Blogger templates


Powered by Blogger.
RSS

ආදරයට ආදරෙයෙන් : තෙවැනි කොටස

                  යාළුවන්ගේ බල කිරීමට අසංග පුජා එක්ක කතා කරන්න හිතාගෙන පූජා ඉන්න තැනට ලන් වෙනවා.. අසංග ලගට එනු දුටු පූජා හරිම අහිංසක විදිහය අසංග එක්ක හිනා වෙනවා.. කතා කරන්න කියලා හිතාගෙන ආපු අසංග මුකුත්ම කියාගන්න බැරිව පූජා ලගට වෙලා ඉන්නවා.. ටික වෙලාවක් මෙහෙම හිටපු අසංග හෙමින් පූජාට යමක් කියන්න සැරසෙනවා..

                         අසංගට පළමු වතාවට කෙනෙක් එක්ක කතා කරද්දි දිව පැටලෙනවා වගේ දැනෙනවා..  ඒ අසංග ආදරේ කරන්න හිතාගෙන මේ වෙනකන් කවුරුත් එක්කවත් කතා කරලා නැති නිසයි..

                             අසංගගේ යාළුවෝ ඈතින් ඉදන් අසංගට විහිළු කරන්න පටන්ගන්නවා " අසංග උඹට කෙල්ලෙක් එක්ක තාම හරියට කතාකරන්නවත් බැහැනේ "

            පූජා යාළුවන්ගේ හඩට ආයෙත් අසංග දිහා බලලා ආයෙත් අහිංසක් විදිහට හිනා වෙලා බිම බලාගන්නවා..

                                  අසංග පූජා එක්ක කතාකරන්න නොයෙකුත් දේවල් කිව්වත් පූජා ඒ කිසි දේකට උත්තරයක් නොදී බස් රියක් එනතුරු මග බලාගෙන ඉන්නවා.. අසංගට පූජා කතා නොකරන එක ගැටලුවක් මුත් අසංග ඒ ගැන වැඩි දුර නොහිතන්නේ පළවෙනි වතාවට දැක්ක කෙනෙක් එක්ක කෙල්ලෙක් කොහොමත් කතා කරන්න අකමැති බව දන්න නිසයි..

                     අසංග කීප වරක් උත්සාහ කලත් ඒ එක වතාවකවත් පූජා අසංග දිහා බැලුවා හැරෙන්න එකම වචනයක් වත් කතා කරනු නොදුටු අසංගගේ යාළුවෝ ටික අසංග ලගට එනවා..

         "මොකද මචං කෙල්ල ගනන් උස්සනවද? " අසංගගේ යාළුවෙක් උස් හඩින් ඇසීය..

            " උඹ් ඔවා ගනන් ගන්න එපා බන්.. එයාට කොල්ලෙක් ඇති.. එකයි ඔච්චර ගනන් " යාළුවෙක් එහෙම කියනකොට අසංගටත් හිතුනා එහෙම දෙයක් වෙන්න ඇති කියලා..

            අසංග එතැනින් ඉවත් වෙන්න හදනවත් එක්කම පූජා අසංගගේ අතින් අල්ලලා නවත්වනවා.. ඒත් එක්කම දකින දෙයින් අසංගට මුළු ලෝකයම අමතක වෙනවා..

                 පූජා එයාගේ අත් දෙකෙන් මොනවාදෝ කියන්න හදන බව අසංග තේරුනා.. කියන දේ මොකද්ද කියල අසංගට හරි හැටි නොතේරුනත් අසංගගේ යාළුවෝ අතින් උන වැරැද්ද අසංගට හොදින් තේරුම් ගියා.. අසංගගේ දෑස් වලට කදුළු බිදු එන්න ඒ තරම වෙලාවක් ගියේ නැහැ..  

              කුමක් හෝ කිව් නමුත් ඈ විගසම ඊළග බස් එකේ නැගී එතැනින් නික්ම ගියේ අසංග දෙස ආයෙත් අහිංසක සිනාවක් පාමින්ය..

                අසංගගේ යාළුවන්ට උන වැරැද්ද තේරුනත් දැන් ප්‍රමාද වැඩියි.. අසංග කිසිවක් කතා නොකරම තම නිවෙස බලා පියනගනවා..



මතු සම්බන්දයි

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

3 comments:

රත්ගමයා said...

ආදරේ පටන් ගන්නේ ඔහොමයි නේ...අසන්ග දැන ගත්තම මොනව හිතේවිද කියලා බලමු ඊලගට

dishanrajapaksha said...

දිගටම ලියන්න, බලන් ඉන්නවා කියවන්න :)

සෙනරත් බණ්ඩාර (සිංහල පද්‍ය රටා.....) said...

අංග සම්පූරණ මිනිස්සුන්ට තමන් අංග සම්පූර්ණයි කියලා හිතුවට තමන්ගේ අසම්පූර්ණ තැන් බොහොමයි වගේම යම් අඩු පාඩුවක් ඇතිව ඉපදෙන අය වෙලාවකට අනෙක් අයට වඩා අංගසම්පූර්ණයි - ඒ අයටත් සාමාන්‍ය අයගේ හැගීම් ඒ විදිහටම ඊටත වඩා පිලිවෙලට දැනෙනවා ඇති
ලස්සන තෙමාවක් කියලා හිතුනා
බලමු ඊ ලග එපිසෝඩය ...
ජය

Post a Comment