Blogger templates


Powered by Blogger.
RSS

නිදහස



අවුරුදු සියයක් අපෙ ජාතිය වැනසූ
සිංහල දේශය විකුණූ පර සුද්දෝ
සහමුලින් එලවා මවුබිම රැකපූ
වීර දිනය අදයි අප නිදහස ලබපූ.

සිංහ ධජය ඔස වන්නට ඉපදුන රටේ
සටන් වැදි පුතුන් අපගේ ඉතිහාසේ
සුද්දට ලියා දුන් ලියවිලි පිටිපස්සේ
තිබු නපුරට එරෙහිව යුධ වැදුනේ.

පුරන් අප්පු කැප්පෙටිපොළ නිළමෙ වරුන්
රට වෙනුවෙන් යුධ වැදි මහ සෙනෙවිවරුන්
ගිණි අවියෙන් උදුරාගෙන ජීවිතයෙන්
පාගන්නට හැදුවා උන් සිංහලයන්.

සිංහල දමිල කුල මල පසෙක හැර එදා
සිහල ජාතිය වෙනුවෙන් අරගල කල නිසා
අපේ ශක්තියට බය උන  පර සුද්දා
ගිණි අවි අකුලගෙන අපෙ මවුබිම අතැර ගියා.

නිදහසේ අහසේ ලෙලදෙන ධජය දිහා
අභිමානයෙන් බලන හැම මොහොතක් පාසා
සිහි කරමු අපෙ විරුවන් ලෙයින් එදා
මවුබිම වෙනුවෙන් කල යුතුකම සදා....

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

6 comments:

Blog Walk on Dew said...

Thumbs up!

Dinesh said...

thanks bro...........

රත්ගමයා said...

ඇත්තතම අපිට නිදහස ලැබුනයින් පස්සේ ලැබිච්ච දෙයක් නෑ නේ අයියේ........මාර ගැම්මක් එනවා හැබැයි පද පේලි වලින් නම්.........ජය!!!!

Dinesh said...

ඔව් රත්ගමයෝ එකනම් ඇත්ත.. නමුත් අපි කාටවත් යටත් නැති නිවහල් ජාතියක්නේ මල්ලියේ...

මකුළුවා..... said...

සහෝදරයා...කවි ටික නම් ටොප් ක්ලාස්.නියම ගැම්මක් එනවා....හැබැයි අපි ඇත්තටම නිදහස් වෙලාද?ඒක තමා මගේ ප්‍රශ්නේ....කොහොම වුනත් නිර්මාණෙ නම් එළකිරි....

Dinesh said...

මකුළුවා.. බොහොම ස්තුතියි ප්‍රතිචාරයට..... ඇත්තටම අපි ලෝකය ඉදිරියේනම් නිදහස්... ඒත් ඔය සුද්දන්ගේ ඇගිලි ගැහීම් නම් ඉවරයක් නැහැ තමයි... උන් හිතන් ඉන්නේ අපි තාම උන් යටතේ ඉන්නේ කියලා... පහුගිය කාලේ උනේම ඔකනේ...

Post a Comment