කුරුළු කූඩුවකින් ඉගිල්ලී නිදහසේ සුවද විදින්නට යන කිරිල්ලියක මෙන් සතුටක් හිතේ දරාගෙන ආ අයේශාගේ සතුට මොහොතකින් ඇගෙන් උදුරගෙන ගියාය.. ඈ එනතුරු කල්ප පෙරමග බලන් ඉදිතැයි අයේශා සිතූමුත් ඈ එනතුරා එහි රැදී සිටියේ වෙනකෙකුය..
අයේශාගේ දෙනෙතට කඳුළු බිදු ගලා ආවේ කල්පට කුමක් උනිදැයි සිතා ගත නොහැකිවය.. ඇගේ කඳුළින් පිරුනු දෙනෙත් ලග ඇයට සිනාසෙමින් මැඩම් ඇය දෙස බලා හිදින්නීය.. අයේශාගේ හිතට කල්ප ගැන මහා බයක් දැනෙන්නට විය..
" කුමාරිකාව මේ කොහේද යන්න හදන්නේ? "
මැඩම් අයේශා ලගට විත් විමසුවේ ඇගේ දෛවයට සරදම් කරමින්ය.. අයේශාගේ හීන ගොන්න එකින් එක ඈ දෙනෙත් මානයේම කඩා වැටෙන්නට විය..
" මැ..ඩ..ම්.. ම..ම..."
ඇය වචන අමුනමින් කතාකරන්නට විය..
" ඔව් මැඩම් තමයි.. උඹ කොහේද යන්නෙ කියලා මට කිවුවේ නැහැනේ? "
ඇය එවර උස් හඩින් අයේශාගෙන් විමසුවාය.. අයේශා කිසිවක් නොපවසා හඬන්නට විය.. ඒ අතර ඇගේ දෙනෙත් කල්ප කොහොදැයි සෙවුවාය..
" කාවද බලන්නේ අර කොල්ලවද? උඹට ආයෙත් ඒ කොල්ලව දකින්න ලැබෙන එකක් නැහැ.."
මැඩම්ගෙන් ලැබුන රළු වදන් අයේශාට දරාගත් නොහැකි විය.. කල්ප ගැන ඇගේ හිතේ තිබුන බය තව තවත් වැඩි වන්නට විය.. ඔහුට කරදරයක් වී ඇතිදැයි ඈ සිතුවාය.. කරන්නට කිසිමදෙයක් සිතාගත් නොහැකිව මැඩම්ගේ දෙපා පාමුල වැද වැටුන ඈ ඇගේ ජීවිතය යදින්නට විය..
" කල්පට අනතුරක් කරන්න එපා මැඩම්.. මම කල්පට ගොඩක් ආදරේයි.. අපිට අපේ ලෝකේ හදා ගන්න ඉඩ දෙන්න මැඩම්.."
ඇගේ දෙපා පාමුල අයේශා ඇගේ ජීවිතය ඉල්ලා හඩා වැලපුනද උණු වෙන හිතක් මැඩම් ලග නොතිබුනාය.. ඈ තවමත් කේන්තියෙන් අයේශා දෙස බලා සිටින්නීය..
" මට උඹේ ආදරේ ගැන පහුගිය ටිකේ තෙරුනා.. මම උඹ පස්සෙන් මගෙ මිනිහෙක් නොදාන්න උඹ මේ වෙනකොටත් මාව පොලීසියට කොටු කරලා.. මේකිව අරන් වාහනේට දා ගනින්.."
අයේශාව ඔවුන් බලෙන්ම වාහනයට නංවා ගත්තේය. ඇගේ නිදහස වෙනුවෙන් අයේශා කෙතරම් කෑගැසුවද ඇයට පිහිටක් වන්නට කෙනෙක් එවෙලේ නොසිටියේය..
අයේශා සමග නික්මුන වාහනය පාළු නිවසක් තුල නතරවිය.. ඉන් අයේශාව එළිය ඇද ගත් ඔහුන් ඇයව නිවස තුලට දමා අගුළු දැමුවේය..
" උඹලා මේකි ගැන හොදට ඇහැ ගහගෙන හිටපන්.. මම තව හවස් වෙලා එන්නම්.."
මැඩම් සමග සිටි අයකුට ඈ එසේ පවසනවා අයේශාට යන්තමින් ඇසිනි.. කඳුළු පුරවා ගත් දෙනෙතින් ඈ දොර ලගට විත් කෑ ගැසුවාය.. ඒත් ඒ හඩ ඇසෙන හදවතක් ඇති මිනිසෙන් ඒ අසල නොසිටියේය..
