නුඹ ඉතිරි කර මග දමා ගිය
පුන්චිම පුන්චි අහරක රස
මම හැර දන්න වෙන අයෙක්
හිදීවිද මේ පොළොව මත..
බඩගින්නට බඩ පිරෙන්න
කෑම දෙන්න බෑ අපෙ අම්මට
තාත්තෙක් නැති නිසා කරුමයට
මහ පාරේ අපි රෑ දවල් එකලෙස..
රස පිරුනු රජ බොජුන් දකිනවා හැමදාම
මහත්තුරුන් ඇවිත් යන හෝටලයේ පිටුපස
බලා හිටියත් නොහෙලා ඇසිපිය
ලැබෙන්නේ නෑ අපිට රසවිදින්න මොහොතකට..
කරදරයක් අපි ඇතමෙකුට මග යන
කිළිටි දැත් තැවරෙන කොට
සමාවෙන්න අපි කුමක් කරන්නද
ඇති හැටි ඔබෙන් ඉල්ලනු මිස..
14 comments:
ලොල්ය.. හැම දාමත් කියනව වගේ කවියකට පුලුවන්, වරදක් නිවැරැදි කරන්න.. කවි පෙල ලස්සනයි අයියෙ...
අම්මා අප්පගේ පවු වලට මේ පුන්චි උන් දුක් විදිනවා.. මේ පුන්චි උන් එක්කාසූ කරලා. මෙයලට හොද අද්යාපනයක් දෙන්න පුලුවන්නම් ඒක රටටත් ප්රයොජනයක්
පින්තූරෙයි කවියයි දැක්කාම බඩ පපුව දාලා ගියා .. මේ කවිය ඉතින් මගේ හිතට වැදුනි බව අහන්නත් දෙයක්ද ? ... නියම කවියක් .
@ සුළගිල්ල : ස්තුතියි මල්ලී.. ඒත් අපි විතරක් ඒ ගැන හිතලා වැඩක් නෑනේ...
@ යසියා : ස්තුතියි යාළුවා කමෙන්ට් එකට.. ඔව් ඔයා හරි.. ඒත් සුළු කොටසක් මේ ප්රශ්ණ මේ විදිහටම තියෙනවට කැමතියි එයාලගේ වාසියට.. ඉතින් අපි කොහොමද මේ දේවල් වලට විසදුමක් හොයන්නේ..
@ හිස් අහස : ස්තුතියි මල්ලී.. මේ කවි පෙල නම් මම ලිව්වේ පින්තුරේ දැකලා.. ඒ තරමටම ඒ පින්තුරේ සංවේදීයි..
කුරිරු ඇත්තක්... කවි ටික නම් ලස්සනයි අයියේ...
අයියගේ කතාවක් ආවේ නැහැ ලගදි..කතාවකුත් එක්ක එන්න .. :)
හිතට වදින්නම ලියලා තියනවා අය්යේ.......නියමය්
එදා ඉදලා අද දක්වාම ලොකේ පවතින් දෙයක් ඕක. අපිට පුළුවන් විදියට අපි උපකාර කරලා හිත හදා ගන්න එක තමා කරන්න තියෙන්නේ
@ බීටා : ගොඩාක් ස්තුතියි බීටා මලයෝ...
@ නිම්ශා : ඔව් නංගී.. අපේ සමාජයේ අදුරු පැතිකඩක්.. කතාවක් ලියමින් ඉන්නේ.. හෙට අනිද්දම දාන්නම්...
@ ayesha : ඔව් අක්කේ එක ඇත්ත.. තනි අපිට මහා ලොකු දෙයක් කරන්න අමාරුයි.. අහක බලන් යන්නැතුව පුන්චි හරි උදව්වක් කරන්න පුළුවන් නම් එක තමයි ලොකුම දේ..
harima lassanai....malli.kalochitha nirmanayak...sanvediva hadavathata danenava!!
@ Dilu : ගොඩාක් ස්තුතියි අක්කේ...
Post a Comment