Blogger templates


Powered by Blogger.
RSS

තරු ඇස් දහසක් 7

              සුපුන් තාරකා සොයා හැම උදැසනකම දමිත් හා පිටව ගියේය.. මොහොතක දෙකක කතාබහ උවද සුපුන්ගේ හිතට ගෙනාවේ සොදුරු මතකයක්ය.. තාරකා උවද සුපුන් දිනපතා හමුවීමට කැමැත්තෙන් සිටියාය.. මෙලෙස කොතරම් කාලයක් ගෙවී ගියාදැයි සුපුන් දැන නොසිටියේය..

සුපුන් අපි තව කොච්චර දවසක් මේ වැඩේ කරනවද ?”

මොන වැඩේද බං ?”

මේ හැමදාම උදේ පාන්දරින් යන එක.. අපේ ගෙදර හිතාගෙන ඉන්නේ මම රස්සාවකට යනවා කියලා..”

තාම ටික දවසයිනේ දමිත් අපි හම්බුනේ..”

හොද ටික දවස.. දැන් උඹ සති තුනක් මාවත් ඇදගෙන ආවා තාරකා බලන්න.. කෙල්ල දැන් වෙනදට වඩා උඹත් එක්ක කතා කරන එකේ උඹ හිතේ තියෙන දේ කෙලින්ම කියපන්..”

අනේ මන්දා දමිත්.. මට තවත් මේ ආදරේ හිතේ හංගන් ඉන්න බෑ.. ඒත් මගේ හිතට අමුතු බයක් දැනෙනවා මචං..”

උඹලගේ තාත්තා නිසාද ?”

ඔව් ඒකත් එක හේතුවක් තමයි.. ඒත් මම තාරකා මුන ගැහෙන්න කලින් ගත කරපු ජීවිතය කවදා හරි අපිට ප්‍රශ්ණයක් වෙයි කියලා මට හිතෙනවා මචං..”

ඒත් උඹ දැන් හැමදෙයක්ම අමතක කරලනේ ඉන්නේ..”

ඔව්  ඒක ඇත්ත දමිත්..  ඒත්..”

උඹ ගැන තරම් හිතන්න එපා මචං.. උඹ මේ හැමදෙයක්ම තාරකා එක්ක කියපන්.. මොකද තරුශිගෙන් උනත් මේවා දැනගන්න පුළුවන්නේ..”

               කිසිවක් නොකියූ සුපුන් තනිවම කල්පනා කරන්නට වූවේය.. ගෙවුන ටික කාලයට ඇත්තෙන්ම සුපුන්ගේ ජීවිතය බොහෝ සේ වෙනස් වී ඇත.. කලින් තිබු හිතුවක්කාර ගති පැවතුම් අද සුපුන් ලගින් ඈත් වී හමාරය.. වෙනදා කෙල්ලන්ගේ ඇමතුම් වලින් නිමක් නොවුන දුරකතනය අද ක්‍රියා විරහිත කර පැත්තකට වීසී කර දමාය.. තාරකාගේ ආදරය නිස සුපුන්ගේ ජීවිතය හරි මගට වැටුනත් ආදරය සුපුන්ගේන් ඈත් උනොත් ආයෙත් සුපුන්ගේ ජීවිතය කලින් තිබුන තැනම නවතීවියි දමිත්ගේ හිතේ බයක් තිබුනේය..

සුපුන් අපි මේ හැමදෙයක්ම හොදින් විසදුනා කියමු.. උඹ තාත්තා ගැන මොකද හිතන්නේ ?”

මම ගැන හිතන්නේ නෑ මචං.. තාරකා මගේ ආදරය පිළිගන්නවනම් මම අනිත් හැමදේකටම මුණ දෙන්න ලෑස්තියි..”

            සුපුන්ගේ දෙනෙතේ වෙනදාට වඩා දීප්තියක් තිබුනේය.. අළුත් බලාපොරොත්තුවක් දැස් වල හොදින්ම ඇදී තිබුනේය..

තාරකා දන්නවද උඹ එයාට කැමැත්තෙන් ඉන්නේ කියලා ?”

