Blogger templates


Powered by Blogger.
RSS

සිහිනයේ රැදි වසරක්


                   කාලයත් එක්ක නොදැනීම සිහින අතරම ගලා ගිය අවුරුද්දක්.. මගේ ජීවිතය වෙනස් කරපු අවුරුද්දක්.. මම සිහින බ්ලොග් එක ලියන්න පටන් අරන් අවුරුද්දක් ගත උනේ පහු උන අගෝස්තු මාසයට.. ඉතින් මාසේ මට බ්ලොග් එක ලියන්න බැරි උන නිසයි අවුරුද්දේ උපන්දිනේ ගැන අද මෙහෙම ලියන්නේ..

            මම බ්ලොග්ස් ගැන නොදැන මුහුණු පොතේ ඉදල හිටලා කවියක් ලියාගෙන ඉද්දි තමයි අපේ මල්ලි මට කිව්වේ මේ බ්ලොග්ස් ගැන.. මට වඩා අපේ මල්ලි මේ බ්ලොග්කරණය ගැන දැනන් හිටියා.. දවස් වල මිනිහටත් බ්ලොග් එකක් තිබුනාසිත් මල් යායකියලා.. ඒක ලියපු පුබුදුවාව සමහරුනම් දන්නවා ඇති.. ඉතින් පුබුදුවා තමයි මටත් මගේම කියලා බ්ලොග් එකක් පටන් ගන්න අදහස ඔළුවට දැම්මේ.. ඉතින් නිසා මගේ පළවෙනි ස්තූතිය යන්න ඕන පුබුදුවාට.. මොකද අදටත් මගේ බ්ලොග් එකේ අවුළක් උනගමන් ඒක හදලා දෙන්න මහන්සි වෙන්නේ මල්ලි නිසා.. මම ලංකාවේ ඉද්දී මේ දැන් තියෙන පෙනුමට බ්ලොග් එක ඔක්කොම වෙනස් කලේ මිනිහා තමයි..
  
                    හැමදාම සිහිනයට ගොඩ වෙලා මම ලියන දේවල් බලන, කමෙන්ට් එකක් දාන ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.. නම් වශයෙන් ලියනවනම් ගොඩාක් ලියන්න පුළුවන්.. ඒත් එක්කෙනෙක්ගේ හරි නමක් මග ඇරුනොත් කියන බය නිසා මම හැමෝටම ගොඩාක් ස්තූතියි කියලා විතරක් කියන්නම්..  අපි බ්ලොග් ලියන හැම කෙනෙක්ගෙම ශක්තිය අපි ලියන දේවල් කියවන අය කියල මම ගොඩාක් විශ්වාස කරනවා.. නිසා මේ අවුරුද්දක කාලේ පුරාවටම මාත් එක්ක එකතු උන හැම දෙනෙක්ටම ගොඩක් ස්තූතියි..

                     ගෙවුන අවුරුද්ද ගැන නිහතමානීව සතුටු වෙන ගමන් අඩුපාඩු හැම දෙයක්ම හදාගෙන පුළුවන් තරම් කාලයක් සිහින ඔයලා අතරට අරන් එන එක මගේ එකම පැතුම.. මගේ මේ සිහින අතර ජීවත් වෙන මගේ ආදරය මේ අකුරු අතරින් මැවිලා මාත් එක්ක හිනාවෙන එක දකින තරම් සතුටක් මට වෙන නෑ.. මගේ මේ සිහිනය ඔයා වෙනුවෙන්.. ඔයා වෙනුවෙන්ම විතරමයි..

           “ වර්ණ - ජීවිතයට පාට සොයනා සිත්තරෙක්මගේ හිතේ දැනට ලියවෙන අළුත්ම කතාව.. කතාවත් ඔයාලා හැමෝම එක්ක ලගදීම බෙදාගන්නම් කියන පොරොන්දුවත් එක්කම මගේ සිහිනය දකින්න හැමදාමත් ඔයාලා ඒවියි කියන පුන්චිම පුන්චි බලාපොරොත්තුව හිතේ තියාගෙන ආයෙමත් වතාවක් ඔය හැම කෙනෙක්ට ගොඩාක් ස්තුතියි කියල කියන්නම්..


  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

41 comments:

දිල් said...

මගෙන් සුබ පැතුම් !

ඉදිරියේදීත් මෙවැනිම ලිපි වලින් අපිව හොයගෙන එන්න...දිරිය...ශක්තිය..
අවුරුද්දක් කියන්නෙ ලොකු කාලයක්...එහෙම නේද ?

හිම හංසි said...

මගෙනුත් සුභ පෑතුම් අය්යෙ.

හිරණ්‍ය said...

සුබ පැතුම් යාළුවා, දිගටම ලියමු.

පිසාචයා said...

එල එල.....තව තවත් ලියන්න දිරිය, ශක්තිය ලැබේවා

ප්‍රාර්ථනා said...

සුභ පැතුම් අයියා,, දිගටම අපි ඉන්නවා අයියා එක්ක..අ

නදී said...

සුබ පැතුම් මගෙනුත්!!!

