දෙනෝදාහක් ඇවිද ගිය මග
දැතේ පැටලී පෙම් බස් දෙඩු නුඹ
අද කොහිද කොහි සැගවුනිද
කිසිවෙකුත් නොදනී පවසන්න..
මල් පිපුන වසන්තය
නුඹ වගෙයි මට හැමදාම
නෙත ගැටෙන නෙත් අතරේ මම
නුඹව හෙවුවා ආදරේ හින්දම..
නුඹ ගිහින් මගෙන් දුර ඇතක
ඇයිද නොදනිමි මම තවම
වෙනත් හදකට නුඹ සෙනේ පිදුවද
හිත අසයි මගෙන් හැම මොහොතක..
කඳුළ මගේ අද නොනැවතී වැටෙන
නුඹෙ මතකයේ සැමරුම් අතර
පාට බොද උන සිහිනයක් විලසට
නුඹ හිනැහෙනවා අදත් මා ලග..
නුඹට මතකනම් අපි ඇවිද ගිය මග
තුරුළු වී සෙනෙහසින් මුල් දින
නුඹ එනතුරු මම බලන් ඉන්නවා
අදටත් ඒ මග පෙර ලෙසම..
12 comments:
දුකයි..ඒත් ලස්සනයි..!
මේක ලිව්වේ අයියද පූජද අක්කද?
දෙන්නගෙම නිසදැස් වල වෙනසක් නෑ...
:)
මම හිතන්නේ මේ ලිලා තියෙන්නේ අයියා..අක්කට
@ ප්‍රාර්ථනා : ගොඩාක් ස්තුතියි නංගි...
@ රත්ගමයා : ඔව් මල්ලි මෙක ලිවුවේ මම... පූජා ලියපු එකක් දානවනම් මම එයාගෙ නමින් ටැග් කරනවා.. එතකොට ඔයාලට බලාගන්න ලේසියි..
ලොල්ය.. එල අයියෙ.. :D මාත් බැලුවෙ අර අරය ලියපු එකක්දෑ කියල.. හික් ය. ඔයගෙලු නෙ.. ලස්සනයි අයියන්ඩියේ..
කොලෝන්ට වෙන්නේඑ හැමදාම ඔය්‍ය වැඩේ තාමයි "වෙයිටිං" ලස්සන කවි ඩිංග මචං !
බලනු මඟ ඇය එන නේන නොව
බලනු මඟ ඇත එනතුරා නුඹ
කෙනෙක් වෙනුවෙන් නතර වී තව
කුමන පලකට යන්න නුඹෙ මග
වැඩක් නැහැ මල්ලි , ඔයා නැවතිලා බලන් ඉන්නවා... ඔයා යන ගමන යන්න ඉදිරියටම .... ආදරය ජීවිතයේ කොටසක් කර ගන්න. ජීවිතය ආදරයෙ කොටසක් කර ගන්න එපා...
හුඟක් ලස්සනයි සහෝ. ඒත් හීනියට දුකක් ලියවිලා නේද
@ සුලගිල්ල : නෑ නෑ අර අරයා ලියපු එකක් නෙමෙයි...
ස්තුතියි මලයා...
@ හිස අහස : කතාවනම් සහතික ඇත්ත මචං... හැමදාම කදුළු තමයි...
@ සොදුරු සිත :
මග වැරදුනා මට
යන්නට හිතන් නික්මුන
ඇයත් ලග නැහැ මග ඇවිද ගිය
පාළුයි මාවත වෙනදට වැඩිය අද..
බොහොම ස්තුතියි අක්කේ...
@ පිණිබිදු : ඔව් හිත ඇතුලෙ තවමත් පුන්ච් දුකක්....
Post a Comment