගේ මතකයට
දුරින් හිද නුඹ
හිනෑහුනානම්,
නෑ නේද
මෙලෙසින් වියෝවක්
අපි දෙන්නගෙම 
හදතුල....

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

නුඹ වෙනුවෙන් ලියු කව





නුඹ වෙනුවෙන් 
මම ලියූ කව
නුඹට නොපෙනෙන 
බොහෝ දුරක
සෑගවූයේ 
ආදරය නිම් නෑති නිසයි
මසිතේ තවමත්. 
ඔයා මේ කවි දෑක්කම
ආයෙත් අඩනවා
ඉස්සර වගෙම,
අමාරුවෙන් හදාගත්ත
ඔය හිත ආයෙත් බිදුනම
කියන්න
මම කොහොමද 
හිත හදාගෙන ඉන්නෙ
මං නිසා ඔය නෙත්
අයෙත් කදුළින්
තෙමන කොට......

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

සිනාසෙන්න නුඹ




කදුළෑලි සෑලෙන
හෑම මොහොතක
එ කදුළු පිසලන්න
ඔබ හිටියා මගේ ලගින්
ආදරයෙන් මා තුරුළු කරන්.

හෑමදාමත් සිනාසෙන්න
ඔබ පෑතු මගේ ලෝකයට
නුඹම කදුළක් උනා අද
නුඹටත් නොදෑනිම 
හදට රහසින්.

ඔබේ අතගෙන ආගන්තුකයෙකු
නික්ම යනසෑටි හෑමදාටම
බලා උනිමි මම සෑගව රහසින්
වසන් කරගෙන් වෑටෙන කදුළු
නුඹට නොපෙනෙන්නට.

ඔහුත් සමග ඔහුගෙ ලොවේ
ඔබ හිනෑහේනම් හෑමදාමත්
දිවිරම් ඔබෙ නමින් මම
නොසලන බවට එකදු කදුළක්
නුඹවෙනුවෙන් මින් මතුවට....

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

සදක් ඈවිදින්





සදක් ඈවිදින් මගේ ලොකෙට
දුරු කරවා හිතේ ඝණ අදුර
වළාවන් අතර සෑගව ආදරය කරන
තරුවක් වන්න ඈරයුම් කලා මට රහසින්ම.

ලොවම නිදන රෑ අන්දකාරයේ
නිදිවරිත මේ දෙනත් අද්දර
නුඹ මෑව් සිහින වරෙක සුන් උනා
දුර ඈදුන නිසා මම නුඹෙන් හෑමදාටම.

ඔබේ සතුටට ඉඩ තියා මම
සගවාගත්තත් මගේ ආදරය නුඹට හොරෙන්
හෑමදාමත් සද දිදුලන සුන්දර රාත්‍රියන්වල
වළාකුලකට සෑගවතවමත් නුඹට
ආදරේ කරනවා මම ඉස්සර වගේම...

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

කදුළක උණුසුම



කදුළක උණුසුම
හදවතට ලන් කරන්
ජීවිතයේ දුක්බරම 
විරාමයන්හිදී
නුඹේ ලගටවී
කදුළු සගවාගන්න
කොතරම් මගෙ හිත
පෙරුමි පිරුවත්
කෙලෙසද මම එන්නේ
නුඹේ තුරුලට
මගේ මතකය
අතීතයක්
වූ විට
නුඹෙ හිතට...

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

හිනෑහෙන්න තහනමිද





හිනෑහෙන්න තහනමිද
මට ආයේ කවදාවත්
කිම ලංකලේ කදුළු මෙතරම්
නිම කරන්නට බෑරි තරම්.

ජීවිතයම මගෙ නුඹයි සිතා
මුළු හදින්ම මා පෙම් කල නිසා
නුබෙ මතකයෙන් දින ගෙවෙන තුරා
මගෙ ලෝකෙම  ඈත මා තනිවෙලා.

කදුළක් නොදී කිසිදින ඔය නෙතට
සෙනෙහස  පිදූ නිසාමද අසීමිතව
දුන්නේ කදුළෑලි ගගුලක් නුඹ මට
හිනෑහෙන්න නොදී අවසර කිසිදිනෙක...

