“ සුපුන් උඹේ ඔය රස්තියාදු වැඩ දැංවත් නවත්තපන් බං.. කැම්පස් කාලේ වගේ නෙමෙයි.. ඔහොම කෙල්ලොන්ට බලාපොරොත්තු දෙන්න එපා බං..”
“ හරි බං.. උඹ හැමදාම කියන්නේ ඔය ටිකනේ.. ඒ උනත් අන්තිමට උඹත් මාත් එක්ක ඇවිත් කෙල්ලගේ යාළුවෙක් එක්ක කතාවක් දාගෙන ඉන්නවා..”
“ ඔව් මම උඹත් එක්ක එන්නේ උඹ මට එන්න කියලා බල කරන නිසා..”
“ හරි හරි බං..”
“ දැන් උඹ අද කාවද මීට් වෙන්න යන්නේ ?”
“ කුශානි.. ආ.. නෑ.. කසුනි..”
“ බලපං උඹට කෙල්ලගේ නමත් මතක නෑ.. දවසක උඹ කෙල්ලොන්ගෙන් හොද කැමක් කනවා..”
“ හරි හරි.. දැං යමු.. මේ දමිත් ගෙදරින් ඇහුවොත් අපි උඹලගේ ගෙදර යනවා කියපං..”
සුපුන්ගේ තාත්තාගේ වත්පොහොසත් කම් නිසා සුපුන්ට ආදරයෙන් බැදුන කෙල්ලෝ ඔනෑ තරම්ය.. ඔවුන් බොහෝමයක් සුපුන්ගේ පවුලට හිතවත් මිතුරන්ගේ දියණියන්ය.. ඒ නිසාම සුපුන්ට ගෙදරින්වත් ඔහුගේ සබදකම් වලට කවුරුන්වත් අකමැති නොවුනේය..
ඒත් සුපුන් ඒ සබදකම් සියල්ලක්ම මිතුදමකට සීමා කලේය.. අනිත් හැම දෙනෙක්ම එය ආදරයක් යැයි සිතුවද සුපුන් කිසිම මොහොතක වචනයකින්වත් ඊට අනුබල නොදුන්නේය.. තාත්තාගේ සල්ලි නිසා හැම දෙනෙක්ම තමන් පසුපස එන බව සුපුන් තේරුම් අරගෙන සිටියේය..
“ සුපුන්.. ඔයාලා කොහේද යන්නේ.. මාත් එන්නද යන්න??”
“ ආ තරුශි.. මම මේ දමිත්ලගේ ගෙදර යන්නේ.. කැමතිනං යමු..”
“ නෑ එක්කෝ ඔයාලම යන්න..”
තරුශි දමිත්ට එතරම්ම අකමැති ඇයිදැයි සුපුන් නොදැන සිටියේය.. දමිත්ගේ දුප්පත් කම නිසා ඇය ඔහුට අකමැතියැයි කලින් සුපුන් හිතුවද එය ඊට වඩා වෙනස් කාරනාවක් බව සුපුන් පසුව තේරුම් ගත්තේය.. ඒත් සුපුන් ඒ ගැන එතරම් තැකීමක් නොකලේ දමිත් සිටිනා විට ඔහුට තරුශිගෙන් පහසුවෙන්ම ගැලවී සිටිය හැකි නිසාය..
“ මචං තරුශි මොකද මාත් එක්ක ඔච්චරම අප්සට් ?”
“ කවුද බං දන්නේ.. අපි යමු යන්න..”
“ අපි කොහේද යන්නේ කියපංකෝ ඉස්සෙල්ලා..”
“ බීච් එකට..”
සුපුන් වාහනයට නැගුනේය.. දමිත් මොහොතක් සුපුන් දෙස බලා සිටියේය..
“ ඇයි උඹ එන්නැද්ද යන්න..”
“ උඹ වාහනේ ගනිං.. මම ගේට්ටුව ඇරගෙන එන්නම්..”
