Blogger templates


Powered by Blogger.
RSS

මට දැනෙනවා නුඹ ඉන්නවා




දුක් ගීයක පදවැලක්
අමුනනවා මං
කඳුළු බිදු අතර සැගවී
රහසේම මං..

මුතු අකුරු අතර ඇමිනි
නුඹෙ මතකය වෙද්දී කවියක්
කියවා යලි කඳුළු සලනවා
නුඹෙ සෙනෙහස ලගදී මං..

නුඹ එන්නේ නෑ ආයෙත්
පිළිගන්නේ කොහොම මම තවත්
මට දැනෙනවා නුඹ ඉන්නවා
මගේ සුසුම වි රහසින්..

දෙනෙත් අග කඳුළු බිදුවක් වී
නුඹ හිදීවි මා ලගින් තවත්
වැටෙන්නට නොදී දෙනෙතින්
රකිමි නුඹෙ මතකය හෙටත්..


  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

12 comments:

නිම්ශා said...

බිදුනු මතකය පෙළින් ගෙන ..
විරහව සිතෙන් පොදි බැදගෙන..
යන්න දුර නුඹේ මතකය ..
රිද්දන මගේ අතිතය ..

අහිමි බව දැන දැනම ..
කරන මම පෙම් පුරාණය ..
නුඹට මිස වෙන කාටද...
හැරගියද සදහට ..
පෙම් කරමි මතු භවයෙම..

පිණිබිඳු... said...

ගතින් ඈත්ව ගියත් නුඹේ මතකයක් සේ හදවතේ පණ පොවා සිටීවි ඈ හැමදාම.

හිරණ්‍ය said...

රැකගන්න මතකය
දිව්රන්න ආදරය
පතුරන්න සෙනෙහස
මතක් වන්න අතීතය

මතක්වන වාරයක් පාසා
හඬවන්න මගේ හර්දය
හඬනා වාරයක් පාසා
සුරකින්න මගේ ආදරය

පාරමිතා පුරමු අප
මතු අන් භවයක හමුවන ලෙසින්

තාරා said...

සිත තුල කකියන
තෙරපෙන වේදනාව
වදනට හරවා
පතකට ගත්කල
නම් වේය එය
....කවියක්....

Dinesh said...

@ නිම්ශා

නුඹ අරන් ගිය හිත
කඳුළක් දී දෙනෙතට
තවත් සෙනෙහස පතනවා
නුඹ ගැනම සිහිවී අද..

නුඹ එන්නේ නෑ
ආයෙමත් මා ලගට
දැන දැනම බලා ඉදිමි
හමුවන්නට අපි අපිට..

Dinesh said...

@ පිණි බිදු

මතකය ඇගේ
මැකී නොයාවි
මියෙන තුරා
හදවතින් කෙදිනෙක.

Dinesh said...

@ හිර්ණ්‍ය

නුඹ ඉන්න හදවත ලගම
ආදරයෙන් හැමදාකම
මතකය ජීවිත් කරාවි
සෙනෙහස පවතින තුරාවට..

Dinesh said...

@ තාරා

කවියකට කලතමි
මගේ වේදනාව
හදවත ඇතුලේ
උතුරා නැගෙන..

බීටා said...

නැගුන විට මතකයට
හද රිදුම් දෙන අතීතය
දැනුන දුක නුඹ හට
අපූරුය.........
නැගූ හැටි කවියකට.

සුළඟිල්ල | pinkie said...

ලස්සනයි අයියෙ.. රිපලයි කවිලියන්න ඕන් මටනම් බෑ.. :D කියවා රසවින්ද.. :D

Dinesh said...

@ සුළගිල්ල : ස්තුතියි මලයෝ...:)

Dinesh said...

@ බීටා

කඳුළු සැලූ මට
නුඹෙ මතකයෙන් හැමදාම
කවිකම උරුම කර දුනි
නුඹෙ ආදරය සිහිනයක්ව..

Post a Comment