පිණි බිදුව වී ඇවිදින් ඇහැරෙන නෙතු ලග ඉන්න හිතුනා
රෝස කැකුළ වී රත්පැහැ ඔය දෙතොල සරසන්න හිතුනා
සුළන් රැල්ල වි මැදියම ඔබ ලග දැවටෙන්න හිතුනා
සිහින නිම්නෙක ඔබ සොයාගෙන එන්න මට හිතුනා.
කුරුළු ගීතය වී වනමැද ඔබ සවනේ ඇසෙන්න හිතුනා
නෙළුම් මලක් වී විල්තෙර ඔය දෑතේ රැදෙන්න හිතුනා
පුළුන් රොදක් වී අහසට නුඹ ලගට පාවෙන්න හිතුනා
සමනල් පියාපත් සලමින් මගෙ කුසුම සොයා එන්න හිතුනා.
බණ පදය වී බැතිබර ඔය හිතේ පාරමී පුරන්න හිතුනා
පන්හිද වී නුඹ ලියන කවිය මට වෙන්න හිතුනා
හසරැල්ල වී මුවගට ඔබෙ මතකයෙ ඉන්න හිතුනා
නුඹේ ලග සිහින මාළිගා තනන්න මට හිතුනා.
තරු එළිය වී දිදුළන සදට තනි රකින්න හිතුනා
සයුරු රළ වී දෙපයට සිසිලස ගෙන එන්න හිතුනා
හිරු කිරණ වී අළුයම නුඹට උණුසුම වෙන්න හිතුනා
දෙව්දුවක් වගේ නුඹට ආදරේ කරන්න මට හිතුනා.
පොද වැස්ස වී පොලොවට ඔබෙ කම්මුල් සිප ගන්න හිතුනා
සප්ත ස්වරය වී වීණාවට දෑගිලි අතර නුඹෙ වැයෙන්න හිතුනා
පහන් සිළුව වී හදවතට සෙනෙහසින් නුඹ ලග ඉන්න හිතුනා
මගේ ආදර නුඹ සොයාගෙන සිහිනයෙන් මට එන්න හිතුනා
4 comments:
මේක නම් මාරයි මචෝ...!!
මේක නම් නියමයි අයියා...මම මේක බුක් මාර්ක් එකක් දාගත්තා හොදේ....මාර රොමෑන්ටික්
හිතෙන හැමදෙයම කරන්න පුලුවන් නම් !!!!!
@ සෝරෝ : බොහොම ස්තුතියි අයියේ....
@ රත්ගමයා : එල කිරි මල්ලියේ.... උබේ හිතට සෙට් නම් මට සතුටුයි ඒ ගැන...
@ සොඳුරු සිත : ඔව් අක්කේ සමහර දේවල් නම් කරන්න අමාරුයි.... එත් ආදරේ කරද්දී ඔවා බලන්නේ නැහැනේ... බොහොම ස්තුතියි කමෙන්ට් එකට..
Post a Comment