“ උඹ නැගපං.. ගේට්ටුව ලග මිනිහෙක් ඉන්නේ ඕකටනේ..”
ඒත් දමිත් කිසිවක් නොකියාම ගේට්ටුව ලගට ගියේය.. දමිත් දුප්පතෙකු වූ නිසාම ඔහු සුපුන්ගේ නිවසේ තේ බීපු කෝප්පය පවා වැඩ කරන අයට සෝදන්නට නොතිබ්බේය.. සුපුන් කොතරම් කීවත් දමිත් ඒ කිසිවක් ගනන් නොගෙන සිටියේය.. ඒ ඔහුගේ හැටිය.. ඒ නිසාම දැන් සුපුන් උවද දමිත්ට කිසිවක් නොකර ඉන්නැයි බල කරන්නේද නැත..
දමිත් ගේට්ටුව අරින තුරු වාහනයට වී සුපුන් බලාගෙන සිටියේය.. ගේට්ටුව මදක් විවර කල දමිත් ගේට්ටුවෙන් පිටත සිටි කා සමග හෝ කතා කරනු දුටු සුපුන් පමා වී ඇති නිසාම දෙතුන් වරක් දමිත්ට කතාකලත් ඔහුට නොඇසුන නිසා වාහනයෙන් බැස ගේට්ටුව ලගට ආවේය..
“ මොකද බං කරන්නේ පරක්කු වෙනවා.. උඹ කාත් එක්කද කතා කරන්නේ ?”
දමිත්ගේ උරහිසට අත තබා ගත් සුපුන් ගේට්ටුවෙන් එබී බැළුවේය.. සුපුන්ගේ හිත මොහොතකට ගැස්සුනේය.. නිමාවක් නැතිව කතාකරනා කට මොහොතකට ගොලුවී ගියේය.. අහිංසකව බිම බලාගෙන හිදිනා සොදුරු යුවතියක් සුපුන්ගේ දෙනෙත් ඉදිරියේ සිටියේය..
24 comments:
ඔහෝ..
හදිසියෙන්
නෙත ගැටුනු
ඔය සොඳුරු
නෙත් සර
සිදුරු කළේහිද...!!
මහද මත
හැඟුම් සැඟවූ
තිරපට....
ආහා ජීවිතයටම කෙල වුන ලව් එකේ ආරම්භය.... ඉතුරුටිකත් ඉක්මනට දාමුකෝ....
මොකද මේ වෙන්න යන්නේ..හොදයි හොදයි ලියමුකෝ දිගටම බල්නන..අපිත් කියවනවනේ
සුපුන් හිතුවටත් වඩා සෙල්ලක්කාර චරිතයක් නේ. ඔන්න මම කියන්නේ බොරුද කියලා බලන්න. මේ කොල්ලට හොද කෙල්ලෙක්ගෙන් ඇන ගන්නවා. එහෙමත් නැත්නම් මේ කොල්ලට හොද කෙල්ලෙක්ගෙන් ආදරය ලැබිලා මේ සෙල්ලක්කාර ජීවිතයට සමු දෙනවා.
හ්ම්ම්ම්ම්....................... කෝ බං ඉතුරු කෑල්ල...අයියෝ ආයෙ එන ඉරිද තමයි කියවන්න වෙන්නේ මට......
@ මකුළු පැංච් :
හිත පාරවා යන
ඒ සිදුරු දෙනෙත
හද සිදුරු කලා සත්තයි
හදිසියෙන් හමුවී දෙනෙත් ලග
@ කිඩෝ : ඔව් ලව් ස්ටෝරිය තමයි දැන් ටිකින් ටික සුපුන්ට මතක් වෙන්නේ.. ජීවිතයට කෙල උනාද එහෙමත් නැත්නම් වෙනස් උනාද??
@ ජනරග : සුපුන්ගේ ජීවිතය වෙනස් වෙන හැටි අපි ඊළග කොටස් වලින් දැන ගමු..