ඔයාගෙ බ්ලොග් බැක්ග්‍රවුන්ඩ් එක ගොඩක් ලස්සනයි ඇහැට ප්‍රියයි.

Dinesh said...

@ හිම හංසී : ගොඩාක් ස්තුතියි නංගී..

Dinesh said...

@ දිල් : ඔව් අක්කේ අවුරුද්දක් කියන්නේ ගොඩාක් ලොකු කාලයක්.. ගොඩාක් ස්තුතියි අක්කට හැමදාම මට දුන්න සහයෝගයට..

Dinesh said...

@ පිසාචයා : ගොඩාක් ස්තුතියි පිසාචයා..

Dinesh said...

@ හිරණ්‍ය : හැමදාමත් මේ දෙන දිරි ගැන්වීම මට ගොඩාක් වටිනවා යාළුවා..

Dinesh said...

@ ප්‍රාර්ථනා : ගොඩක් ස්තුතියි නංගී.. ඉදිරියටත් මේ වගේම එකතු වෙන්න..

Dinesh said...

@ නදී : මේ බැක්ග්‍රවුන්ඩ් එක සිලෙක්ට් කලේ අපේ මලයා තමයි.. ගොඩක් ස්තුතියි සුභ පැතුම් එක්කලාට..

ආගන්තුකයා said...

ගොඩක් අත්දැකීම් තියන කෙනෙක් වගේ.. අපි නම් අලුත් නේ.. බොහොම ස්තුතියි ඒ පැත්තට ඇවිත් ගියාට.. :) මේ බ්ලොග් එකට ගොඩවෙන්නම් නිවාඩු පැඩුවේ. කියවන්න ගොඩක් දේවල් තියනවා නේ..

හිස් අහස said...

සුබ පැතුම් මචං අපිත් එනවා කතාව බලන්න

Kasun said...

හලේ මම දැන් නෙ මේක දැක්කෙ අයියෙ. පරක්කු වුනාට මොකද සුභ පතන්න පුලුවන් නෙ. :) මම මුලින්ම දැක්කෙ පූජා අක්ක ලියපු කවියක්. ඒ මම බ්ලොග් ලියන්න ගොඩක් කාලෙකට කලින්. පස්සෙ බ්ලොග් ලියන්න ගත්තට පස්සෙ අයියගෙ කවියක් දැකල මේ පැත්තට ආවෙ. එදා ඉඳල අද වෙනකල් ඉතින් හැමදාම මේ පැත්තට එනව.

දිනේශ් අයිය කියන්නෙ සුන්දර හදවතක් තියන මනුස්සයෙක්. ඒ සුන්දර කම බ්ලොග් එකෙත් ඒ විදියටම තියනව. ඉතින් මම සුභ පතනවා දිනේශ් අයියටත් දිනේශ් අයියගෙ 'සිහිනය' ටත්. තව තවත් හොඳින් ලියන්න හැකියාව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව.

Dinesh said...

@ ආගන්තුකයා : එච්චරම අත්දැකීම් නෑ යාළුවා.. සාදරයෙන් පිළිගන්නවා සිහිනයට..

Dinesh said...

@ හිස් අහස : ඉක්මනින් කතාව පටන් ගන්නම් සදරු.. මට ඊට කලින් ලියන්න ලිපි කීපයක් තියෙනවා.. ඊට පස්සේ දාන්නම්..

Dinesh said...

@ kasun : ඔව් කසුන් මල්ලි මේ බ්ලොග් එක මගේ විතරක්ම නෙමෙයි.. මේ සිහිනය අතුලේ පුජාගේ සිහිනත් තියෙනවා.. මම මේ බ්ලොග් එක පටන් ගත්තෙත් එයා නිසාමයි.. ගොඩක් ස්තුතියි මල්ලි සුභ පැතුමට..

පුබුදු said...

අඩේ මෙන්න මම ගැනත් කියලා...හෙහ් හෙහ්..ඇත්තටම මට දුකයි මගේ බ්ලොග් එක නැති වුන එක ගැන.ඒත් ඉතින් තියන වස කම්මැලි කමට මොනවා කරන්නද?

සහෝ ඔයාව බ්ලොග් ලෝකෙට අරන් ආපු එක ගැන මම සතුටු වෙනවා.මොකද දැන් ඔයාගේ කථා ආසාවෙන් කියවන කට්ටියක් ඉන්නවනේ..හරි සතුටුයි.

හරී මගේ බයිලා අවසානයි ඉස්සරහටත් මේ වගේ ලස්සණ නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා......!

මධුරංග said...

ඔන්න පරක්කු වෙලා හරි මමත් මල්ලිට සුබ පැතුවා !!!!
දිගටම බ්ලොග් කලාවේ රැදී හිටින්න වරම් ලැබෙන්න කියලා පතනවා.

ප.ලි. - මල්ලිගේ බ්ලොග් එකේ ලින්ක් එක දාන්න පුළුවන් නම් හොදයි.

Dinesh said...

