Blogger templates


Powered by Blogger.
RSS

ආදරය???

             නිපුන, වසර 10කට විතර කලින් මට මුන ගැහුන හොද යාළුවෙක්.. අපි අතර හොද බැදීමක් තිබුනා.. ඒත් මම අවසානයේ නිපුනව ලංකාවෙදි මුන ගැහුනේ මීට වසර 4කට විතර කලින්.. මම මේ ලියන්න යන්නේ අපේ යාළුකම ගැන විස්තරයක් නෙමෙයි.. ඊට ගොඩක් වෙනස් කතාවක්.. ඒ යාළුකම එද විදිහටම අදත් තියෙනවද කියන එක මට සැකයක්.. ඒ ඇයි කියලා ලිපිය අවසානයේදී ඔයාලත් තේරේවී..

         නිපුනගේ තාත්තලා ඒ ගමේ හිටපු හොදම සල්ලි කරයෝ වගේම මිනිස්සු එක්ක වැඩි ඇසුරක් පවත්වපු නැති කට්ටියක්.. ඒත් නිපුන නම් එහෙම නෙමෙයි.. අපි A/Lලියන කාලේ වෙනකොට නිපුනට පෙම්වතියක් හිටියා.. ඒකට උදව් කලෙත් ඉතින් මා ඇතුළු යාළු පිරිසම තමා.. ගෙවල් වලිනුත් ඒ ගැන දැන නොසිටි නිසා නිපුනට කිසිම ප්‍රශ්ණයක් තිබුනෙත් නැහැ.. කොහොම හරි අපි විභාගෙ ලියලා රිසල්ට් එන්න කිට්ටුව වගේ දවසක නිපුන අපි යාළුවෝ හැමෝටම හදිසියේ කෙටි පණිවිඩයක් එවලා තිබුනේ අපි හැමෝවම මුන ගැහිලා වැදගත් දෙයක් කතා කරන්න තියෙනවා කියලා.. ඉතින් අපි හැමෝමත් නිපුන කියපු තැනට ආවා..

" මචං නිලුෂි ප්‍රෙග්නන්ට් වෙලා.."

      අපි හැමෝම ආපු ගමන් නිපුන කිවුවේ එක.. නිලුෂි කියන්නෙ නිපුනගේ පෙම්වතිය.. අපි හැමෝම එක අහපු ගමන් කරකවලා අත ඇරියා වගේ..  අපි මුකුත් අහන්න ඉස්සෙල්ලම නිපුන හැම විස්තරයක්ම අපි එක්ක කිවුවා.. 

" මචං  මම දැන් මොකද කරන්නේ? "

      නිපුන අපෙන් ඇහුවම අපිට දෙන්න උත්තරයක් තියා කිසිදෙයක් හිතා ගන්න බැරි උනා.. කට්ටිය එක එක විසදුම් දුන්නත් ඒවට නිපුන කැමති උනේ නැහැ.. අන්තිමට හැමෝගෙම තීරණය උනේ මේවා ගෙවල් වලට දැනුම් දීලා විසදුමක් හොයා ගන්න එක.. ඒත් නිපුනගේ තාත්තා හරිම තද සිතුම පැතුම් තිබුන කෙනෙක්.. තාත්තගෙන් ලැබුන උත්තරේ අපි හැමෝටම පහුවදා නිපුනගේ රතු උන මූනෙන් කියවා ගන්න පුළුවන් උනා.. 

        ඒත් ප්‍රශ්ණය තවමත් එතැනම.. අවසානයේ මේ දෙන්නව ගෙදරට හොරෙන් කසාද බන්දලා දෙන තීරණය ගන්න අපිට සිදු උනා.. ඒ නිලූෂිගේ මානසිකත්වය ගැන හිතලා.. දෙන්නටම ඒ වෙනකොට 18 වැඩි නිසා නීතිමය ප්‍රශ්ණ තිබුනෙත් නැහැ.. නිපුනගේ මාමා කෙනෙක් ඔවුන් දෙදෙනාව කුවෙට් රටට ගන්නා බව පැවසූ නිසා අපිටද ඔවුන් ගැන බිය වීමට හේතුවක් තිබුනේ නැත.. 

