වර්ණ රූ රටා මුසු කරගෙන ජීවිතයට
පාට පාට සිහින ලොවක සිරියාව අරගෙන
මම තවම නුඹ එනකම් සැණකෙළිය අභියස
සිනහ තවරන්න විඩාබර ඔබේ හදවතට..
රැයක් පුරා හිනැහෙමි දෙනෝදාහක් අතර
නොහදුනන මුහුණු වල සිනහ රැල් මත
නුඹ තුටින් මට යලි දි යන සිනහව
මට අහිමි බව මම කෙලෙසින් පවසම්ද..
නුඹෙ දෙනෙත් ඉදිරියේ මා හෙලන
කඳුළත් සතුටකි නුඹට පිටතින් පෙනෙන
ජීවිතය මහා දුක් ගොඩක් බව
පවසද්දි හිනැහේවි නුඹ පෙර ලෙසම..
පොඩි එවුන්ගේ සොදුරු හිත ලග
මම මහා වීරයෙකි උන්ගේ ලෝක වල
ගෙදර පැටවුන්ගේ බඩ ගින්න නිවන්නට
ගන්න මේ වෙහෙස දන්නේ මම විතරමද..
සිනාසෙමි මම නුඹලාගේ හිත් හදන්නට
කිසිවක් නොපෙන්නා වර්ණ ලෝකයෙන් එපිටට
සිනහව තවරමි මහා විරයෙක් විලසට
තව තව අරන් කඳුළු කැට නුඹෙ දෑසින් මම..
14 comments:
නියමයි...
:D ලොල්ය.. පට්ට අයියෙ.. :D
ම්...ම් අපූරුයි
පට්ටය් ඈ......100%
@ සුළගිල්ල : තැන්ක්ස් සුළා...
@ මාලන් : ස්තුතියි මල්ලියෙ කමෙන්ට් එකට...
@ බිටා : තැන්ක්ස් මල්ලි...
@ ayesha : ගොඩාක් ස්තුතියි අක්කෙ....
සුපිරි කවිය... දිනේ අයියා !! ඔයා ඉතින් දැන් බ්ලොග් අවකාසේ ඉන්න පට්ටම කවියෙක් ..
මට මතක් වුණා ඇට මැස්සා කතාවෙ එන සිද්ධියක්..
අපූරු කවියක්.
@ හිස් අහස : අනේ මන්දා.. මම හිතේ අදහස් මේ විදිහට ලියනවා.. හොද නරක දන්නේ ඔයාලම තමයි..
@ නලිනි චන්දිම : මම අහලා නෑනේ එහෙම කතාවක්.. කොහොම උනත් ස්තුතියි කමෙන්ට් එකට..
ඇට මැස්සා කියන්නෙ The Gad Fly නම් කතාවෙ පරිවර්තනය. එහි එක් චරිතයක් කාලයක් තිස්සෙ ජීවත් වෙන්නෙ සර්කස් එකක විහිළු කාරයෙක් හැටියට. අනික් මිනිස්සුන්ව හිනස්සන්න නොයෙක් දේ කළත් ඒ මනුස්සයා හිතින් විඳවන විඳවිල්ල ගැන එහි සඳහන් වුණා. ඔයාගෙ පදපෙළ දැක්කම ඒ කතාව මතක් වුණා. හුඟක් හිතට දැනෙන පදපෙළක්.
@ නලිනි චන්දිමා : බොහොම ස්තුතියි අක්කෙ කතාව ගැන පොඩි හැදින්විමක් කලාට.. " The Gad Fly " අවස්ථාවක් ලැබුනොත් හොයාගෙන කියවනවා...
Post a Comment