ජිවිතය වෙනුවෙන් කෑ මොර දී හති වැටුන අයේශා දොර අසලම හිද ගත්තාය.. ඇගේ හිත තිබුනේ කල්ප ලගය.. ඔහුට කුමක් උනිදැයි ඇයට සිතාගත නොහැකි විය.. ඔහුගේ ජීවිතයට අනතුරක් නොවේවායි ඈ දෙවියන්ගෙන් ඉල්ලීය..
කල්පගේ සිතිවිළි අතරම තනිවි උන් අයේශාට කාලය කොතරම් ගලා ගියාදැයි නොදැනුනි.. ඈත හිරු බැසගෙන යන අයුරු ඈ කවුළුවකින් දුටුවාය..ඒ සමගම කාමරයේ දොරගුළු ඇරගෙන ඇතුලට ආ කෙනෙකු ඇය සිටි කාමරයෙන් වෙනත් තැනකට රැගෙන ගියාය..
මැඩම් සමග තව කීප දෙනෙකු ඈ එනතුරු එතන මග බලමින් උන්නාය..
" නතාශා.. කොහොමද ළමයෝ.. ආ වැරදුනා අයේශා.."
ඇය අනිත් අයත් සමග සිනා සෙන්නට විය.. කිසිවක් නොපැවසූ අයේශා බිම බලාගෙන උන්නාය..
" මේ බලපං නතාශා.. උඹ මං කියන විදිහට කලොත් කරදරයක් නැතිව ඉස්සරහට ඉන්න පුළුවන්.. උඹ ඔය කොල්ලව අමතක කරපන්.."
" එක කවදාවත් වෙන දෙයක් නෙමෙයි මැඩම්.. මම කල්පට ආදරෙයි.."
අයේශා මැඩම් සමග වාද වූවාය..
" මාත් එක්ක වාද කරලා උඹට කවදාවත් දිනන්න බැහැ නතාශා.."
" මැඩම්ට ඕන නම් මාව මරන්න ඒත් කල්ප ගැන මගේ හිතේ තියෙන ආදරේ නැති කරන්න මැඩම්ට බැහැ.."
" නැහැ.. නැහැ.. මම උඹව මරන්නේ නැහැ.. "
හිද උන් පුටුවෙන් නැගිටුනු මැඩම් ඈත ගිණි උදුනක දැවෙමින් තිබූ යකඩ කූරක් අතට ගත්තාය.. ඈ හෙමින් අයේශා සිටි තැනට ලංඋනාය..
" උඹ දන්නවනේ මේ මොකද්ද කියලා.. දැන් කියපන් උඹ ඒ කොල්ලව අමතක කරනවද? "
" නැහැ.."
වෙන කිසිවක් ගැන නොසිතූ අයේශා හිත දැඩි කරගෙන පිළිතුරු දුන්නාය.. ඉන් තවත් කෝපයට පත් මැඩම් රත් වූ යකඩ කූරින් අයේශාගේ කකුල පිළිස්සුවාය.. ඉවසුම් නොදෙන වේදනාවකින් අයේශා මහ හඩින් කෑ ගසන්නට වුවාය..
8 comments:
ම්,,, දැන් මොකද වෙන්නේ,,,,
අපොයි ... කතාව එන්න එන්නම සීරියස් වෙනවා ... බලමු ..
මොනවා කියන්නද . අනිත් කොටස එනකම් බලන් ඉන්නවා මිසක . ඉක්මනට ලියන්න අයියේ . මොනා වෙයිද ?
@ හිරණ්‍ය : ඊළග කොටස එනකම් ඉමු... කුතුහලය බිදින එක හොද නෑනේ..
@ දුලාංජලී : සිහින දකින්න ආව ඔයාව සාදරයෙන් පිළිගන්නවා..
ඔව් මේ ආදර කතාවනම් සුන්දර එකක් නෙමෙයි..
@ හිස් අහස : හරි සදරු මල්ලී.. හෙට අනිත් කොටස දාන්නම්..
ඉතින් ඊලගට..හින්දි ෆිල්ම් එකක් වගේ නේ අප්පා..මරු..මරු..
@ නිම්ශා : ටිකක් විතර ඒ වගේ තමයි.. තැන්ක්ස්...
Post a Comment