              වීසා වලට ඕනා කරන සියල්ලම සූදානම් වූ සැනින්ම ඔවුන්ගේ විවාහය සිදුකර ඔවුන්ව ලංකාවෙන් පිටත් කර හැරීමට අපි හැමොටම සිදු උනා.. එය එතැනින් ඉවර වේයැයි අපි හැමෝම සිතුවත් සිදු උනේ නිපුනගේ විවාහයට අත්සන් කල අපේ යහළුවන් දෙදෙනාට නිපුනගේ තාත්තා නිසා රෝහල් ගත වීමට.. මේ සිදූවීම් මෙලෙස සිදුවෙමින් තිබියදී එක් වරක් පමනක් අපිව දුරකතනයෙන් ඇමතූ නිපුනට ඉන් පසු සිදූ වූයේ කුමක්දැයි අප කිසිවකුත් දැන සිටියේ නැත.. ඔහු ගැන තොරතුරක් ලැබෙන තුරු අපි හැමෝම බලා සිටියත් ඔහු ඉන් පසු කිසි විටෙක අප දුරකතනයෙන්වත් ඇමතුවේ නැත.. 

        කලය ගෙවී ගියේ ඉතා වේගයෙනි.. වසර 4කට කලින් සිදුවූ මේ සිදුවීම අද ඊයේ මෙන් අපි කාගෙත් මතක වල තිබෙන බැවු නොඅනුමානය.. නමුත් මේ කතාවේ දුක් බරම පරිච්චේදය ඇරබෙන්නේ මීට මාස 3කට පමන පෙරය.. 

           මමත් මගේ සහෝදරයාත් අපිට ලැබුන නත්තල් නිවාඩුවේදී මිලානෝ නුවර චාරිකාවක් යාමට යොදා ගත්තේය.. ඒ අනුව මිලානෝ පැමිනි මට අහම්බයෙන් මාවතකදී නිපුන මුන ගැහෙන්නේ නොසිතූ මොහොතකය.. මා නොදැක්කා සේ යාමට ඔහුට එවෙලේ අවැසි වූ බව මා තේරුම් ගත්තත් මගේ උවමනාව නිසාම ඔහුට එවෙලේ මා මග හැර යාමට නොහැකි විය.. ඔවුන්ගේ විස්තර ඇසූමට ඔහු පැවසුවේ එකම එක දෙයකි..

" උඹට වෙලාවක් තියෙනවනම් මාත් එක්ක යං.. උඹට හැමදෙයක්ම තේරේවී.."

           ඔහු දුන් පිළිතුර මගේ හිතට මහා වදයක් විය.. නමුත් මම නුවන් සමග ඔහුගේ නිවස වෙත ගියෙමි.. මා කිසි දිනක බලා පොරොත්තු නොවූ සිදුවීම මාලාවක් මගේ දැස් ඉදිරිපිට මැවෙන්නට විය.. නිලූෂී දුටු මොහොතේ මට ඇයව කිසිසේත්ම හදුනා ගත නොහැකි විය.. ඇය එතරම්ම වෙනස් වී ඇත.. වෙනස් වූවාටත් වඩා විහින් අවලස්සන වී ඇතයි කීම නිවැරිදිය.. ඇය මා එන විට නිවසින් නික්මීමට සූදානම් වී සිටියේය.. මා සමග වචනයක්වත් කතා නොකල ඇගේ දෑසින් කුම්ක් හෝ නපුරු කමක් මා දුටිමි.. ඒ කුමක්දැයි මට වැටහුනේ නිපුනගේ කතාව අසා සිටීමෙන් පසුවය..

                නිවසේ උවද තිබුන අපිළිවෙල අපායක් බදුය.. මොවුන් ඒ නිවසේ කෙසේ ජීවත් වනවාදැයි මා තනිවම සිතුවෙමි.. එහෙත් නුවන්ගේ කතාව ඊටත් වඩා දුක්බර එකක් විය..

