Blogger templates


Powered by Blogger.
RSS

සුභ පැතුම...

                   අද උදේම මට ලැබුනෙ සුභ ආරංචියක්.. ඒ මගේ මුහුණු පොතේ මිතුරියකගේ ආදරයට ගෙදරින් කැමැත්ත ලැබුනා කියලා.. අද දවසේ වැරැද්ද නිසාද කොහේද මම මුලින් හිතුවේ මේකත් විහිළුවක් කියලා.. බලන් යනකොට කතාව ඇත්ත.. ආරංචි විදිහට දැන් හදහන් බලලා දිනයක් දාගන්න විතරලු තියෙන්නේ.. ඉතින් මම එයාලට සුභ පතලා පුන්ච් කවි පේලියක් ලිවුවා.. එයාලගේ අනාගතේ සුභ වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..


පැතුමක් හැබෑ වෙලා
නෙතු අග හීනයක් උන
නුඹේ සිනා රැල්ල
පියකරුයි අද වෙනදටත් වැඩිය..

ආදරය නුඹ නිබදව පැතුව
හමුවී දෙනෙත් අද්දරම නුඹ
සිත් එක්වෙලා සෙනෙහසින් උතුරන
ගෙවූ කාලය රැදී හැගුම් අතර..

තුරුළු වී පෙම්බස් දෙඩුව
මොහොත නුඹ  ලග ලගම ගෙවුන
කාලය උදාවෙලා එක් වන්නට හැමදාම
අවසර ලැබුනි නුඹ දෙදෙනම පැතුව..

දෙසිත් යාවෙලා ආදෙරෙන් හැමදාම
තනන්න පැතුම් ලොව සෙනෙහස එක්කර
ලියා එවමි සුභපැතුම කවි කිණිත්තක
මිතුරිය නුඹට මම මෙලෙස..

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

11 comments:

ප්‍රාර්ථනා said...

හරිම සතුටුදායකයි අයියා.. මත් ඔයාගේ යෙහෙළුයට සුභ පතනවා.. සුන්දර ඉදිරි ජීවිතයකට...

මධුරංග said...

ඔන්න එහෙනම් යාලුවාට මමත් සුබ පැතුවා කියලා කියන්න !!!!

ඒකත් ජයසිරි මංගලම් කියලා කිව්වලු !!!!

රත්ගමයා said...

ඒ මිතුරියට සුබ පැතුවා කියන්න.,..
ජය වේවා!!

Dinesh said...

@ ප්‍රාර්ථනා : මම හිතුවෙ බොරු කියලා.. ආදරේ කරපු දෙන්නෙක් එක් වෙන එක කොයිතරම් දෙයක්ද...

Dinesh said...

@ රත්ගමයා : අනිවාර්යෙන් ඔයාලගෙ සුභ පැතුමුත් මම එක් කරන්නම්...

Dinesh said...

@ මධුරංග : ඒකත් ජයසිරි මංගලම් තමයි..

නිම්ශා said...

ඔන්න මමත් සුභ පැතුම් එක්කලා...

සුළඟිල්ල | pinkie said...

නෙසේම වේවා කියල පිංබර සිතින් ප්‍රාර්තනා කොරා ඕන්.. :D

ayesha said...

මාත් ඔන්න ඔයාගේ මිතුරියට ඔන්න සුභ පැතුවා හදවතින්ම

Dinesh said...

@ නිම්ශා, සුළගිල්ල, ayesha : බොහොම ස්තුතියි.. ඔයාලගෙ සුභ පැතුම මම එයාලට යවන්නම්...

hare :-) said...

මගෙනුත් සුභ පැතුමක්... :D

Post a Comment