Blogger templates


Powered by Blogger.
RSS

හංසියකට පෙම් බැන්දෙමි...

       පාසලේ උසස් පෙල පන්තිය හැමෝගෙම ජීවිත වලට මතක ගොන්නක් එකතු කරන කාලයක්.. පැතුම්ගෙ ජීවිතෙටත් ඒ වසර දෙක ජීවිතේටම අමතක කරන්න බැරි මතකයක් එක් කරපු කාලයක්.. පැතුම් පාසලේ දක්ශ සිසුවෙක් නිසාම පැවරුන විශය බාහිර වැඩද අන්නතයි.. ඒ හැමදෙයක්ම සමබරව කරගෙන යන අතරේ පැතුම්ගේ අම්මා නිතරම ඉන්ග්‍රීසි පන්තියකුත් හොයා ගන්නයි කියලා හැමදාම කීම පැතුම්ට කරදරයක් වෙලයි තිබුනේ.. ඒ, ඒ සදහා කාලයක් පැතුම්ට නොතිබුන නිසාවෙනි..

          කෙසේ හෝ අවසානයේ අම්මගේ බලකිරීමටම පැතුම් පාසලේ ගුරුවරියකගේම කුඩා පන්තියක් තෝරා ගත්තේ ලොකු පන්ති වලට ගිහින් ඉගෙනගැනීමට තිබූ අකමැත්ත නිසාවෙන්ය.. 

         දන්නා හදුනන තැනක් නිසා චකිතයකින් තොරව පන්තියට ගොඩවූ පැතුම පන්ති ආරම්භ වනතුරු අන්තිම පේලියට වී වාඩිවී සිටියේය.. පන්තියට ඇතුළු වන්නන් දිහා ඔනෑකමින් බලා සිටි පැතුම්ගේ දෑස් අද්දරට එක් මොහොතක පැමිනියේ වදනින් කියා නිම් කල නොහැකි තරම් ලස්සන තරුණියකි.. ඇසිපිය නොහෙලා ඇය දෙස බලාසිටි  පැතුම් මෙය සිහිනයක්දැයි සිතුවේය.. ඇය ඒ තරම්ම ලස්සනය.. පැතුම් දෙස බලා මද සිනහවක් හෙලු ඇය පැතුම්ට ඉදිරිපස වාඩිවී සිටි ඇගේ යෙහෙළියන් ලග හිද ගත්තාය.. 

        පැතුම්ගේ දෙනෙත තවමත් ඈ ලගය.. ටික වේලාවක් ඇගේ යෙහෙළියන් සමග කතාකරමින් උන් ඈ පැතුම් සිටි දෙසට හැරුනේය..

" ඔයා අදද පන්තියට ආවේ.. මම මේ සති දෙකකට පස්සෙ එන්නෙ.. මම හංසි.. ඔයා??"

" මම පැතුම්.."

         පැතුම් වෙත සොදුරු සිනහවක් පෑ ඇය යලිත් තම යෙහෙළියන් සමග කතාවට වැටුනේය.. ඒත් ඒ සිනහව පැතුම්ගේ හිතේ ආදරයක් ඇති කලේය.. නමුත් ඒ ආදරය පැතුම් හිතේ සගවාගත්තේය.. ටික කලක් යත්ම ඈ හා පැතුම් අතර හොද මිතුදමක් ඇති විය.. පන්ති නිමාවී දෙදෙනාම ආපසු අවේ එකම පාරේ නිසා පැතුම් හා හංසි අතර මිතුදම තවත් වැඩිවිය.. ඔවුන් බොහෝ දේවල කතාකලේය.. අකමැත්තෙන් සොයා ගත් පන්තිය පැතුම්ගේ සිත සොරාගත් තැන බවට පත්විය.. සතියක් ගෙවෙනතුරු පැතුම් හිටියේ නොඉවසිල්ලෙනි..

         වසරක් පමණ කෙමෙන් ගෙවී යත්ම පැතුම්ගේ හිතේ හංසි ගැන ඇතිවී තිබූ ආදරයද වැඩිවී තිබුනි.. ඒත් පැතුම් ඇයට ඒ ගැන පැවසීම දිනෙන් දින පසුවට කල් තැබිනි.. 

               වෙනදාමෙන් පන්ති නිමවී ඈ එනතුරු ගෙට්ටුව ලගට වී බලා සිටි පැතුම් හමුවු හංසි මද වේලාවක් පැතුම්ව එතැනම නවතා ගත්තේ ඇගේ යහළුවෙක් එනබව පවස්මින්ය.. විනාඩි කීපයක් ඇයත් සමග පාර බලා සිටි පැතුම් ලග වාහනයක් නතර විය.. එහි සිටියේ තරුණයෙකි.. වාහනයෙන් නික්මුන ඔහු හංසි ලගට පැමිනියේය..

" පැතුම් මේ සාරංග.. මගේ boyfriend.."