                    ඔවුන් කුවේටි වලට අපිට සමුදී නික්මුනත් නිපුනගේ මාමා ඔවුන්ට පිළිසරණක් වී නැත.. එය දිගු කතාවක් නිසා මා ඒ ගැන මෙහි සදහන් නොකරමි.. කෙසේ හෝ අවසානයේ නිත්‍යානුකූල නොවන මාර්ගයකින් ඔවුන් ඉතාලියට පැමින ඇත.. ඒත් ඒ මොහොත වෙනකොටත් ඔවුන්ගේ ආදරය ටිකින් ටික දෙදරා යන තත්වයක පැවතී ඇත.. ඉතාලියට පැමිණියත් නිසි ආදායම් මාර්ගයක් නැති නිසා ඔවුන් බොහෝ කලක් දුක් විදි බැවි නිපුන මා සමග පවසා සිටියේය.. ඒත් ඔවුන්ගේ ලෝකය බිදී යන්නට පටන් ගන්නේ නිලූෂී රාත්‍රී සමාජ ශාලාවක රැකියාවට යාමට පටන් ගැනීමත් සමගය.. අගහිගකම් එන්න එන්න වැඩි වත්ම ඇය මේ තීරණයට එළබ ඇත.. නමුත් එයින් ඇගේ ජීවිතය බොහෝ සේ වෙනස් වී ඇත.. ඈ පිළිබදව නිපුන් පැවසූ සියල්ල මට මෙහි ලිවිය නොහැක.. දැන් නිපුනගේ පොඩි පුතාට අවුරුදු 3කි.. නිපුන මේ සියල්ල විද දරාගෙන ඉන්නෙ ඔහුගෙන් සිදුවූ වැරැද්ද නිසා බව කඳුළු පිරි දෙනෙතින් ඔහු මා සමග පැවසූවේය..

" මගේ මුළු ජීවිතේම විනාස උනා.." 

           නිපුන එහෙම කියද්දී මගේ හිතේ ඇති උනේ ලොකු කලකිරීමක්.. නිපුනගේ ජීවිතය මෙලෙස විනාස වීමට මමත් දුරකින් හෝ වගකිව යුතු නේදැයි මට සිතුනි.. ඔවුන් හොරෙන් විවාහ කරදී රටින් පිට නොකරන්න මේ දේවල් මීට වඩා වෙනස් වන්නට තිබුන බව මට සිතුනි.. ඒත් දැන් ඒ ගැන සිතා පලක් නැත.. ජීවිත තුනක් අද වේදනාවේය.. වැරැද්ද කා අතේද?? මටනම් කිසිම දෙයක් සිතා ගත නොහැක.. පමාවී හෝ ඔවුනට යහපතක් වේවා යන්න මගේ පැතුමයි...


  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

16 comments:

Dinesh said...

මෙහි එන නම් හා ස්ථානයන් මා විසින් යොදන ලද්දකි..
ඇත්ත නම් ඉදිරිපත් කිරීම ඔවුන්ට ප්‍රශ්ණය වන නිසා මා එය වෙනස් කර ඇත...

hare :-) said...

හප්පා... මේක හිතපු විධියට නෙවෙයි ඉවර වුණේ. වැරැද්ද කොතනද? පෙම්වතුන් යුවලගේද? දෙමව්පියන්ගේද, යහළුවන්ගේද නැත්තං දැන් විවාහ වෙලා ඉන්න යුවලගේද? ඔය කෙතනටවත් කෙලින් වැරැද්දක් කියන්න බෑ ස්වභාවධර්මයේ සිවභාවය අනුව. ඒත් මට හිතෙන්නෙ තාමත් පරක්කු නෑ... ආයෙ ගොඩ එන්න අවස්ථාවක් තියෙනවා මේ දෙන්නට!

~:: My Cottage ::~ said...

mata danena de kiyanna wachana enne na.

eth kiyanna thiyenne iwasagena daraagena hitiyoth hari.
"napuru suli sulan hamaawi, eth wasanthaya enawaa sikuruyi"

ප්‍රාර්ථනා said...

ඔයාලා වැරදි නෑ අයියා.. ඒ වෙලේ කරන්න පුළුවන් හොදම දේ තමයි කරේ... වැරැද්ද ඔයාගේ යාළුවගේ හා ඔහුගේ පෙම්වතියගේ..

නිම්ශා said...

