අසංග ජීවිතේ දැක්කේ බොහොම සරළ විදිහට.. අසංගගේ ලෝකේ එතරම් හීන තිබුනේ නැහැ.. ඒ බලාපොරොත්තු බිද වැටෙන එක අසංගගේ හිතට ලොකුවට බලපාන නිසා..
අසංගට ගෙදර හැමෝම ගොඩක් ආදරය කලා.. අසංගත් ඒ වගේමයි.. අසංග එයාගේ තාත්තාට ගොඩක් ආදරේ කලා.. ඒ එයාගේ තාත්තා පුන්ච් පවුල වෙනුවෙන් කැපකිරීම අසංග දැනගෙන හිටිය නිසා..
අසංග පාසල් ජීවිතයට සමු දෙනවත් එක්කම රක්ෂන ආයතනයක සේවයට බැදෙනවා.. අසංග මේ තරම් ඉක්මනින් රැකියාවක් කරනවට එයාගේ තාත්තා අක්මැති උනත් පුතාගේ ආසාවට හැමදාම වගේ ඉඩ දෙන්න තාත්තා තීරණය කරනවා..
අසංගගේ ජීවිතයට මේ වෙනතුරුත් පෙම්වතියක් හිටියෙ නැහැ.. එයාගේ යාළුවා මේ ගැන අහන කොට අසංගට තිබුනෙ දෙන්න එකම උත්තරයයි..
යාළුවොත් අසංගගේ ජීවිතය ගැන හොදින් දන්න නිසා අසංග එක්ක කවදාවත් වාද කරන්න ගියේ නැහැ.. අසංග ගියේ මිශ්‍ර පාසලකට.. අසංග පාසලේ දක්ශ කතිකයෙක් වගේම දක්ශ ක්‍රිඩකයෙක් උන නිසා අසංගට පෙම් කල ගහැනු ළමයි බොහොමයි.. අසංග ඒ හැමෝටමත් කිව්වේ කලින් උත්තරයමයි.. එත් අසංග දැනගෙන හිටියා එයාට ආදරේ කරන්න කෙනෙක් කවදා හරි මුන ගැහේවියි කියලා..
අසංග එයාගේ රැකියාව කලේ හිතේ ගොඩක් සතුටින්.. හැමදාම වගේ වැඩ ඉවරවෙලා යාළුවොත් එක්ක එන අසංගට දවසක් අහම්බෙන් වගේ පූජාව මුන ගැහෙනවා..
අසංග ඈත ඉදන් පූජා දිහා ගොඩක් වෙලා බලන් හිටියා.. පූජා හරිම ලස්සනයි.. ලස්සනටත් වඩා පූජා දැක්ක ගමන් අසංගට අනිත් අයගෙන් වෙනස් තැන්පත් බවක් පූජාගෙන් දැක්කා.. අසංගට ඈ කෙරේ ආදරක් ඈති වෙන්න ඒ තරම් වේලාවක් ගියෙ නැහැ.. දින දෙක තුනක්ම අසංගට පුරුදු විදිහටම පූජාව මුන ගැහුනා.. ඒත් අසංග පූජා දිහා දුරින් ඉදලා බලන් හිටියේ එයාට වෙන පෙම්වතෙක් ඉන්නවද කියල දැනගන්නත් හිතාගෙනමයි ..
අසංගගේ යාළුවන්ට මේ ගැන ඉව වැටෙන්න වැඩි දවසක් යන්නේ නැහැ..
අසංගගේ යාළුවෝ හැමදාමත් අසංගට කිව්වත් අසංග කිව්වේ " ඒ කෙල්ලට කොල්ලෙක් ඉන්නවද දන්නේ නැහැනේ.. ඉතින් කොහොමද ගිහින් කතා කරන්නේ "
4 comments:
ඇත්ත කතාවක් ද අයියේ...ලියල තියෙන විදිහෙන් එහෙම හිතෙනවා
ඔව් රත්ගමයෝ... ඇත්ත කතාවක්... දිගටම රැදෙන්නකෝ..
ඉක්මනට ලියන්න බලන්න ඉතුරු ටිකත්
බොහොම ස්තූතියි අයේශා අක්කේ...
Post a Comment