Blogger templates


Powered by Blogger.
RSS

පූජා ලියූ කවි 2




නුඹ ඇවිදින් හිමිදිරිය ලෙස
පරව යන්නට හදන කඩුපුල් මලක් ලග
නැවතිලා ආදරෙන් මෙලෙස
කිමද හමුවිය නොහැකි මොහොතක..

යන්න කිව්වට මගෙන් ඈතට
ඇයි තවම නුඹ මෙලෙස මා ලගම
හිතුවක්කාර ඔය හිතට
කඳුළු බර වැඩි වේවි දවසක..

මේ ආදරය සිහිනෙකි
අපි දෙතැනක බලා හිදිවි
අනේ ඇයි නුඹ ආදරේ මෙතරම්ම
තේරෙන්නෑ මගෙ දුප්පත් හදට..


  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

12 comments:

බීටා said...

කවිය කියෑවු ලෙසේ
හිතට නැගුනේ අමුතු හැගිමේ
එ නිසා කියමි මෙසේ
නියම කවකි එයනම් නොරහසේ

මැණික් said...

පූජාගෙ කවි ලස්සනයි. ඒත් මල්ලී, අමාරුවෙන් හරි දුක තුනී කරගන්න.
මැණික්

පිණිබිඳු... said...

කඳුළු බර වැඩි උනත් දවසක
ගොඩ නැගූ
මේ සිහින අරගෙන
කොයි ඉසව්වට
නුඹව හැරදා
පා නගන්නද මං

A Quote world of Dilu! said...

mata me kavi gana kiyanna vachana madi,,,,e tharamatama sanvediva hadavathata danenava!!!

Dinesh said...

@ බීටා : ඔව් මල්ලියේ... එයාගේ කවි ගොඩාක් ලස්සනයි..

Dinesh said...

@ මැණික් : මම දැන් දුක් වෙන්නේ නෑ අක්කේ.. පුජාගේ ආදරය ලැබීමම මට සතුටක්..

Dinesh said...

@ පිණිබිදු : ඇත්ත මේ සිහිනයේ ඉන්නේ පූජා..

Dinesh said...

@ Dilu : ඔව් අක්කේ.. අදටත් මම එයා මතක් වෙන හැම වෙලාවකම එයාගේ කවිපොත මට ලංකර ගන්නවා.. මොකද අපේ කතාව එයාගේ කවි වල ලස්සනට ලියවෙලා තියෙන නිසා..

හිස් අහස said...

අමතක කරලා දාන්න අයියේ . හෙමීට ටිකෙන් ටික අමතක කරලාඅ දාන්න . අපි හිතින් විඳෙවුවට්ට කෙල්ලොන්ට ඕව ගානක් නෑ .

Dinesh said...

@ හිස් අහස : සදරු මල්ලී පූජාගේ කතාව නොදන්න පාටයි.. කමක් නෑ.. ඔයා ඉඩක් තියෙනවනම් මම ලියපු " ආදරයට ආදරයෙන් " කතාව කියවන්න.. ඔයා ඒක තෙරුම් ගනීවී..

හිරණ්‍ය said...

පාට පාට හීනයක
නොතේරෙන ආදරය
වටහාගන්න හදවතට
උදව් කරන්න පෙම්බර
පින් සිදුවේවි සත්තයි

Dinesh said...

@ හිරණ්‍ය

කියා දී යන්න මට
මේ ආදරය ගැන
නුඹ් දෑසින්
මම දකින..

ස්තුතියි සහෝ..

Post a Comment