@ මධුරංග : ඔව් අයියේ සුපුන් ටිකක් විතර සෙල්ලක්කාර චරිතයක් තමයි.. ගොඩක් වෙලාවට එහෙම අය හොද අවංක ආදරයක් ලග ජීවිතේ වෙනස් කර ගන්නවනේ.. හරියට මං වගේ.. :)
@ අපරාජිතයා : කොටස් තුනකට වඩා දාන්න තිබුනා මචං බ්ලොග් එක අප්සට් ගියේ නැත්නම්..
දිනේශ් අයියා..සෙල්ලක්කාර චරිතයක් වෙලා හිටියා...???? විස්වාස කරන්නත් අමාරුයි... :O
අප්පේ මමනම් මේ කතාවට අද තමයි එකතු වුනේ කොටස් තුනම බැලුවා හෙමීට කතාව
හොඳයි .. දැන් බ්ලොග් එක හරිද දිනේ අයියා .?
දිනේ අමනාප නොවේ කියා හිතමි ...මේ කතාව අර කලින් කතාව "ජීවිතේ දවසක්" එකට වැඩිය හොඳයි කතාව මාර ගති..
@ මකුළු පැංච් : ඔව් ඒ මීට ගොඩක් කාලෙකට කලින් ඒ කියන්නේ 2007 අවුරුද්දට කලියෙන්.. මටත් ඇත්තටම ඉස්සර මමත් දැන් මම ගැනත් සමහර වෙලාවට පුදුමයි..
@ හිස් අහස : දැන් බ්ලොග් එක හරි සදරු මල්ලි.. අපේ මල්ලි හොද වෙලාවට මට වඩා ඉගෙන ගත්තේ.. :)
අමනාප වෙන්න කිසිම හේතුවක් නෑ සහෝදරයා.. ඕනම දෙයක් ලියන්න.. මම මේ මං ගැනම ලොකුවට හිතලා කියනවා නෙමෙයි.. අපි ටිකින් ටික ලියද්දී තමයි අපේ අදහස් වචන වෙනදාට වඩා ලස්සන වෙන්නේ.. ඒක කාටත් පොදුයි.. ගොඩාක් ස්තුතියි මල්ලී..
මල්ලියා නියමෙට කතාව යනවා, බොලඳ කතාවක් නම් කරන්න එපා (ඒක මගේ පෞද්ගලික අදහසක්), තාත්තවිකව ගෙනියන්න බලන්න ...
ම්ම්ම්..දැන් තමයි hot start එක නේද.
කතාව ලස්සනට ගලාගෙන යනවා.
ඉක්මනට ඊලග කොටසත් දාන්න.
කතාව ලස්සනට ලියැවෙනවා මල්ලී. සුබ පැතුම්
මැණික්
හිමි හිමීට ආදරේ ගෙත්තම් කරගෙන යමූ...
එල එල
@ නිල් අහස : ඔව් අයියේ.. දැන් තමයි කතාව හරියටම පටන් ගන්නේ.. අනිත් කොටස ඉක්මනින් දෙන්නම්...
@ පන්සල් හංදිය : ගොඩාක් ස්තුතියි අයියේ..මේක අවසානයේ බොලද ආදර කතාවක් නොවෙන්න මම පොරොන්දු වෙන්නම්...
@ kiri : ඔව් යාළුවා.. මේ ආදරේ ගෙත්තම් වෙන විදිහත් අපි හෙමිට දැනගමු.. ගොඩක් ස්තුතියි මේ පැත්තට ගොඩ උනාට..
@ මැණික් : ගොඩක් ස්තුතියි අක්කේ හැමදාම වගේ දෙන සහයෝගයට..
^_^..ප්රිතී..ප්රීති,,
@ ප්රාර්ථනා : මොකද මෙච්චරම සතුටකින්...
Post a Comment