“ මට මොනවද ගෙනියන්න තියෙන්නේ ?” නදුන් ගාමිණිගෙන් විමසුවේය..
“ මෙන්න මේ පෙට්ටිය..” ගාමිණි තරමක් විසාල බඩු පෙට්ටියක් පෙන්වමින් පැවසුවේය..
“ ඕක ලොකු උනාට ඒ තරම් බර නැහැ.. උඹට ඕක ගෙනියන්න පුළුවන්..”
ගාමිණි පැවසුවාක් මෙන් එය එතරම්ම බරකින් යුක්ත නොවූවකි.. එතරම් සැහැල්ලු දෙයක් ගනියාමට මොවුන් තමන්ටම අඩගසන්නේ ඇයිදැයි නදුන් තනිවම කල්පනා කලේය.. බඩුපෙට්ටිය දෑතට ගත් නදුන් මලිත් සමග ඔවුන් කී තැනට යාමට සූදානම් වීය..
“ පොඩි එකාව මෙතන තියලා පලයන්.. නැත්නම් උඹට එතන්නට යන්න පැයක්වත් යාවි..” ගාමිණි පැවසුවේය..
“ බැහැ.. මට මල්ලිව මෙතන තනියම දාලා යන්න බැහැ..” නදුන් පැවසීය..
“ මේ මුදලාලිව උඹ හොදට දන්නවනේ.. කඩේ ලගින් මල්ලිව ටිකකට තියලා පලයන්..”
නදුන් ඊට කොහෙත්ම කැමති නැත.. මේ වෙනකම් කවරදාකවත් මොහොතකටවත් මල්ලිව තනි නොකල නදුන්ට මෙලෙස මල්ලිව තනියම මුදලාලිට බාර දී යාමට හිත එකග නැත.. කෙසේ හෝ මල්ලිත් සමග ඉක්මනින් යන්නම් යැයි නදුන් පැවසුවද මල්ලිව නවතා යන්නැයි ගාමිණි දිගින් දිගටම කීවේය..
කිසිවක් හිතා ගත නොහැකිව නදුන් කල්පනා කරමින් සිටියදි ඈතින් ඔවුන්ට හිතවත් ආච්චි අම්මා එනු නදුන් දුටුවේය..
“ ආච්චි අම්මේ.. මම මේ බඩු ටික මහත්තයට ගිහින් දීලා එනකම් මල්ලිව ටිකකට බලා ගන්නවද ?”
“ හා පුතේ.. මම මෙතනින් වාඩි වෙලා ඉන්නම්.. උඹ ගිහින් වරෙන්..”
ආච්චි අම්මා ලග මල්ලිව නතර කල නදුන් බඩු පෙට්ටියත් අරගෙන මහත්තයා පිටුපසින්ම ආවේය.. පෙනෙන නොපෙනෙන මානයේ දෙතුන් වතාවක්ම නදුන් මල්ලි දෙස ආපසු හැරි බැළුවේය.. ආච්චිගෛ උකුලට වී මල්ලි හිනැහෙමින් ඉනු දැක මල්ලි ගැන නදුන්ගේ හිතේ තිබුන් බය ටිකක් අඩුවී ගියේය..
“ අපි ඉක්මනට යමු.. මට දැනටමත් පරක්කුයි..” පාර දෙස ආපසු හැරී බලමින් එන නදුන්ව දුටු මහත්තයා නදුන්ට ටිකක් සැරින් කතා කලේය..
මහත්තයාගේ හැසිරීමත් ඔහුගේ පෙනුමත් නිසාම නදුන්ට ඔහු ගැන හිතේ බයක් ඇති වී තිබුනි.. වට පිට බලමින් නදුන්ට වඩා පියවර කීපයක් ඉදිරියෙන් ඔහු ඇවිද ගියේය..
වැඩි වෙලාවක් යන්නට පෙර ඔවුන් කී තැනට නදුනුත් මහත්තයත් පැමිණියේය.. නදුන් අරන් ආ බඩු පෙට්ටිය වාහනයකට පටවා ගත් ඔවුන් නදුන් අත රු:200 තැබුවේය.. එතරම් සුළු වැඩකට මෙතරම් ලොකු මුදලක් නදුන් ලැබු පළවෙනි දවස අදය.. නදුන් කිසිවක් කියන්නට මත්තෙන්ම ඔවුන්ගේ වාහනය විදුළි වේගයෙන් ඈතට ඇදි ගියේය..
අත තැබු සල්ලි මිටින් මොලවගෙන නදුන් පාර දෙස බලා සිටියේ පුදුමයෙනි.. නදුන්ගේ හිතට දැනෙමින් තිබුන බය ටිකෙන් ටික අඩුව යත්ම නදුන් ආපසු මල්ලි වෙත එන්නට හැරුනේය.. එන අතරමගදී කඩයකට ගොඩ උන නදුන් මල්ලිට අයිස් පලමක් මිලදි ගත්තේ මල්ලි ඒවාට ගොඩාක් ආසා නිසාය..
ඉක්මනින් මල්ලී සොයා පැමිණි නදුන් ඔහු යද්දි කඩ පිලේ වාඩි වී උන් ආච්ච් අම්මත් මලිත් එතැන නොසිටිනු දැක මදක් කලබල වුවේය..