      හංසි ඔහුව හදුන්වා දෙත්ම පැතුම්ගේ සිහින ලෝකයම බිද වැටෙන්නට පටන් ගත්තේය.. එත් පැතුම් ඒ කිසිවක් නොහගවා ඔවුන් සමග කතාවට වැටුනේය.. සාරංග සමග හංසි නික්ම යන තුරු  දැඩි කරගෙන් උන් පැතුම්ගේ හිත කඳුළු සලා හඩන්නට විය.. තමා පමා වූ බව පැතුමට තෙරුනි.. නමුත් දැන් සියල්ල වී හමාරය.. මෙ කිසිදු වෙනසක් ඇයට නොපෙනෙන පරිදි පැතුම් වෙනදාමෙන් ඇයත් සමග ඇසුරු කලේය.. වෙනදා මෙන් කතා කරමින් උන් පැතුම් දිනක් ඇගෙන් සාරංග ගැන විමසුවේය..

" සාරංග කොහොම කෙනෙක්ද?? "

" එයා ගොඩාක් හොද කෙනෙක්.. ගති පැවතුම් ඔයාගෙ වගේම තමයි.. අපි දැන් අවුරුදු 2 වෙනවා මුන ගැහිලා.. එයා මට ගොඩක් ආදරෙයි.."

        පැතුම්ගේ හිතේ ඇයට තිබුන ආදරය ඇයට පැවසීමට නොහැකී වීම ගැන සතුටක් පැතුම්ගේ හිතේ ඒ මොහොතේ ඇතිවිය.. නැත්නම් පැතුම්ට හොද මිතුරියක් අහිමි වන බව පැතුම් සිතුවේය.. 

...............
                   හංසි සාරංග හා විවාහ වී දැන් වසර තුනක් පමන නික්මී ඇත.. පැතුම් අද ඔවුනේ හොදම මිතුරෙකි.. පැතුම් එදා සිතින් හංසිට කොතරම් ආදරේ කලාදැයි දන්නේ පැතුම්ගේ හිත පමනි.. ජීවිතයෙන් කෙදිනෙකවත් ඒ බැදි ආදරය අමතක කල නොහැකි උනත් පැතුම් කෙදිනකවත් ඔවුන් අතරට නොඑනු ඇත..


 

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

18 comments:

නිම්ශා said...

හරිම ලස්සනයි අයියේ.... සමහර වෙලාවට ඉවසන තරමට හොදයි...

රත්ගමයා said...

ඔහොම තමා අයියේ...ඕන තරම් පැතුම්ලා අපි අතරේ තාමත් ඉන්නවා...
එක්කෙනෙක් මග ඇරුනා කියලා බලන් ඉදලා තේරුමක් නෑ...
ඕන තරම් හංසිලා ඉන්නේ...

සුළඟිල්ල | pinkie said...

එල එල අයියෙ.. ;) ඉලවු ලවු එකක් උනත්.. මගුල් කඩ කප්පල් නොකර ඔයින් නැවතුනු එක හොඳයි... :D

ලොල්ය. වරදව හිතන්න එපා. ලවු සම්බන්ද ව මට ඒ හැටි මනාපයක් නෑ. කොහොම උනත් පද ගැන්නුම එල ය.

රොබින් said...

ගත යුත්තක් ඇත

Dinesh said...

@ නිම්ශා : ඔව් නංගි.. පැතුම් හිතෙ හිබුන ආදරෙ කිවුවනම් මෙ දෙවල් මිට වඩා වෙනස් වෙන්න තිබුනා...

Dinesh said...

@ රත්ගමයා : එ කතාවනම් ඇත්ත මල්ලියෙ.. වෙන කෙනෙක් හොයා ගන්න එක තමයි කරන්න තියෙන්නෙ...

Dinesh said...

@ රොබින් : ස්තුතියි යාළුවා..

Dinesh said...

@ සුළගිල්ල : මල්ලි කියන එක හරි.. ආදරෙ කියන්නෙ පරිත්‍යාගයක්...

..ChAnDiKa.. said...

නුඹේ අත්දැකීමක්දෝයි මට සිතේ...

හිස් අහස said...

මේක මට හොඳ පාඩමක් මචං ... ෂි:හ් මේ කතාව මීට කලින් ලියවුනා නම් ...කතාව සුපිරිම සුපිරි මචං ...

Anonymous said...

කතාව හොඳයි, ලියපු හැටිත් හොඳයි. පොඩි උපදෙසක් සිංහල ගැන; "නිසාවෙන්" හෝ "නිසාවෙනි" හෝ කියල වචනයක් සිංහලවල නෑ. ඒකෙ හරි වචනය තමා "නිසා" කියන්නෙ.

WildRose/SnowDrop said...

Lassanai lassanai tawath liyanna

ayesha said...

mmmmmmmm apuru kathawa

Dinesh said...

@ chandika : නැහැ මිත්‍රයා මෙක මගෙ අත්දැකිමක් නෙමෙයි..

Dinesh said...

@ හිස් අහස : ස්තුතියි යාළුවා.. යාළුවටත් මෙ වගෙ අත්දැකිමක් තියෙන පාටයි...

Dinesh said...

@ Anonymous : ලියද්දි මගෙ අතින් වැරැද්දක් වෙලා තියෙනවා.. පෙන්වා දිම ගැන ස්තුතියි..

Dinesh said...

@ ayesha : ස්තුතියි අක්කෙ අදහසට...

Dinesh said...

@ WildRose/SnowDrop : ස්තුතියි යාළුවා...

Post a Comment