@ පුබුදු : මලයා ගැන නොකියා කොහොමද.. කියන්න තියෙන දේවල් මෙතන නොලිව්වත් අපේ සහෝදර කම හැමදාටම මෙහෙමමයිනේ..

Dinesh said...

@ මධුරංග : ගොඩක් ස්තූතියි මධුරංග අයියේ.. අයියා හැමදාම සහෝදරයෙක් වගේ මට උදව් කල කෙනෙක්නේ..
මල්ලී දැන් බ්ලොග් එක ලියන්නේ නෑ අයියේ.. වැඩ නිසා.. කලින් තිබුන එක දැන් වහලා..

Gimhani said...

ඔන්න මගෙනුත් සුභ පැතුම්!!!!

පිණිබිඳු... said...

හදවතින්ම සුභ පැතුම් දිනේශ්.

සිතුවිලි නිහඬයි said...

ඔන්න ලේට් විශස් තමයි මගෙන්.....අයියගේ බ්ලොග් එක කියවන්න ආවේ අහම්බෙන්....ඊට පස්සේ එක හුස්මට මුළු බ්ලොග් එකම කියෙවුව...එදා ඉඳන් අනිවාර්යෙන් කියවන බ්ලොග් එකක් තමයි මේක.....සුභ පැතුම් අයියේ...අවුරුද්දක් නෙමේ ලියන්න පුළුවන් තරම් කාලයක් ලියන්න...අපි එනවා කියවන්න....

(පොඩි දෙයක්...අකුරු තව චුට්ටක් බෝල්ට් කරන්නකෝ.....මගේ ඇස් පෙනීම දුර්වලයි.ස්පෙක්ස් නැති උනාම කියවන්න අමාරුයි අයියා.....)

මැණික් said...

මගෙනුත් සුභ පැතුම් මල්ලී
මැණික්

ශානු said...

හැපි බර්ත් ඩේ එකක් වේවා දිනේෂ් අයියාගේ බ්ලොග් එකට

sanjaya සිතුවිලි said...

උපන් දිනයට සුබ පැතුම් ... ජයවේවා ..

Dinesh said...

@ Gimhani : ගොඩක් ස්තුතියි ගිම්හානි ඔයාගේ සුභ පැතුමට...

Dinesh said...

@ පිණිබිදු : හැමදාම සිහිනයට එකතුවෙන පිණිබිදු අක්කටත් ගොඩක් ස්තුතියි..

Dinesh said...

@ සිතුවිලි නිහඩයි : ගොඩක් ස්තූතියි නංගී.. මම ලියන කතා වැඩියෙන්ම කියවන කෙනෙක්නේ ඔයා.. ලගදිම තවත් කතාවක් පටන් ගන්නවා.. ඒකත් කියවන්න එන්න..

Dinesh said...

@ මැණික් : ගොඩක් ස්තුතියි අක්කේ හැමදාමත් මාත් එක්ක එකතු වෙනවට.. මගේ ජීවිතේ සමහර දේවල් වලට අක්කා දෙන උපදෙස් මට ගොඩක් වටිනවා..

Dinesh said...

@ sanjaya සිතුවිලි : ගොඩක් ස්තුතියි යාළුවා..

Dinesh said...

@ ශානු : අද තමයි නංගිගේ නම මම මගේ බ්ලොග් එකේ දැක්කේ.. ගොඩක් ස්තුතියි සුභ පැතුමට වගේම සිහිනයත් එක්ක එකතු උනාට..

අම්බලම said...

සිහින බලන්න අවේ අදමයි. උපන් දිනේට මගෙනුත් සුබ පැතුම්.

Dinesh said...

@ අම්බලම : ගොඩක් ස්තුතියි යාළුවා..

කැමීලියා said...

සුභපැතුම් දිනේෂ්.. ඔයාගෙයි පූජාගෙයි හීන ඔයාගේ සිහිනයෙන් අපිත් දකිනවා විඳිනවා.. අපි හැමදාම ඉන්නවා.

ශානු said...

@දිනේෂ් අයියා : ගොඩාක් වෙලාවට දැන් බ්ලොග් බලන්නේ ෆෝන් එකෙන් ඒ නිසා කමෙන්ට් කරන්න අමාරු නිසා බලලා විතරක් යනවා අයියේ

මාධව - மாதவ - Madhawa said...

මචං උඹේ කතා ටික මට මාරට දැනුනා! ඇත්තටම මට ගොඩක් සංවේදී කතා ටිකක් මේ බ්ලොග් එකේ තියනවා! මටත් ගොඩක් සමීපයි කියලා හිතෙනවා බං! ඒ ගැන කියලා වැඩක් නෑ! මං හැමදාම මේ පැත්තේ අනිවාම එනවා! උඹ දිගටම ලියපං! සුභ පැතුම් මචං!

Dinesh said...

@ මාධව : ගොඩක් ස්තූතියි යාළුවා...

Dinesh said...

@ ශානු : ඒකට කමක් නෑ නංගී.. පුළුවන් වෙලාවක් ඇවිත් කමෙන්ට් එකක් දාලා යන්න..

Post a Comment