හෙඩින් එක දැකලා කට්ටිය කලබල උනාද මන්දා.. සමුගන්නවා කිවුවට මේ බ්ලොග් එක නතර කරලාම දානවා නෙමෙයි.. ටික කාලෙකට පොඩි විරාමයක්.. කොටින්ම කියනවානම් සැප්තැම්බරය වෙනකම් විතරයි..
මෙන්න මේකයි හේතුව.. අගහරුවාදා මම මගේ නිවාඩුවට ලංකාවට යන්නයි හිතාගෙන ඉන්නේ.. ඉතින් ඒ ටික දවසට තමයි මේ පොඩි විරාමයක් මගේ සිහිනයට තියන්න මම හිතුවේ.. මොකද ගෙදර අය වෙඩින් එකට ලෑස්ති වෙන හින්දා ( නෑ නෑ මගේ නෙමෙයි අපේ අක්කගේ ) ඉතින් ගියාට පස්සේ බ්ලොග් එකට ගොඩ වෙන්නවත් ඉඩක් නොලැබෙන්න පුළුවන්..
හරියටම අවුරුදු 3කට පස්සේ තමයි ලංකාවට යන්නේ.. ඉතින් ලංකාවෙ ඉන්න ටික කාලෙට කරන්න වැඩ කෝටියයි.. ඔක්කොටම වඩා ඉතින් අළුත් නෑයෝ අදුන ගන්නත් තියෙනවනේ.. ඉත්න් මේ ටික කාලෙදි යාළු ඔයාලගේ බ්ලොග් එකට ගොඩ වෙන්නවත් වෙලාවක් ලැබෙයිද කියන්න බෑ.. ඉතින් ඒකට මාත් එක්ක කවුරුවත් අමනාප වෙන්න එපා..
සැප්තැබරයේ මුලම ආයෙත් සිහින අරගෙන වෙනදා වගේම එනවා කියන පොරොන්දුව අනිවාර්යෙන්ම දෙනවා..
මේ ටිකේ හරියට නින්ද යන්නේත් නෑ.. අගහරුවාදා වෙනකම් ඉවසිල්ලක් නැතුව ඉන්නේ.. පිණිබිදු අක්කගේ කෑම වට්ටෝරු වගයකුත් මම ලියා ගත්තා අපේ අක්කට කියලා හදාගන්න.. ගිහින් ඇවිත් ඒවයේ හොද නරක කියන්නම්..
තව පොඩ්ඩෙන් අමතක වෙනවා.. මධුරංග අයියා විස්වාස කරලා අල්ලපු ගෙදරින් හොරකම් කරපු මල් අතු ටික දැන් හොදටම වේලිලා.. සතියක් තිස්සේ මල් අතු ටික තියාගෙන බලන් හිටියා ඒක හිටවන විදිහ දානකම්.. සදුදා දවසත් බලලා ඒ ටික කොහේ හරි දුරක කුණු බක්කියකට විසිකරගෙනම යන්න තමයි වෙන්නේ..
34 comments:
මගෙන් සුබ පැතුම් දිනේශ්.....
වෙනරටක තට්ට තනියම ජීවත් වෙලා ලංකාවට එන්න හදද්දී දැනෙන හැඟීම් ගැන මමත් දන්නවනෙ...
පරිස්සමට ගිහින් සතුටෙන් ඉදලා පරිස්සමට එන්න. සිහින් ගොඩාක් අරන්. ගෙදර අය මග බලාගෙන ඇති. බයවෙන්න එපා. අඟහරුවාදාට තව එක දවසයි.....
පරිස්සමින් ඇවිත් යන්න අයියා බුදු සරනයි..ආපෝ මදුරංග අයියාව විශ්වාස කරල මල් ගෙනාව නිසාද කොහෙද ඒක කුණු බක්කියට දාන්න වෙලා තියෙන්නෙ
අර මල් අතු ටික නම් මුල් ඇදලත් ඇති. ඒ ටික පොලවේ හිටෙව්වනම් හරි. ඔය මධුරංගයා කවදා ඔය ලිපිය ලියයි ද මන්දා.ඕකා ඔහොම්මමයි විස්වාසයක් තියන්න පුලුවන් එකෙක් නෙමෙයි.
