Blogger templates


Powered by Blogger.
RSS

නුඹ නොකියාම ගිහින්




නුඹ නොකියාම ගිහින්
සිනහව මගෙන් උදුරන්
මට සෙනෙහස පෑව සිතින්
මට වෛර නොකරනු ඉතින්.

නුඹේ සිනා මට අහිමිනම්
අහිතක් නැහැ මම ඉවසන්නම්
නුඹේ සෙනෙහෙන් ඉනූ කඳුළැල්
ලොවට හොරා සගවාගන්නම්.

දුර ඈතක නුඹ වෙන්වී
සුළග වී යයි නම් ඈතට පාවී
හැරී බලනු මොහොතකට නැවතී
නුඹේ සිතත් සුළගට එක්කර එවමී.

කවිය වෙලා පදවැලේ එතේනම්
නුඹෙ මතකය කවි නොකර ඉන්නම්
සිහින ගෙත්තම වී නුඹ හිදීනම්
සිහිනයට මම අවසානය තබන්නම්...

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

5 comments:

ayesha said...

සිහිනයකට අවසානයක් තබන්නට හකිද යාළුවේ?

Dinesh said...

හීනෙන්වත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි....

sayuru said...

nice :)

මැණික්(සුළඟ) said...

"කවිය වෙලා පදවැලේ එතේනම්
නුඹෙ මතකය කවි නොකර ඉන්නම්"
ලස්සනයි.
මැණික්(සුළඟ)

Dinesh said...

ස්තුතියි සයුරු සහ සුළගට.........

Post a Comment