ආච්චි අම්මාගෙන් ලැබුන බත් පතෙන් උදේට යාන්තමින් බඩ පුරවාගත් නදුනුත් පුන්ච් මල්ලිත් ආච්චි අම්මාට සමුදී කඩ වීදි දිගේ ඇවිදගෙන ආවේ කව්රුන් හෝ වැඩකට අඩගහාවියි සිතාගෙනය.. නදුන්ට කල හැකි වැඩක් තිබුන දාට මුදලාලිලා නදුන් අහන්නත් කලින්ම නදුන්ට කතා කලේය..
උදේ ඉදන් වැටෙන පොද වැස්ස තාමත් නතර වි නැත.. පුන්ච් වැස්සටත් උතුරා ගිය කාණු නිසාම පාර මඩ ගොහුරක් වී ඇත.. මල්ලිව ඔසවාගෙන කර මතින් තබා ගත් නදුන් මඩ උන පාර දිගේම පියවර මැන්නේය.. නදුන්ගෛ කරේ නැගී වීදි දිගේ ඇවිදන් යන්නට මල්ලි ගොඩාක් ආසය.. ඔහු සතුටින් සිනා සෙන හඩ නදුන්ට ඇසුනේය..
පොද වැස්ස ටිකින් ටික වැඩි වෙන්නට විය.. තවදුරටත් පාරේ යා නොහැකි වු තැන නදුන් බස් නැවතුමකට ගොඩ උනේය.. බස් නැවතුමේ නදුන්ට කිට්ටුවෙන් පාසල් යන ඔහුගේ වයසේ ළමයින් කීපදෙනෙකු රෑදි සිටියේය.. නදුන් ඔවුන් දෙස ඕනෑකමින් බලා සිටියේ ඉස්කෝලෙකට ගිහින් අකුරක් ඉගෙන ගන්නට නදුන්ගේ හිතේ තිබුන ආසාව නිසාමය..
“ මොනවද බලන් ඉන්නේ?” බස් නැවතුමේ උන් දඩබ්බර කොල්ලෙක් නදුන්ගෙන් විමසුවේය..
කිසිවක් නොකියාම බිම බලාගත් නදුන් ඔවුන්ගේන් මදක් ඈත්ව වැස්ස අඩුවනා තුරු බලා සිටියේය.. මොහොතකින් එතැන නැවතුන බස් රථකට ඔවුන් නගිද්දි නදුන් දෙස බලා ඔවුන් කොලොප්පමට මෙන් සිනාසුනේය.. නදුන් ඒ කිසිවක් නොදැක්කාක් මෙන් බිම බලා ගත්තේ හිතට තදින්ම දැනුන දුක නිසාය..
“ අපිත් දවසක ඉස්කෝලේ යනවද අයියේ?” නදුන්ගේ කර මතට වී හිදි මල්ලි එසේ අසද්දි නදුන්ට කිසිවක් කියා ගත නොහැකි විය..
“ ලගදිම මල්ලී.. ලගදිම..” නදුන් මල්ලීගේ හිත සැනසීය..
වැස්ස මදක් පහව යමින් තිබුන නිසා නදුන් බස් නැවතුමෙන් පිටත්වි යලිත් පිය නගන්නට වීය..
බස් නැවතුමේ හමුවූ ළමයින් නදුන්ගේ හිතට තදින්ම කාවැදුනේය.. තමනුත් ඒ වගේ පාසල් බෑගයක් අතින් අරගෙන පාසල් යන දිනයක් ඒවිදැයි නදුන් තනිවම සිතුවේය.. තමන්ට නොහැකි උනත් මල්ලිට හෝ අකුරු උගන්නන බව නදුන් නදුන්ටම පොරොන්දු විය..
“ නදුන් ”
නදුන්ට කවුරුන් හෝ මහා හඩින් අමතනු ඇසි නදුන් මදකට නතර විය.. වට පිට බැලු නදුන්ට ගාමිණි ඈතක සිට ඔහුට කතා කරනු දැක ගත හැකි විය.. නොදැක්කා සේ යනවාදැයි මොහොතකට සිතූ නදුන් පසුව ඔහු ලගට ආවේ ඔහු තනිවම සිටිනු දැකය..
“ ඇයි මට කතාකලේ ?” ගාමිණි ලගට ආ නදුන් විමසීය..
“ උඹට කරන්න පොඩි වැඩක් තියෙනවා..”
“ මොකද්ද ?”
“ මේ මහත්තයාගේ බඩු වගයක් බෝගහ ලගට ගිහින් දෙන්න ඕන.. ” ගාමිණි තරමක් නපුරු පෙනුමක් ඇති මිනිසෙකු පෙන්මවමින් පැවසීය..
“ ඇයි ගාමිණි අයියා ඕක කරන් නැත්තේ ?” කවදාවත්ම ගාමිණි නදුන්ට කිසිම වැඩක් පවරා නැති නිසා නදුන් සැකයෙන් මෙන් විමසීය..
