Blogger templates


Powered by Blogger.
RSS

පූජා ලියූ කවි 1




තඹරු පිපී පරව යන
අතරමැද විරාමයක
නෙලාගෙන දෑතින් ඒ මල
සුවද විදිමි මම හනිකට..

පිපි මල් මිලාන වී යති
කඳුළු සලා නටුව රහසින්
මතකයේ රැදී තියේවි
සුවද විහිදූ මොහොත පමණක්..

අවාසනාවට පිපුනු කැකුළු පොඩි
මිලිනව යයි සැදෑවටත් කලින්
නෙලාගෙන ඒ මල් නටු අගින්
සුවද නොවිදිති ලොවේ කිසිවක්..

කිසිවකුත් නොදනී පිපුන බවක්
පුන්චි කැකුළු මල් වලට පහලින්
පෙති සැලී පරව යයි ඒ කැකුළු
ඉතිරි නොකරම මතකයක්..

මමත් හිදිමි මග බලාගෙන
මගේ සැදෑව උදාවෙන තුරුම
අවාසනාවට කැකුළක් වී මට
පරව යා යුතුව ඇත..

නොදනිමි සැදෑවට තව කොතරම් දිගුද
නමුදු දනිමි මගේ කාලය ලංවනා බව
දොස් නගා කිම මම මගේ ජීවිතයටම
සතුටු සිතින්  එය පිළිගනු මිස..


  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

10 comments:

හිරණ්‍ය said...

විකසිත තඹරු මලෙහි උරුමය
මුකුලිත වන බව දැන දැනම
ලස්සන සුවඳ විහිදන එකද
අමතක නෑ ඔබේ කාන්තිය
සුබ ගමන් මල් කොමලිය

හිස් අහස said...

අපිට කවි සීතිවිලි එන්නේ නෑ අයියේ . අපි කරන්නේ කවි හොඳනම් රස විඳලා ... හිතට වැදුනොත් කමෙන්ටුවකුට්ත් දාලා යන එක තමයි .

කවිය ලස්සනයි

නිම්ශා said...

පුජා අක්කාගේ හැම කවියකම එයා හිත හදන් නේද අයියේ ජිවිතේ දුන්න තිරණය ඔලුව නමන්න..එයා එ අතින් හුගාක් හිත හයිය කෙනෙක්...එත් හැමදාම මම කියනවා මැරෙන කෙනාට දුක දාලා යන්න ..එත් ජිවත් වෙන කෙනාට දුක එ දුක විදව විදව ඉන්න ....

Dinesh said...

@ හිරණ්‍ය : ස්තුතියි යාළුවා..

මල් කොමලිය මුකුලිතව ගිය
සුවද රදවා මගේ හිත ලග
නෙලාගන්න මට පින් නැති කමට
හඬමි මම ලොවට නොඇසෙන්නට..

Dinesh said...

@ හිස් අහස : මටත් මුලින් කවි ලියන්න බෑ මල්ලී.. හිතට එනදේ ලියන්න..

Dinesh said...

@ නිම්ශා : ඔව් නංගි.. මට එයාව මුන ගැහෙනකොටත් එයා එයාගේ දෛවය බාර අරගෙන හිටියේ.. පූජා කියන්නේ අපූරු කෙනෙක්.. අද එයා හිටියනම් මගේ ජීවිතේ මීට වඩා වෙනස් වෙන්න තිබුනා..

මැණික් said...

පූජා ලස්සන හිතක් තියන කවිකාරියක්නේ. පූජා ජීවත්ව ඉන්න අයගෙ හිත් වල ජීවත් වෙනවා.
මැණික්

පිණිබිඳු... said...

සුන්දර හිත් තියෙන මිනිස්සුන්ව දෙවියො ඉක්මනට එයාල ලඟට ගන්නවා.

Dinesh said...

@ මැණික් : සත්තකින්ම ඔව් අක්කේ...

Dinesh said...

@ පිණි බිදු : එකනම් සම්පුර්ණ ඇත්ත.. ඒවගේ සොදුරු සිතක් ආයෙත් මට මුන නොගැහේවි..

Post a Comment