Blogger templates


Powered by Blogger.
RSS

ආදරයට ආදරයෙන් : හත්වෙනි කොටස

            අසංගත් පූජාත් අතර කෙමෙන් කෙමෙන් මිත්‍රත්වයක් ඇතිවෙමින් තිබුනේ ශෙහාරාගෙන් ලැබුන උදව් නිසාවෙනි.. අසංග හා පූජා ඉන් පසුවත් දින කිහිපයක්ම මුන ගැසුන අතර අසංගට දැන් පූජා පවසන දේ ශෙහාරාගේ උදව් නැතිව තෙරුම් ගැනීමටද පුළුවන.. 

         යහළුවන් සමගද සුපුරුදු බස් නැවතුමේ හමුවූ අසංග බොහොදේ කතා කලත් තවමත් ඇයට අසංගගේ ආදරය ගැන එකදු වදනක් හෝ පවසා තිබුනේද නැත..

           " උඹ ඕක කවද්ද පූජාට කියන්නේ? " අසංගගේ යාළුවෝ අසංගගෙන් විමසූ වාර අනන්තයි..

            ඒත් අසංගට ඒ ගැන කිසිම පිළිතුරක් නොවුනේ අසංගගේ සිත දෙගිඩියාවෙන් වූ නිසාය.. ඒ ඇයිදැයි අසන ශෙහාරාටද කෙලින් පිළිතුරක් නොදුන්නේය..

            අසංග පූජාට ආදරේ කලත් ඒ තමන් ගැන අනුකම්පාව්ක් නිසා ඇතිවූවක් ලෙස පූජා සිතාවියැයි අසංග කල්පනා කලේය.. ඒත් අසංගට තව දුරටත් ආදරය හිතේ තදකරගෙන සිටීමද නොහැකිවිය.. 

          දිනක් අසංග පූජාට බෙල්ලන්විල පන්සල් යාමට ආරාධනා කලේ එහිදී පූජාට හිතේ තියෙන දේ කීමටත් සිතා ගෙනය.. 

             සුපුරුදු පරිදි නොයෙකුත් දේ කතා කරමින් සිටි අසංග ආදරය එක් මාතෘකාවක් කර ගත්තේ ඒ තුලින් පූජාට හිතේ තියෙන දේ කියන්න හිතාගෙනය..

         පූජාගේ අතින් අල්ලාගත් අසංග හිතේ තිබුන දේ මෙසේ විස්තර කලේය..

        " මම මුල්ම දවසේ ඔයා එක්ක කතා කරන්න ආවේ මගේ හිතේ ඔයා ගැන ආදරයක් ඇතිඋන නිසා.. මගේ ජීවිතේ ඉස්සෙල්ලම ආදරයක් ඇති කලේ ඔයා.. මට ඔයාට මේ ජීවිතේ ගොඩක් දේවල් දෙන්න විදිහක් නැහැ.. ඒත් මට ජීවිතේ පුරාවටම ඔයාට ආදරේ දෙන්න පුළුවන්.. මම හදවතින්ම ඔයාට ආදරෙයි.. " 

         කිසිවක් අදහා ගත නොහැකි ලෙස බලාසිටි පූජාගේ මුහුණ ක්‍රමයෙන් වෙනස් වන බවක් අසංගට පෙනුනි.. පූජාගේ දෑසේ කදුළු පිරුන අතරම අසංගගේ දෑතින් අත ඉවතට ගත් පූජා අසංගට කිසිවක් නොකියාම එතැනින් නික්මී ගියේය..

       ආපසු එන අතර මගදීද කිසිවක් නොපැවසූ පූජා අසංගට වෙනදා වගේම සමුදී ඇගේ නිවෙසට පිටත් වී ගියාය.. 

      අසංගගේ හිතට නොයෙකුත් සිතිවිලි ගලා එන්නට විය.. 

        " ඇයි පූජා මුකුත්ම නොකියා ගියේ? " අසංගගේ හිත අසංගගෙන්ම ප්‍රශ්ණ කරන්න පටන් ගත්තා.. 

     "පූජා මට ආදරේ කරන්නේ නැතුවද? ඒත් ඇයි එයා අකමැතියි කියලවත් නොකිව්වේ? " අසංගගේ හිත අසංගටම ප්‍රශ්ණ පත්තරයක් වන්නට පටන් ගත්තේය..

      ශෙහාරා මුන ගැසුන අසංග මේ සියල්ලක්ම ඇයට විස්තර කලේය..

           "එයා ඔයා ගැන කැමැත්තකින් හිටියා කියල මම හිතුවේ.. ඒත් ඇයි මෙහෙම දෙයක් උනේ?" කිසිවක් සිතා ගත නොහැකිව ශෙහාරා අසංගට පැවසුවාය..

         පූජා හමුවී මේ ගැන කතා කිරීමට ශෙහාරා පොරොන්දු වීමෙන් පසුව අසංග ශෙහාරාට සමු දුනි..


මතු සම්බන්දයි..

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

3 comments:

A Quote world of Dilu! said...

අද තමයි පලමු වතාවට කියවන්න ලැබු‍නේ....‍හොද ආරමිබයක්..දිගු ගමනකට සුභ පැතුමි!

රත්ගමයා said...

උත්තරේ මොකක් වේවිද?

හිස් අහස said...

අදයි මේ බ්ලොග් එකට ආවේ නියමයි නියමයි ...මේ කතාව බලන්න මම ආයෙත් එනවා .. ලස්සන කතාවක් .

Post a Comment