එහෙනම් මල්ලි පොඩි විරාමය අරගෙන එන්නකෝ. කතා ගොඩක් සෙට් වේවි ඒ කාලය ඇතුලත. අන්න එහෙම කතා ටිකක් ලියන්න ගමු !!!!
මල්ලිට සුබ ගමන් !!!!! අක්කට සුබ මංගලම් !!!
පරිස්සමින් ලංකාවට ගොඩ බහින්නකෝ.
මැණික්
සුබ පැතුම් මල්ලියා ලංකාවට ආවාම පුලුවන් උනොත් හම්බ වෙලා කතා කරමු, අඩු තරමේ කෝල් එකකින්වත් ........
ලංකාවට ආවත් ඉතින් ඉඩක් ලැබුනොත් මේ පැත්තෙ ඇවිත් යන්න. එහෙනම් සුභ නිවාඩුවක් කිව්ව. ආයෙත් සිහිනය දකින්න අපි බලාගෙන ඉන්නම්.
හොද වැඩේ මදුරන්ගයගෙ ක්‍රම පලෝ කරනවට.... ගුටි නොකා බේරුනා ඇති
පරිස්සමින් එන්න දිනේෂ්. හුඟක් සතුටු ඇති. කෑම ටික හදලා රස ගුණ මට කියන්නකො එහෙනම්. හැබැයි වැරදුනොත් ඔන්න මම නම් නෑ හොඳේ...
පරිස්සමින් ඇවිත් යන්න... see you soon.... අක්කට අපි සුභ පැතුවා කියන්න.....
මට හිතා ගන්න පුලුවන් මල්ලී..ඔයාගේ හිතේ තියෙන සතුට.
ඔයා වගේම ගෙදර අයත්... ඔයාව දකින්න නොයිවසිල්ලෙන් ඇති.
කොහොම හරි File එක උඩට ආවා නේද..එහෙනම්.
මස්සිනාගෙන් මුද්දකුත් ලැබෙනව නේ.D
පරිස්සමෙන් ගිහින් එන්න මල්ලී.
ආදරනීය නිවාඩුවක් ගත කරන්න ලැබෙන්න කියලා පතනවා.
ඔන්න එහෙනම් අයියට සුභ ගමන්
ඔයාගේ අක්කට සිභ මංගලම් :)
හරි මචං සුභ ගමන්... පරිස්සමෙං වරකෝ...
පරිස්සමින් ඇවිත් යන්න. සුභ ගමන්.
@ කඩේ හාමිනේ : ගොඩක් ස්තුතියි නංගී.. ඔව් එක නේන්නම්.. ඒත් ඉතින් මොනවා කරන්නද?
@ දිල් : ඔව් අක්කේ තව හෝරා කීපයයි... ගොඩක් ස්තුතියි අක්කේ.. ඔව් අනිවාර්යෙන්ම සිහින ගොඩක් අරගෙන එනවා...
@ මැණික් : ගොඩක් ස්තුතියි අක්කේ....
@ මධුරංග : ගොඩක් ස්තුතියි මධුරංග අයියේ.. මම නැතත් කමක්නෑ.. අනිත් අයට හරි මල් ටික හිටවන හැටි කියලා දෙන්න..
@ Kasun : ඔව් මල්ලී ඉඩ ලැබුන වෙලාවක බ්ලොග් එක පැත්තේ ගොඩ වෙන්න තමයි හිතාගෙන ඉන්නේ.. ගොඩක් ස්තුතියි...
@ පොඩි මෑන් : ඒකනේ කියන්නේ.. මේවා අපිට හොද පාඩම්..
@ පන්සල් හංදිය : අයියගේ ජංගමේ අංකේ මම සේව් කර ගත්තා.. මම කෝල් එකක් දෙන්නම්...
@ පිණිබිදු : ගුරුවරයාට වැරදුනොත් වගකීම බාර ගන්න බාර ගන්න බෑලු.. කමක් නෑ.. වරදින එකක් නැතු වේවි..
@ තාරා : හොදමයි අක්කේ.. මම ඔයාලගේ සුභ පැතුමත් අරගෙන යන්නම්..