මම තාම එහෙම දෙයක් කියලා නෑ දමිත්.. ඒත් ඇස් වල මං ගැන හැගීමක් තියෙන බව මට තේරෙනවා මචං..”

උඹ හිතින් වේදනා විද විද ඉන්නේ නැතුව තාරකාගෙන් මේ ගැන කෙලින්ම අහපන්කෝ..”

        සුපුන් කිසිවක් පවසන්නට කලින් තරුශි ඔවුන් සිටි කාමරයට අනාරාධිතව පැමිණියාය..

ඔයත් කොයි වෙලේත් මෙහෙමයි නේ දමිත් ?”

ඉතින් ඔයත් එහෙමයිනේ.. මම මෙහේ එන හැම වෙලාවකම ඔයත් ඇවිත්..”

             තරුශිගේ මුහුණ කේන්තියෙන් රතුවිය.. ඉන් එහා දමිත් හා වචනයක් කතා නොකල ඇය සුපුන්ට ලං උනාය.. 



අද උදේ මම දැක්කා ඔයාගේ කාර් එක අපේ ගේ ලගින් යනවා..”

අද උදේ.. .. ඔව්.. මේ දමිත්ට ජොබ් එකක් බලන්න ගියා..”

එයා දැන් ජොබ් බලන්න යන්නෙත් කාර් වලද ? ඔයා වගේ යළුවෝ ඉන්නකම් මෙයාලටත් හොදයි ඕන දෙයක් කර ගන්න පුළුවන්නේ..”

              තරුශි ඇගේ සීමාව ඉක්මවා යමින් කතා කලද දමිත් වචනයක්වත් නොකීවේය.. තරුශිගේ නොහික්මුන කතා දමිත්ට හොදින් හුරු පුරුදු බැවින්ය..

දැන් මොකටද මාව හොයාගෙන අවේ ?”

              සුපුන් වෙනදාට වඩා නිවුන කට හඩකින් ඇයට කතා කලේය.. වෙනදාට කේන්තියෙන් ඇයට බැන වදින සුපුන් අද කිසිවක්ම නොකීම දමිත්  පුදුමයට පත් කලේය..

අද සැවෝයි එකේ හොද ෆිල්ම් එකක් තියෙනවා.. මම ටිකට් දෙකක් අරගෙන ආවේ.. ඔයා ඉක්මනට ලෑස්ති වෙන්න අපි යමු..”

ඇයි දමිත්ට ටිකට් එකක් නැද්ද ? දමිත්ටත් එක්ක ටිකට් එකක් ගන්නවනම් මම එන්නම්.. නැතත් අපි තව ටිකකින් වෙන ගමනක් යන්න ඉන්නේ..”

මට ඔයත් එක්ක ටිකක් තනියම කතා කරන්න ඕන සුපුන්..”

මට එන්න වෙලාවක් නෑ තරුශී.. යාළුවෙක් අපි එනකම් මග බලාගෙන ඉන්නවා.. අපි යමු නේද දමිත් තව පරක්කු නොවී..”

            තරුශිව කමරයේ තනි කල සුපුන්, දමිත් හා කාමරයෙන් පිට උනේ ඇයට සිනා සෙමින්ය.. ඔවුන් නොපෙනි යන තුරුම ඇය කේන්තියෙන් බලා සිටියාය..

පව් බං තරුශී..”

උඹට කොච්චර දේවල් කිව්වත් මම තරුශිට බනිනකොට උඹට දුකයි නේද දමිත්..”

උඹට පිස්සුද ? දැන් කවුද මේ අපි එනකම් බලන් ඉන්න යාළුවා ?”

තාරකා..”

තාරකා ? උඹ මට කිව්වෙත් නෑනේ..”

කියන්න තමයි බං හිටියේ.. ඒත් කොහේද.. මං කිව්වා හවස මං කැම්පස් එක ලගට එනවා කියලා..”


  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

14 comments:

හංසි said...

ම්ම්ම්... ලස්සනයි... දැන් තරුශිට දමිත්ව මරන්න තරම් තරහින් ඇත්තෙ. දමිත් නිසා තරුශිට සුපුන් එක්ක කතා කරන්නවත් ඉඩක් ලැබෙන්නෙ නෑ නේ.

මකුළු පැංචි said...