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

කදුළු අතීතයක




කදුළු අතීතයක
හෑමදාමත් ඈදුන
දුක්බරම පෙමි කතාවක
කදුළු පිසලන්න
නුඹ එක්වුනා
විසිරුණු සිහින
හදවතට ලන් කරන්.

නෑවුමි වූ සිහිනයක
සතපවා මගෙ හිත
නුඹ හිනෑහුනා 
මේ දෙනෙත් පාමුල
ලංකරන් ඔබෙ හිත
මගේ හිත අද්දරට.

නුඹ මෑවි ඒ හීනය
සොදුරුයි කවදත් මා හට
ඉන්න හිතයි හෑමදාමත්
සෑතපී ඔබෙ හින පාමුල
අවසරනමි රෑදෙන්නට
ඔය හිතේ හෑමදාටම...

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

අනුරාග නෙතු සලා





අනුරාග නෙතු සලා
සිහිනයක මා දමා
නුඹ ගිහින් නික්මිලා
තනිකමින් හිත වෙලා.

ඝණදුරු රෑයක මා
නුඹ නමින් සෑනසිලා
ඔය උපුල් නෙත් දිහා
බෑලිමි ආදරෙන් මත්වෙලා.

ඔබෙ නෙත් සරින් මා
අනන්තයක් වෙත පියබලා
පෑතු පෑතුම් හදවත පුරා
ඈදුනි සිත තුල නොමෑකෙන තුරා.

විදින්නට ජීවිතය සදා
නුබෙ සිහිනය හද දරා
හිදිමි අදත් මා මග බලා
මගේ ලොවට ඔබ එන තුරා....

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

විකසිත සිත



විකසිත සිත් මඩළ
පවසනා ආදරයෙන්
සැනහෙන මසිතට
සෙනෙහස නුඹයි
පෙම්වතියෙ හිතාදර.

එන්න ලගටම
හිනැහෙමින් හැමදාම
සුරකින්නමි මා නුඹව
හදපතුලෙ හැම මොහොතක
නොමදි කදුළක් ඔය නෙතට.

පාළුයි මගෙ සිහිනය
කිසිවෙකුත් නැහැ මගෙ ලොව
වෙනම් මගෙ දිවියම නුඹ
මියෙමි ඔබ නමින් දිනක මම
සත්තයි අප්සරාවෙ මගෙ ලොව...

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

හිරු ගිලෙන හෑන්දෑවක




හිරු ගිලෙන හෑන්දෑවක
ඔබත් එක්ක තනි වෙන්න
එනවාද සොදුර නුඹ
සදත් අරන් මේ සයුරු තෙරට.

ක්ශිතිජ රේකාවෙන් එහා
දේදුන්නක පාට අරන්
තනමුද අපේම ලොවක් අප
කිසිවෙකුත් නොඑන මානයක.

වෑහිළිහිණින් පියබයි මගෙන් දුර ඈතට
පවසමින් එන බව ඝණ අදුර හිස් අහසට
ඔබ කොහිද තවමත් හිතවතිය
නොම එන්නේද මගේ ලොවට අද දින.

හිරු ගිලෙයි වෙනදාටත් කලින් අද
තනිව මා වෙරළේ නුඹ නෑතිව
එන්න ඉක්මනින් නුඹ මා ලගටම
නොමදී අමාවක රෑයක් මගෙ ලොවට....

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

නිල් නෙතු




දෑස් අග සෑගවුන ආදරය
මම දෑක්කා දවසක් නුඹේ
වසන් කරන්නට බොහො වෙර දෑරූ
ඔබේ ඔය නිල් දෙනෙත් තුලින්.

කිවුවම මම ආදරේ කරන තරම්
නුඹේ ඔය ලස්සන දෙනෙත් වලට
මතකයි මට තවමත් නුඹ
දෙනෙත් සගව ගත්තා මගෙන් රහසින්.

ඒ තරමටම මා ආදරේ කරපු
නුඹේ ඔය දෙනෙත් මතට
කදුළක් එන්නට ඉඩ නොදී කිසිවිටෙක
මම පරිස්සම් කරගත්තා අපේ ආදරය හෑමදාටම.

බොහෝ කාලයක් ගෙවී ගිහින් අද
ජීවිතේ අනේක සෝ සුසුම් අතර
අදත් මම ආදරෙයි එදා මෙන්ම
ඔබේ ඔය ලස්සන දෙනෙත් වලට....