පරිස්සමින් ගිහින් එන්න අයියණ්ඩී.... අනේ..,මටත් ගෙදර යන්න ඇත්නම්... :(
@ නිල් අහස : ගොඩක් ස්තුතියි අයියේ.. ඔව් ඔව් මුද්දක් ලැබේවි.. ඇගිල්ලේ ඇට කඩලා මම ඇගිල්ලත් ටිකක් මහත් කර ගත්තා :D
File ගැන මතක් කරන්න එපා.. කොහොම හරි එක යට ගහන්නම ඕන..
@ බීටා : ගොඩාක් ස්තුතියි මලියේ...
@ නලිනි චන්දිමා : ගොඩාක් ස්තුතියි අක්කේ...
@ කිඩෝ : හරි මචං.. මම ආපු ගමන් ආයෙත් සිහිනය අරගෙන එන්නම්...
@ මකුළු පැංචි : ගොඩක් ස්තුතියි නගෝ.. ඈයි ඔයාලට තාම නිවාඩු නැද්ද?? මේ අර කතාව මම එනකම් දාන්න එපා හොදේ..
වෙල්කම් ශ්‍රී ලංකා කිව්වා අයියේ එහෙනම්........
අඩේ......ලංකාවට එනවලු...මරු නේ...අපි සෙට් මෙමු...
මං ඔයාගෙ බ්ලොග් එක ඔක්කොම නිදහසේ කියෙව්වා. ප්‍රමාදයට සමාවෙන්න. ඇත්තටම මට කඳුළු ආවා දිනේෂ්. පූජා වාසනාවන්තයි ඔයාගේ ආදරෙත් අරන් යන්න තරම්. යන්න අමාරු ගමනක් තමන්ට ගොඩක් ආදරේ කරන පපුවකට තුරුල් වෙලා යන කොට වේදනාව අඩුයි. ඔයා ඒ සැනසිල්ල ඔයාගේ පූජාට දුන්න එක ගැන සතුටු වෙන්න. "ආසයි මම නුඹ ලඟට වී ඉන්න" හිතට ලං වුනා ගොඩක්. මට හිතා ගන්න බෑ දිනේෂ් ඔයාගේ හිත ගැන. මං නම් මෙලහට මැරෙයි. හිතට ඕන වුන වෙලාවට එයාගෙ ලඟට දුවගෙන ගිහින් ඒ ආදරේ විඳගන්න බැරි නම්.. ඒත් පූජාගෙ ආදරේ, එයාගෙ හිත හැමදාම ඔයා ලඟ. ඒ නිසා ඒ හිතට දුකක් නොවෙන්න ඔයා හැමදාමත් සතුටින් ඉන්න උත්සහ කරන්න. ආදරේ කියන්නේ උපදින දෙයක් මිස මැරෙන දෙයක් නෙමෙයි. ඔයා ඒ ආදරේ ජීවත් කරවන්න හැමදාටම. ඔයත් ලස්සන හැන්දෑවල් වලට ගොඩක් කැමති ඈත් වෙලා ගිය මතකයන් ඒ වෙලාවට වැඩිපුර අපි ලග ගැවසෙන නිසා වෙන්න ඇති.
ඇගේ කවි පොතට ගොඩක් පිං
ඈ සමඟ නොගිහින්
නුඹ වෙනුවෙන් ඉතිරි වුනාට
ඇගේ ආදරය නුඹ ලඟට ගෙන එන්න හැමදාම...
පරිස්සමින් ගිහින් ඉක්මනට එන්න දිනේෂ් සැප්තැම්බරයේදි එන මගේ උපන් දිනේට.
එහෙනම් තිස්තුන්කෝටියක් දෙවිදේවතාවුන්ගේ පිහිටෙන් ආරක්‍ෂාවෙන්..! එන්න ..
ලංකාවට ආවට මොකද කෝල් එකක්වත් නැත්තෙ .......
දැන් අයියා ලංකාවෙද ඉන්නේ. එහෙනම් හොඳට සතුටු වෙලා ඇවිත් ආයෙත් ලියන්න පටන් ගන්නකෝ,..
Post a Comment