Blogger templates


Powered by Blogger.
RSS

ජීවිතේ දවසක් 7

        නදුන්ගේ කලබලයත් සමග පාරේ ඇවිද ගිය බොහෝ දෙනෙක්ගේ දැස් ඔවුන් වෙත යොමු විය.. ගාමිණිගේ මිතුරා කිසිවක් කර ගත නොහැකිව නදුන් මග හැරීමට බොහෝ උත්සාහ කලේය..

“ කියනවා කෝ මගේ මල්ලී..”  නදුන් දිගින් දිගටම අසන්නට විය..

“ තමුසෙට පිස්සුද? මම කොහොමද මල්ලී ගැන දන්නේ ?”  ඔහු අනිත් පුද්ගලයන් දෙස බලමින් විමසුවේය..

“ මොකද්ද දරුවෝ වෙලා තියෙන්නේ ?”  අසල සිටි තරමක් වයසක පුද්ගලයෙක් නදුගෙන් විමසුවේය..

“ මුං එකතුවෙලා මගේ මල්ලිව හොරකං කරලා..”  දෙනෙතින් උතුරා යන කදුළු සමගින් නදුන් අසල සිටි හැමොටම පැවසුවේය..

“ මේකට පිස්සු අංකල්.. මම දන්නේනෑ මෙයාගේ මල්ලී කොහේද කියලා..”

         නදුන්ගේ අතින් ඇද  වෙනතකට තල්ලූ කර  දැමු ඔහු එතැනින් නික්ම යන්නට සැරසුනේය.. හිතේ තිබුන කේන්තියත් ආවේගයත් දුකත් නිසාම  කඩයක් අසල තිබු  ලීයක් අතට ගත් නදුන් වැරෙන් පහරක් ඔහුට එල්ල කලේය.. නදුන්ගේ හිත සවිමත් උවද එතරම්ම සවිමත් නැති දැතෙන් වැදුන පහර ඔහුට එතරම්ම නොදැනුනද ඔහු කෑ ගසාගෙන බිම ඇද වැටුනේය..

        ඔවුන් අසල එක් වී සිටි සැවොම ඉන් කලබලයට පත් විය.. නදුන්ගේ දුකට වඩා ඔවුන් ඔහුගේ වේදනාව ගැන බැළුවේය.. මිනිසුන්ගේ අවදානය වෙනතක යොමු කරවා ගන්නට ඔහුද නැති වේදනාවක් පෙන්නුවේය..

“ මොකද්ද ඒ කරපු වැඩේ ?”

          හැමෝම නදුන්ට දොස් පවරන්නට විය.. හිතේ තිබුන ආවේගයට තමන් අතින් කුමක් සිදු උනේදැයි නදුන්ට සිතා ගන්නට නොහැකි විය.. තමන් අතින් ලොකු වරදක් උනායි නදුන් සිතුවේය.. ඔහුටත් නොදැනිම ඔහු අත තිබුන ලීය  අතින් ගිලිහුනේය..

      ගාමිණිගේ මිතුරා තවමත් බොරුවට බිම වැතිර  සිටියේය.. හැමදෙනෙක්ම ඔහු ගැන බැලුවා මිස සිදුවූයේ කුමක්දැයි වචනයක්වත් නොවිමසුවේය.. මේ අතර පුද්ගලයෙන් අසළ රාජකාරියේ සිටි පොලිස් නිලදාරියෙකු එතනට කැදවාගෙන ආවේය.. ඔහුව දුටු නදුන්ගේ හිතට බයක් දැනෙන්නට විය..

“ මොකද්ද මෙතන උනේ ?” පොලිස් නිලදාරියා විමසුවේය..

“ මේ කොල්ලා මේ මනුස්සයට පොල්ලෙන් ගැහුවා..”  අසල සිටි අයක් පැවසුවේය..

    නදුන් එතෙක් වේලා ඔහු සමග රණ්ඩු කලේ කුමකටදැයි අසල සිටි කිසිවෙකුවත් සෙව්වේ නැත.. ඔවුන් කලේ නදුන්ට අගිල්ල දික් කිරිම පමනක්ය.. ඉන් තවත් අසරණ වූ නදුන් සියල්ල පවසන්න උත්සාහ කලද ඉන් කිසිදු පලක් නොවීය..

       පොලිස් නිලදාරියා නදුන්වත් ගාමිණිගේ මිතුරාවත් පොලිසියට අරන් ගියේය.. මග දිගටම නදුන් මල්ලිව බෙරා දෙන්නයි ඉල්ලා සිටියද ඉන් ඒ කිසිවක් කිසිවෙකුත් මායිම් නොකලේය..

          පොලීසෙයේ බංකුව මත නදුන්ව වාඩි කරවූ ඔවුන් නදුන්ට තදින් අවවාද කලේය..

“ තව ටිකකින් ලොකු මහත්තයා ඒවි.. කියන්න තියෙන දෙයක් මහත්තයා ආවම කියන එකයි ඇත්තේ..”  පොලිස් නිලදාරියා පැවසුවේය..

“ ඒ වෙනකොට මගේ මල්ලිව මට කෙහෙන්වත් හොයාගන්න බැරි වේවි..”  නදුන් කෑ ගැසුවේය..

