Blogger templates


Powered by Blogger.
RSS

ඇය



කදුළු බිදු උගසට
තබන ගැහැණිය ඇයයි
ජීවන බර කරට ගෙන
පැටවුන් ජීවත් කරවන්නිය ඇයයි.

ලොවේ නොයෙකුත් ගැරහුමි
ලබන්නියද ඇයයි
වැදුම් පිදුම් නොඅඩුව ලබන
සරස්වතියද ඇයයි.

ගමේ ගොයමේ
කෙත නෙළුවේද ඇයයි
ලෝකයට නොබියව
රට කරවන්නේද ඇයමයි.

රට රැකුමට පෙරට
සහය උනෙත්  ඇයමයි
ආදරයේ උල්පත
ලොවට බෙදන්නෙත් ඇයමයි..

ජීවිත ගඟ ලග
කදුළු සැලුවෙත් ඇයයි
සතුටු සිනා මුවලග
රදවන්නෙත් ඇයමයි.

ලොවට පණ නල
දෙවන ජීවයද ඇයයි
ජීවිතය ලස්සන කරන
දෙවඟනද ඇයයි....

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

3 comments:

තිස්ස දොඩන්ගොඩ said...

මට ඈව සිහිවුණි...
නෙතඟ කඳුලු බිඳු රැඳුණි...
නිර්මාණයෙහි දස්කම පසක් වුණි...
ජයවේවා...

A Quote world of Dilu! said...

harima apuru nirmanayak,,,jaya pathami obata!

Dinesh said...

බොහොම ස්තුතියි තිස්ස අයියේ...

දිලු අක්කේ බොහොම ස්තුතියි....

Post a Comment