සුපුන් ඉක්මනටම ඔය තරුශිගෙ ගෙඩ්ගර ගාව කැරකෙන එක නතර නොකලොත් නම් මොනවයින් මොනව වෙයිද මංදා... :(

- නිල් අහස - said...

ඇත්තටම මල්ලි..ඔයා නවල් එකක් ලියන්න.
මොකද ඔයාට හොද සංයමයක් තියෙනවා....ලියාගෙන යද්දි.
දෙබස් වැඩි වෙන තරමට කතාව රසවත්.

මධුරංග said...

තාරකාගෙයි සුපුන්ගෙයි ආදර කතාවට අනිවාර්යෙන්ම ගෙදරින් බාධා ඇති වෙයි. මොකද ගෙදරින් සුපුන් ට යෝජනා කරලා තියෙන්නේ තරුෂිව නේ.

මේ දේවල් නිසා සුපුන් තාකාවත් එක්ක පැලයා යන්න තීරණය කරයිද දන්නේ නෑ.

හබැයි දෙන්නට දෙන්නා ගලපෙනවා නම් පැනලා ගියාට වරදක් නෑ. ඒ උනාට පොඩි කාළේ ඉදන්ම හදපු වඩපු දෙමව්පියන්ට දුක් දෙන එක නම් හොඳ නෑ.

අපි බලමු කතාවේ ඉදිරියට මොකද වෙන්නේ කියලා.

නලිනි චන්දිමා said...

ඕඕඕඕ, කැම්පස් එක ළඟ බලන් ඉන්නවනම්, පියවරක් ඉදිරියට ගිහින් වගෙයි. බලමු ඉදිරියට මොකද වෙන්නෙ කියලා.

හිස් අහස said...

බලාන ඉන්න තමයි තියෙන්නේ ! ..ඉතිරිය ලියැවෙන තුරු

Dinesh said...

@ හංසී : ඔව් නංගී තරුශි කොහොමත් දමිත්ට කැමතිඉ නෑනේ.. ඒත් ඉතින් එයාට කරන්න දෙයකුත් නෑ...

Dinesh said...

@ මකුළු පැංච් : ඔව් මකුළු ඒක නම් ඇත්ත.. තරුශි හරි වෙනකවුරු හරි මෙයාලව දැක්කොත් හැමදේම ඉවරයි..

Dinesh said...

@ නිල් අහස : ගොඩක් ස්තුතියි අයියේ ඔයාගේ ප්‍රතිචාරයට.. මම මුලින්ම ආදරයට ආදරයෙන් කතාව ලියනකොට මම හිතුවේ නෑ මට මේ තරම් කතා ලියන්න පුළුවන් වේවි කියලා..

Dinesh said...

@ මධුරංග : මධුරංග අයියා කතාව ගැන ගොඩාක් දුරට හිතලා.. ඔව් සුපුන්ගෙත් තාරකාගෙත් ආදරය බාධා ඒවි.. විශේෂයෙන්ම තරුශිගෙන්.. ඉස්සරහට මොකද වෙන්නේ කියලා අපි බලමු..

Dinesh said...

@ නලිනි චන්දිමා : ඔව් අක්කේ.. පියවරක් ඉදිරියට ගිහින්.. ඒත් සුපුන්ට තාම ආදරේ කියාගන්න බැරි එකයි තියෙන ප්‍රශ්ණේ..

Dinesh said...

@ හිස් අහස : ඔව් සදරු අවසානයට තව ගොඩක් දුර නෑ.. ඒ නිසා ඒ ගැන ඉක්මනට දැන ගන්න පුළුවන් වේවි..

කිඩෝ said...

එලස් ඉතුරු ටික ඉක්මනට දාන්න

පන්සල් හංදිය said...

ඔන්න මලයා අද තමා මේ පැත්තෙ එන්න නිදහසක් හදා ගත්තෙ,

හදිස්සියෙන් මේ පැත්තෙ ඇවිත් යනවට වඩා පරක්කු වෙලා හරි හෙමින් සැරේ බලලා යන එක හොඳයි කියලා හිතුනා .......

ආදර කතාව පටන් ගන්න වගේ හදන්නෙ ......

Post a Comment