          පොලිසියට ආ නිසා ගාමිණිගේ මිතුරා මදක් කලබල වී සිටියේය.. එය ඔහුගේ මුහුණින් දැක ගන්නට ඕනැම කෙනෙකුට පුළුවන්ය.. ඒත් නදුන් කියනා කිසිවකට අහුම්කන් දෙන්නට එතැන කිසිවෙක් සුදානම් නැත.. බලා ඉන්නවා හැර තමන්ට කරන්නට වෙන කිසිම දෙයක් නැති බව නදුන්ට තේරුනේය..

“ මම ඉක්මනට එන්නම් මගෙ මල්ලියේ.. ඉක්මනින් එන්නම්..”  නදුන් මිමිණුවේය..


  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

22 comments:

ජනරඟ විජඉදු දේවසුරේන්ද්‍ර said...

කතාව වෙනස් කතාවක් නිසාම තමයි ඒකේ රසය වැඩිවෙන්නේ..ලස්සනයි යාළුවා

නලිනි චන්දිමා said...

අපේ පොලිසියෙන්නම් පිහිටක් බලාපොරොත්තු වෙන්න අමාරුයි. ඒත් බලමු මොකද වෙන්නෙ කියලා. ලොකු වරද කළ මිනිහා පැත්තක ඉද්දි අහිංසකයෙක්ගෙ පොඩි වරද ලොකු කර ගන්න එකනම් අපේ සමාජයෙ හැටිනෙ.

කිඩෝ said...

බලමු මොකක් වෙයිද කියලා... පොලීසිය ගැනනං මගෙත් විශ්වාසයක් නෑ...

Dinesh said...

@ ජනරග : ගොඩාක් ස්තුතියි යාළුවා.. කතාවේ හොද නරක දන්නේ කියවන ඔයාලම තමයි..

Dinesh said...

@ නලිනි චන්දිමා : ඔව් අක්කේ ඒක ඇත්ත.. අපේ සමාජය කොයි දේදිත් ඔහොම තමයි..

Dinesh said...

@ කිඩෝ : ඔව් මල්ලී.. නදුන්ගේ මල්ලිගෙ ඉරණම තිරනය වෙන්නේ පොලීසිය ගන්න තීරණ අනුව.. ඒගැන අපි ඊළග කොටසින් දැනගමු...

පිණිබිඳු... said...

කරදර පිට කරදර.

හිරණ්‍ය said...

බලමුකෝ...

Dinesh said...

@ හිරණ්‍ය : ඔව් යාළුවා හැම දේම හොදින් විසදෙන්න කියලා පතමු...

Dinesh said...

@ පිණිබිදු : ඒකනේ කියන්නේ.. හැම කරදරයක්ම අහිංසකයට තමයි..

මකුළු පැංචි said...

හපෝ...ඔය උගුලෙන් නං ලේසියෙන් ගැලවෙනවා බොරු..පව් දෙයියනේ අර අහිංසකයා... :((

මධුරංග said...

කොටසෙන් කොටස කතාව ගලාගෙන යන්නේ වෙනස්ම ආරකට. ඒ නිසා කියවනකන්ම මොනාද වෙන්නේ කියලා හිතාගන්න බෑ. ඒ උනාට කතාව ලස්සනයි. දුකයි.

ඉක්මනට ඉතුරු පොටසත් ලියන්න.

හංසි said...

නදුන්ට පොලීසියෙන් වත් මල්ලිව හොයාගන්න උදවුවක් ලැබුනොතින් හොඳයි...

සිතුවිලි නිහඬයි said...

අපොයි...අපේ සමාජේ ගැනයි පොලිසිය ගනයිනම් කියල වැඩක් නෑ.....

පන්සල් හංදිය said...

මාර සීන් එක තමා දැන් මොකද කරන්නෙ ......

රත්ගමයා said...

ඔන්න දැන් තමා කතාව ජරාවක් වෙන්නේ...ඈක්කා...පොලීසිය ගාව ගත්තේ ඇයි අයියේ මේකට...ජරා ගොඩක් පොලීසිය නම්..නදුන්ට අල්ලගෙන ගහවි ඕකුන්..එහෙම උන් නේ පොලීසියේ ඉන්නේ...පැමිනිල්ලට ගහන්නේ...

Dinesh said...

@ මකුළු පැංච් : ඔව් මොනවා වේවිද කියලා හිතන්න අපාරුයි...

Dinesh said...

@ හංසී : දැන් නදුන්ට තියෙන අන්තිම බලාපොරොත්තුවත් එකම තමයි..

Dinesh said...

@ මධුරංග : ගොඩක් ස්තුතියි මධුරංග.. මගෙ අනිත් කතාවලට වඩා වෙනසක් මම මේ කතාවට අර ගත්තා..

Dinesh said...

@ කල්හාර දිසානායක : අනිත් කොටසින් මොකද වෙන්නේ කියලා දැනගමු අයියේ..

Dinesh said...

@ සිතුවිලි නිහඩයි : ඔව් එකනම් ඇත්ත.. ඒත් හොද දෙයක් අපි බලාපොරොත්තු වෙමු..

Dinesh said...

@ රත්ගමයා : ඔව් මල්ලි කියන දේ හරි වෙන්න පුළුවන්.. ඒත් නදුන්ට උදව්වක් කරන්න්න වෙන කෙනෙක් නැ.. අපි හිතමු එතනින් නදුන්ට උදව්වක් ලැබෙයි කියලා..

Post a Comment