සිත් අහස මගෙ නුඹ වී නම්
සද එළිය වී මම පායා එන්නම්
ආදරේ සුවද නුඹ හදවතට ගෙනෙයිනම්
සෙනෙහෙන් සැමදා නුඹ ලගම ඉන්නම්.
අහස් ගැබ තරු පායා දිලෙයිනම්
සුළග වී වළාරොද වෙනතක යවන්නම්
නුඹ මගේම වී ලගින් හිදියිනම්
සුසුම් රැල් හදවතින් මකන්නම්.
සිහින අතර නුඹ මගෙ මාලිගා තනයිනම්
දෑස් පියාගෙන මම ඒ හීනයේ රැදෙන්නම්
නෙතු අග කඳුළක් වී නුඹ සැලේනම්
බොදවූ සිහින හදවතින් මකන්නම්.
2 comments:
ලස්සනයි අයියා
@ නිම්ශා : ස්තුතියි නංගියො.........
Post a Comment