“ උඹට ඒ පණ්ඩිත කම් ඕන නෑනේ.. මට වෙන වැඩක් තියෙනවා.. උඹ මේක කියන තැනට ගිහින් දියන්.. මහත්තයා උඹට හොදට සළකාවි.. ”
නදුන්ට ගාමිණිගේ වදන් අවිස්වාසය.. හම්බුවෙන කීය හරි ගාමිණි අරගන්නා බව නදුන්ට විස්වාසය.. ඒත් මේ වැඩේ මග ඇරියොත් ගාමිණිගෙන් පසුවට ගැටළු ඇතිවේයැයි නදුන්ගේ හිතට ආ බය නිසාම නදුන් ඊට අකමැත්තෙන් උවද කැමති විය..
26 comments:
නදුන් ලොකු අමාරුවක වැටෙන්න යන පාටයි. පව් අහිංසක නදුන්. මොනා කරන්නද දුබලයාටමයි හැම කරදරයක්ම.
කතාව ලස්සනයි. එත් දුක හිතෙනවනෙ...
ශුවර් එකට කුඩු පාර්සලයක් වෙන්න ඇති...පොලීසි නොගියොත් ඇති..
@ මධුරංග : ඒක ඇත්ත යාළුවා.. අපි බලමු නදුන්ට මොකද වෙන්නේ කියලා..
@ රත්ගමයා : මලයා එහෙමද හිතන්නේ?? බලමු ඊළග කොටසින්..
@ Starry Angel : ගොඩක් ස්තුතියි නංගි..
ම්ම්ම්...මමත් හිතන්න්නේ ඩ්‍රග්ස් වෙන්න ඇති කියලා..
පලවෙනි දෙකත් කියවන්න ඕනේ
නදුන් කොලුව නම් අමාරුවක වැටෙන්න යන පාටයි
@ බීටා : කලින් දෙකත් කියවගෙනම එන්න.. ඔව් නදුන්ට කරදරයක් වේවි...
@ නිම්ශා : ම්ම්ම්.. ඊළග කොටසින් දැනගමු...
හම්මේ.....ඊළඟට ෙමානව වෙය්ද.....
පාරසලේ තිවුනේ ගංජා ! මට හූනා කිවුවා වගේ කියන්න පුලුවන් ..
දැන් දිනේශ් අයියගේ කතාවල කලින් නොතිබ්බ අමුතු ජවයක් තියනවා ..දිගටම එහෙම යන්න
පාසල් යන දරුවන් නදුන් වගේ අයට යහපත් විදිහට සළකන්න ඉගෙන ගන්නෙ කවදද?
අවිශ්වාසය මැද වුණත් ගාමිණි වැන්නවුන්ගෙ අණසකට යටත් වීමට සිදුවෙන නදුන්ට ඊලඟට සිදුවෙන්නෙ මොනවද?
ඉක්මණට කියන්න. අපි බලාගෙන ඉන්නවා.
@ තටු සිදුන සමනළියක් : කතාව ගලා ආපු විදිහ ඊළගට වෙනස් වේවි..
@ හිස් අහස : අපි බලමු මොනවද ඒ පාර්සලේ තිබුනේ කියලා.. ගොඩක් ස්තුතියි සදරු මල්ලියේ..
@ නලිනි චන්දිමා : ඔව් අක්කේ පුන්ච් හිත් වල තමන් වගේම තවත් කෙනෙකුට ඒ විදිහට සලකන්න හිතෙන්නේ කොහොමද කියන එකනම් හිතා ගන්න බෑ.. හැම තැනම එහෙම නෑ.. ඒත් සමහරුන් එහෙමයි..
පාරවල් වල හැදෙන අනාත ළමයින්ට ගොඩක් වෙලාවට එයාලට වඩා වැඩිමල් අයගෙන් ප්‍රශ්ණ එනවා.. ඒ නිසාම එයාලා කියන දේ කරන්න පොඩි අය පෙළබෙනවා..
නදුන්ට ඊළඟට මොකක් වෙයිද? මට හිතෙන්නේ නදුන් ලොකු අමාරුවක වැටෙන්න යන පාටයි. අනේ පව් අහිංසක නදුන් :(
හිතට වැදෙන්න හරිම සංවේදීව වචන හසුරවල තියෙනවා.... :)
අයියෝ අසරණ කොල්ලා අමාරුවෙ වැටෙන්න යන්නෙ.
ඇත්තටම අද කාලේ වෙන දේවල් තමා ........
කියන්න වදන් නැහැ මලායා .......
ලියන්නකො මල්ලි ඉතිරි ටිකත් ඉක්මනට.
මැණික්
@ පිණිබිදු : ඔව් මටත් හිතෙන්නේ..
@ කොට ජීවිතේ : ඔව් අක්කේ.. ගොඩාක් ස්තුතියි කමෙන්ට් එකට..
@ මැණික් : ගොඩක් ස්තුතියි අක්කේ..
@ කල්හාර දිසානායක : ඔව් අයියේ.. අද මේ දේවල් සාමාන්‍ය දේවල් වෙලා..
අයියෝ....අසරණයා....තවත් අසරණ වෙන පොටක් ඕක.....
පොඩ්ඩා ලොකු අමාරුවක වැටෙයි වගේ..:(:(
Post a Comment