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

නුඹ සිහිනයකි මට




නුඹ සිහිනයකි මට
දෙනෙත් පියවෙන 
හෑම මොහොතක
මගේ ලොවටවි හිනෑහෙන.

ඔබ මවන රූ චායා
සුන්දරයි අසීමිතව
ඈහෑරෙන්නටවත් සිත් නොදෙන
මායාවක වසගකර.

සිතෙයි රෑදෙන්නට හෑමදාම
මේ හින අද්දරම
හෑකිනම් හිදින්නට නුඹට
සෑබෑවින්ම මගෙ ලොව.

පෑතුව පෑතුම් බොදවෙලා අද
නුඹ නික්මිලා මටත් නොදෑනිම
දුටු සිහිනයේ අතරමගකදීම
හෙට හිරු නෑගෙන්නටත් මත්තෙන්ම...

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

ඔබ එන්න





අසීමිත සෙනෙහසට
ආදරයක් වන්නට,
දුක හිතෙන හෑන්දෑවට
ඔබත් එක්ක කදුළු බෙදාගන්න,
ජීවිතය විදගන්න 
හෑමදාමත් ආදරෙන්,
ඔබ එන්න මගෙ ලොවට
වසන්තයත් අරගෙන...

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

අහසසේ නුඹ අනන්තයි




මේ ඉර හද යට මම
දුටුව එකම ආදරය
සෑගව තිබුනේ ඔය හිත තුලයි
නොසෑලී මා වෙත හෑමදාකම
ආවත් කොපමන දුක් සුසුම්.

මේ ලෝකේ නුඹ තරම්
කෙනෙක් නෑතුව ඈති
ආදරේ මට මෙතරම්
හෑම තෑනකම දුවන හිතක්
නුඹ ලගටම ගෙන රදවගත්තු.

නුඹ හෙළුවා ඈති දෑන් නුබෙ කදුළු
මා වෙනුවෙන් මෙතුවක් කල්
අවාසනාවට අහිමි උනත් නුඹ
දන්නවා අදත් මට නුඹ ආදරේ බව
අහසක් සේ අනන්තව...

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

නුඹ



සුළග නුඹයි
මගෙ ජීවිතයට 
ආදරය කෑන්දන් ආව,
සුවද නුඹයි
මගෙ ලෝකයම
පෙම් සුවදින් සුවදවත් කල,
සුරගන නුඹයි
මගෙ සිහිනය 
හෑමදාමත් එකළුකල,
පෙම්වතිය නුඹයි
මගේ ආදරය
හෑමදාටම පුදකල...

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

කෙලෙස පවසමිද මේ ආදරය



සිත සෑලෙයි මගේ
පවසනා වදනින් 
නුඹ මා ගෑන ආදරෙන්,
නෙතු සෑලෑයි මගේ
හෙලන එක
සෙනෙහෙබර බෑල්මකින්
මවෙතට රහසින්,
දෙසවන තුල රෑව්දෙයි
ආදරේ නාමය
නුඹ මට මුමුන්නා,

නමුදු,

වදන් ගොළුව 
ඈත මගෙ අද
පවසගත නොහෑකිව
මේ ආදරය නුඹට...

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

සුරන්ගනාවක්



සුරන්ගනාවක් ඈත අහසින් ඈවිදින්
දෑවටෙමින් මා වටා හුරු පුරුදු සුවදින්
ලන්වෙමින් මසිතට සිත පුරා සෙනෙහෙන්
අයදියි ලන්ව ඉන්නට හෑමදාමත් ආදරෙන්.

පෙර හුරු පුරුදු සුවදක සිත ඈදීයන
මන බදින ඔය සිනහව නෙත් පිනා යන
නිළුපුල් දෙනයනකි හදවත සතපවන
රුවෑත්තියෙ නුඹ කවුදෑයි කියනු මෑන.

මසිත එක් වරක් ආදරයෙන් දුක් විදි හන්දා
හදවත සෑලෙයි තවමත් ඒ දුක හදරන්දා
කෙලෙස පවසමිද මේ ආදරය නුඹට සදා
තවමත් ඈය මගෙ හද පතුලේ හිදින නිසා...

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS