නුඹ එන්න පුන්සද විලසට
මම ඉන්නම් වළාකුළු නැති අහස් ගැඹ
නෙතින් නෙත් බලා පෙම් කරමු අපි
ලොවම බලාගෙන හිටියත් අප දෙස..
ඉරිසියා හිතේවි මගේ සද කුමරි දැක්කම
නිමක් නැති තරු කැට ගොන්නට
ලොවම අමතක කර දමා අප
ආදරේ කරමු ලොවට පෙනෙන්නට..
සුළගට කියන්නම් මම වළාකුළු අරන් යන්න
සැගවෙන්න නොදී නුඹට අහස් ගැඹ
නොදැක ඉන්න බෑ නුඹව මට මොහොතකට
ආදරේ හින්දම හිත ඇතුලේ තෙරපෙන..
පිණිබිදු බලා හිනැහේවි අප දෙස
එළිය අරගෙන ආදරෙන් නුඹ විහිදන
කඩුපුල් මල් පිපී සුවද කරාවි
නුඹත් මමත් හමුවන මේ රාත්රිය..
හිරු බැස යන්නේ කොයි මොහොතකද
දෑගිලි ගනින්නේ මම නිම් නැතුව
සිහිනයක් විලස නුඹ පායා එද්දි හිත් අහසට
ආදරේ වේදනාව සොදුරුය මට සදවත..
19 comments:
ලස්සන කවි සංකල්පනාවක්. මේකත් පූජා ලියමු කවියක්ද ?
@ මධුරංග : නෑ අයියේ..මේක මම ලිවුවේ.. එයාගේ කවි මම " පූජා ලියු කවි " යටතනේ දාන්නේ...
පුන් සඳ විලසට මම එන විට
නුඹ උන්නා වළාවට මුවා වී අහස් ගැබ
ලං ලංව පෙම් කරමු ඉතින් අපි
බලා උන්නත් ලෝකයම අප දෙස
කළුවර අරා හිරු බැස ගිය තැන
අපේ මොහොතයි තවත් කල් බලනු කිම
සුසුමේ සුවඳ දැනෙන සේ හදවතට
ආදරේ සුව විඳිමු එන්න ඔබ
ලස්සනයි අයියෙ, ඇත්තටම ලස්සනයි.
"ඉරිසියා හිතේවි මගේ සද කුමරි දැක්කම
නිමක් නැති තරු කැට ගොන්නට"
ඒක තමයි මම ආසම කෑල්ල.
ප.ලි.
"පිණිබිදු බලා හිනැහේවි අප දෙස"
මේ පිණිබිඳු අක්ක මොකද අයිය දිහා බලල හිනා වෙන්නෙ? කේස් එකක් නම් කියන්න අයියෙ.
ලස්සන කවි ටික අයියේ
මරු අයියේ.....
එලද කිරි මචං .. ලස්සන කවිය
@ දිල් :
අපේ මොහොතයි දැන් නැග එන්නෙ සදවත
නුඹ කිමද පමා අද අමාවකද මගෙ ලොවට
නපුරු නොවී එන්න හුරු පුරුදු අහස් ගැඹට
ආදරේ සුවද විදින්නට හදවතට තුරුළු වීගෙන..
@ බීටා : ගොඩක් ස්තුතියි මල්ලියේ කමෙන්ට් එකට..
@ Kasun : ඒක තමයි මම ඔය පේලිය ලියද්දිම ඔක මතක් වෙලා හිනා ගියා.. බලමුකෝ දැන් මේක පිණිබිදු දැක්කොත් එයාම කියාවි ඇයි හිනාවෙන්නේ කියලා..
@ හිස් අහස : ගොඩක් ස්තුතියි සදරුවෝ අදහසට..
@ රත්ගමයා : මලයා නැති ටිකේ බ්ලොග් පාලුවට ගිහින් තිබුනේ.. ගොඩක් ස්තුතියි කමෙන්ට් එකට..
හරිම ලස්සනයි අයියේ...
ලස්සන පද පේලි ටික ........
ලියමුද මලයා තවත් පොඩි ස්ටෝරි එකක් හාත් පසින් වෙනස් මාතෘකාවක් අරං (මේක මගේ පෞද්ගලිග අදහසක් විතරයි, මලයගේ කැමැත්තක්) ....
පායා එන්නෙමි සඳක් විලසට
ඇරයුමක් ගෙන ඔබට පෙම්බර
සිත්තමක් වී දෙනෙත් අද්දර
රැදෙන්නෙමි මම පාළු දුරු කර
පායා එන්නෙමි සඳක් විලසට
ඇරයුමක් ගෙන ඔබට පෙම්බර
සිත්තමක් වී දෙනෙත් අද්දර
රැදෙන්නෙමි මම පාළු දුරු කර
ඇත්තටම ලස්සනයි..මල්ලි
ආදරය තරම් ලස්සන දැනෙන තවත් දෙයක් තියෙද..නේද.
එල එල මරු කවි ටික බං
ශා....... හරීම ලස්සනයි...!!!! ගොඩාක් ලස්සනට ලියලා ත්යන්වා...
Post a Comment