වැරද්ද නම් ඔයාලගේ නෙමේ අයියේ..එ වෙලේ හැටියට වෙන කිසිම තිරණයක් ගන්න අමාරුයි.. පස්සේ ඉතින් තමන් ගේ ජිවිතේ තිරණ ගන්නේ එයාලා...වැරද්ද ඔයාලාගේ නම් නෙමේයි..

Dinesh said...

@ hare : ඔව් ඇත්තෙන්ම... දෙන්නා ලංකාවට ඇවිත් ජිවිතෙ පටන් ගන්නවනම් දෙන්නටම අවස්ථාව වගෙම කාලය ඔන තරම් තියෙනවා.. ගැටළුව එයාලා ආයෙත් එවිද කියන එකයි.....

Dinesh said...

@ My Cottage : ඔයා කියන දෙ හරි යාළුවා.. අර නොදරුවා නිසා නිපුන කොහොමත් ඉවසිමෙන් වැඩ කරන බව පෙනවා.. නමුත් දිලුෂි??

Dinesh said...

@ ප්‍රාර්ථනා : නිපුනගෙ තාත්තගෙ තිරණ වෙනස් උනා නම් එයාලගෙ ජිවිතත් මිට වඩා වෙනස් වෙන්න තිබුනා.. එත් එයාලා දුන්න ප්‍රතිචාරය හොද මදි.. නිපුන බැන්දා කියල ආරන්චි උනාට පස්සෙත්.....

Dinesh said...

@ නිම්ශා : අපි හරි වෙන්නත් පුළුවන් වැරදි වෙන්නත් පුළුවන්.. හැබැයි එ නිපුනත් නිලුෂිත් අපි ගැන හිතන විදිහෙන්.. එයාල හිතින් අපිට සාප කරනවද කියන්න දන්නෙ නෑ.. ඔයා කිවුව දෙ හරි නංගි.. එයාලගෙ ජිවිතෙ තිරණ ගන්නෙ එයාලා.. හිතෙ ආසාවන්ට ඉඩ නොදුන්නනම් මෙ මුකුත් නැහැනෙ.....

පිණිබිඳු... said...

අනේ මන්දා සමහර විට ඒ දෙන්නත් ටිකක් කල්පනා කරානම් මීට වඩා, එයාලගෙ දෙමව්පියන් එයාලව තේරුම් ගත්තනම් මීට වඩා, එයාලගෙ මාමා කියපු විදිහට උදව්ව කරා නම් ජීවිතේ මීට වඩා හොඳ වෙන්න තිබුණා, ඒත් ඉතින් ජීවිතේ හදාගන්න තාම පරක්කු නෑ නේද

Dinesh said...

@ පිණිබිදු : අනිත් අය කොහොම උනත් මෙ දෙවල් වෙන්න කලින් එයාලා හිතුවනම් මෙ කිසි දෙයක් නෑ තමයි...

ayesha said...

හැඟීම් වලට වහල් වුනාම ජිවිතේ සමහර දේවල් අපිට වරදිනවා

මැණික් said...

ජීවිතේ හරියට තේරුම් ගන්න බැරිවුනාම, හැඟීම් වලට වහල් වුනාම සිදුවිය හැකි දේ එමටයි. ඒ වගේම හැම ප්‍රශ්නයකම දෙපැත්තක් තියනවා.
මැණික්

Dinesh said...

@ ayesha : ඔව් අක්කෙ මෙතන උනෙත් එකම තමයි..

Dinesh said...

@ මැණික් : ඇත්ත ජිවිතෙ හරි හැටි තෙරුම් ගන්න එයාලට තව අවස්ථාව තියෙනවා...

Anonymous said...

duka hituna me vistara kiyewwama eth e aya tavama pramada na kiyalai man hitanne samawa deemai waradi hadaganeemai karanna puluvannam e jivithe ara punchi daruwa venuvenwath anagate yahapatak vevi mama patanava e ayata me hamadekama tiyena awasanava maga harala sartakatwaya kara yanna labenna

katava liviemen yaluwa kare godak honda wadak. jivithe hageema walata wada deyak bawa therumganna attatama meka honda awastawak

Post a Comment