වැටෙන පොද වැස්ස
බිදු බිදු ගෙනා සිසිලස
සිත අරන් ගියා මගෙන් දුරක
මුතු වැස්සේ මතක අතර..
හිත හිරිවට්ටන සිසිල් සුළග
කවුළුවෙන් එහා දගකරන ළමයි කැල
අරන් ගියා මමත් පොඩි කාලෙට
පොද වැස්සේ තෙමි තෙමි නටන..
කොයි තරම් නම් සරළද
ජීවිතය ඒ දවස්වල
ලොකු හීන කිසිත් නෑ
හදවතේ සිර උන..
බැදීම් නෑ මේ ලෝකයට
තරගයක් නෑ කෙනෙක් පරදවා යන
සමනල් හිත එහෙ මෙහෙ පාඋන
අද කොහිද හිත ඒ ලෙසම..
මිරිගුවක් අද අප සොයා දුවන
සැනසීමක් වේද දිනක අපෙ හිතට
ඒ සොදුරු දවස්වලම හැමදාම
ඉන්න ඇත්නම් කොතරම් මිහිරිද..








16 comments:
මම ආසම මේකෙ මෙන්න මේ කෑල්ලට..
"කොයි තරම් නම් සරළද
ජීවිතය ඒ දවස්වල
ලොකු හීන කිසිත් නෑ
හදවතේ සිර උන"
හරිම ලස්සනයි අයියේ...හරිම ලස්සනයි.... මට මේක ලියනන් දෙයක් නැ..ඔයා ලියන කවි නිසිදැස් නම් හරිම ලස්සනයි...
@ සුදර්ශන : ඔව් යාළුවා... අපි එ දවස් වල ජිවිතෙ ගැන බලපු විදිහට අද බලන්න බෑනෙ...
@ නිම්ශා : ස්තුතියි නංගි..
ලොල්ය.. නියමයි මචන්.. එල.. :D :D
ළමා කාලේ තරම් සුන්දර කාලයක්, සැහැල්ලුවෙන් හිටපු කාලයක් ජීවිතේ වෙන කිසිම කාලයක ලබා ගන්න බැරි වෙවි
ඇත්තටම ඒ සොදුරු දවස් කොච්චර ලස්සනද..
කොයි තරම් නම් සරළද
ජීවිතය ඒ දවස්වල
ලොකු හීන කිසිත් නෑ
හදවතේ සිර උන..
ම්.. ඒක ඇත්ත. ආයෙමත් එනව නම් පුංචි කාලේ ලඟට. පටන් ගන්නට පුලුවන් ජීවිතේ අළුතින්ම.
මැණික්
@ ayesha : ඔව් අක්කෙ.. එ සරළ ජිවිතෙ ආයෙත් එන්නෙ නැ....
@ සුළගිල්ල : තැන්ක්ස් මචන්...
@ රත්ගමයා : ඔව් මල්ලියෙ එ ලොකෙ කොච්චර ලස්සනද...
@ මැණික් : හැම හිනයක්ම කාලෙත් එක්ක වෙනස් වෙලා.. අපිට දැන් බෑ ඉස්සර වගෙ හිතන්න...
ගින්දර වගේ මචං ඇත්තටම ලස්සනයි ... ඉස්සර කාලේ අනේ අපොයි මම ඒ ගැන මතක් කරන්න පොඩ්ඩක්වත් කැමති නෑ
පොද වැස්සකින් අලුත් වුණු ළමාවියේ සුන්දර මතකයන්..... ජීවිතය එතැනින් කොච්චර ඉස්සරහට ගිහින්ද? ලස්සන පදපෙළක්.
@ හිස් අහස : පොඩි කාලෙ හිතපු දෙවල් කොයිතරම්ද.. දෑන් එහෙම බැරි ඇයි කියලා හිතෙනකොට දුකයි...
@ නලිනි : ඔව් අක්කෙ.. ජිවිතය ඉස්සරහට ගියා.. එ සුන්දරත්වයත් අපෙන් අරගෙන..
Post a Comment