ආදරයට ආදරයෙන් සැබැ ආදරයක් සොයා ගිය ගමනක අසංග පූජා ආදර කතාව කිසිදාක බිදලන්න බැරි හදේ එකතු උන මතක කන්දරාවක් පමණක් ඉතිරි කර නිමා වෙයි කියලා බලාපොරොත්තු නොවුන අසංගගේ හිත අද කොතැනද??
සුසානයක සැතප නුඹ
යන්නට පෙර යලිත් නො එන්නට
කියන්නට හැකිනම් හඩගා නුඹට
මේ කඳුළුවල අදෝනාව
අහන් ඉන්න තව එකම වරක් නුඹ
සුසුම්ලන ආදරයක කඳුළු කව..
2008 මාර්තු 10 අසංගගේ ජීවිතේ කදුළින් ලියවුන දවස.. හදවතින්ම ආදරය කල පූජා සුසානයක තනි කරලා අසංග නික්මුනේ හිතේ එකතු උන මතකයන් එක්ක පූජාගේ ආදරේ ආයෙත් ජීවත් කරවන එකම එක බලාපොරොත්තුවත් එක්ක..
ආයෙත් වෙනදා වගේ දිනයක
හමුනොවෙනු ඇත කිසිවිටක අප
ඉකිබිදින සිත තුලට
සැනසීම පමණක් ඉතිරිකර
ඔබේ මතකය හුදකලා වී ඇත
අප මුණගැසුන ඒ හැම තැන්හිම..
පූජා ලග එදා කවදාවත්ම නොහඩපු අසංග හැමදාම හැන්දෑවට පූජාගේ සුසානය ලගට වෙලා පොළොව තෙත් වෙනකම් හෙලු කඳුළු අසංගට පූජා හොයාගෙන යන තරමටම අසරණ කලත් පූජා තරමටම අසංගට ආදරේ කල බැදීම් අසංගගේ හිත නොනවත්වන්න අසංග අද පූජා සොයාගෙන..
තවත් හඩන්නට මට
කඳුළු ඉතුරු නෑ මේ දෙනෙත් වල
වියලියි මේ දෙනෙත්
නුඹ සමීපයේ අද
නමුත් ඇසෙනවද සොදුර නුඹට
මේ හදේ ගිගුම්දෙන විලාපය..
පූජාගේ ආදරය අසංගව අදටත් ජීවත් කරවනවා.. ඒ ආදරයේ බලාපොරොත්තු අසංග එකින් එක අද ලං කර ගත්තත් පූජා නැති අඩුව මකන්න ඒ එකකටවත් පුළුවන් කමක් නැහැ.. පූජා අසංගගේ දෙනෙත් මායිමෙන් හැමදාටම යන්න ගිහින් තෙවසරක් ගෙවුනත් අසංගගේ හිත ඇතුලේ ජීවත් වෙන, හැමදාම දෑස් ඉදිරියේ මැවෙන පූජා අසංගගේ බැදීම් නිම වෙන දිනයක් තෙක් අසංගව ජීවත් කරාවී...
මිහිදන්කර නුඹේ සිත අද
නික්ම ගියත් මා මෙලෙස
නුඹේ ආත්මයට මුසු උන
ආදරය රකිමි මම හැම දිනකම
මියෙන්නට නොදි කිසිවිටක








11 comments:
නෙතු වැසි ගියද පෙම්වත...
හැර ගියේ නැ කිසිවිටක..
සිහිවෙන විට මා යම්දාක...
සිටිනවා මා සිතේ නිදන් වි...
නුඹේම වි ..හැමදාක...
දන්නවා හිතවතිය මම
නුඹ මගෙයි හැමදාටම
තනිකර මම නික්මුනත් නුඹ,
හිත ඇතුලේ නුඹට හිමි අසපුවේ
ආදරෙන් තවම ඉන්න බව
නුඹ සදහටම.....
මට කවි ලියන්න බෑ නේ....
:(
හ්මිමිමි...
මිහිදන්කර නුඹේ සිත අද
මගේ හද ගැඹුරෙහි මම
නුඹේ ආත්මයට මුසු උන
ආදරය රකිමි මම හැම දිනකම
ලස්සනයි.
මැණික්
@ නිපු : ස්තුතියි නංගි..
@ රත්ගමයා : ලියන්න බැහැ කියලා හිතන්න එපා.. පොඩි උත්සාහයක් දීලා බලන්න..
@ මැණික් : ස්තුතියි අක්කෙ.....
හද ගැඹුරෙහි ඔබෙ මතකය
ජිවත් කරාවි මා හෙට දින
ආදරෙයි මං නුඹ නොසිටියත් මා ලග
මෙ කදුළ කොහොම සහවන්නද මම...
මට කවි ලියන්න බෑ නේ...
අනේ මටත් බෑනේ මෙකවි ලියන්න..........
@ stephni : උත්සාහ කරලා බලන්න.. බැරි වෙන එකක් නැහැ...
Post a Comment