“ අපේ මල්ලිව දැක්කද මුදලාලි මහත්තයො ?” ඉක්මනින් කඩයට ගොඩ උන නදුන් මුදලාලිගෙන් විමසුවේය..
“ නැහැ මම දැක්කේ නෑ..” මුදලාලි පැවසීය..
“ මම අර මහත්තයත් එක්ක යනකොට මල්ලි ආච්චි අම්මත් එක්ක මෙතනනේ හිටියේ..”
“ එහෙනම් ඒ මනුස්සයත් එක්ක ලගකට යන්න ඇති.. ටිකක් බලපන් මට කරදර කරන් නැතුව..” මුදලාලි එවර පැවසුවේ කේන්තියෙනි..
පාරට ආ නදුන් පාර් එහා මෙහා හොදින් බැළුවේ ආච්චි අම්මත් මල්ලිත් පේන දුරකින් ඉන්නවද කියාය.. ඒත් ලග පාත කොතනවත්ම නදුන් ඔවුන්ව නොදුටුවේය.. නදුන්ගේ හිතේ අමුතු දේවල් මැවෙන්නට පටන් ගත්තේය..
“ මල්ලි කොහේද ගියේ ?” නදුන් තමන්ගෙන්ම විමසුවේය..
27 comments:
ඊලග පෝස්ට් එක බලන්න නොඉවසිල්ලෙන් ඉන්නවා.... ඉක්මනට ඒකත් දාපන්...
නොහිතපු පැත්තකට කතාව ගිහින්. හිතේ බරක්, වේදනාවක් එන තැනකින් නතර කරලා. හරි නරකයි. ඉක්මණට මල්ලිව හොයල දෙන්න.
අපට මල්ලිව හොයලා දෙන්න. පව් අහිංසක පොඩි එකා.අයියා නැතුව අඩනවා ඇති.
අපෝයි. ඒ ජරා මිනිස්සු මල්ලිව උස්සලා. ශික් විතරක්. මෙහෙමත් මිනිස්සු. දන් ඉතින් මේ මල්ලිව කොහේට හරි විකුනාවි. මුලින්ම මම හිතාගෙන හිටියේ මේක කුඩු පාර්සලයක් වෙන්න අති කියලා. කතාව උඩු යටිකුරු කලා මේ පෝස්ට් එක.
එතකොට අර ආච්චි අම්මට මොකද උනේ ? ආච්චි අම්මයි මල්ලියි අතුරුදහන් උනේ කොහේටද ? මේවා තවමත් උත්තර නැති ප්රශ්න බවට පත් වී ඇත. කතාවේ ගලා යාමට බාදා නොකර අපි උපේක්ශාවෙන් බලා හිදිමු.
@ නලිනි චන්දිමා : හැමෝගෙම අදහස් දැන ගන්නත් එක්ක කතාව එතනින් නතර කලේ..
@ කිඩෝ : හරි මම ඒකත් ඉක්මනින් ලියන්නම්..
@ මධුරංග : ඔව් ඊයේ පොස්ට් එකේ කම්න්ට් දැක්කම මම හිතුවා හැමෝම කතාව ඒ පැත්තෙන් යාවි කියලා හිතාගෙන ඉන්නවා කියලා.. ඒත් මම කලින් කතාව හිතුවේ මේ විදිහට.. ඔයාගේ ප්රශ්ණ වලට ඊළග කොටසින් උත්තර ලැබේවි..
අනේ...මල්ලිට මොනව වෙය්ද??????අය්යෝ.....:(
අය්යේ...ඉක්මනට ඉතුරුටිකත් දාන්නකෝ...ආසාවෙන් ඉතුරුටික එනකල් බලාන ඉන්නව...
කෝ ඉතින් මේකේත් නෑ නේ පෙට්ටියේ මක්කා තිබේද කියලා...ඔය පෙට්ට් සීන් එක නිසා හිරේ යන්න වෙනවා ශුවර්
@ තටු සිදුන සමනළියක් : මල්ලිට මොකද උනේ කියලා ඊළග පොස්ට් එකෙන් කියන්නම්.. ගොඩක් ස්තුතියි කමෙන්ට් එකට...
@ රත්ගමයා : පෙට්ටි සීන් එක එතනින් ඉවරයි මල්ලියේ.. ඔයාලා හිතුවේ කුඩු කේස් එකක් වේවි කියලනේ? ඒත් එහෙම දෙයක් නෙමෙයි මෙතන වෙන්නේ.. ඊළග කොටස බැළුවාම තේරේවී...
බොහොම අවිනිශ්චිතයි
සුදු වෑන් එකක් මල්ලිව අරාන ගියාද?
පුංචි එකා හම්බෙනවා මට විශ්වාසයි.....
ඊළඟ කොටස..................
අප්පෝ අර ආච්චි අම්මා නම් ! මල්ලිට මොනවා වෙවිද හැබෑට . බලාගෙන ඉම්මු .. මම හිතන්නේ මුදලාලියාම තමයි කවුරුහරි දම්මලා ඔය වැඩේ කරේ !
අයියෝ මමත් හිතුවේ නැහැ පොඩි එක්කෙනාව අරන් යයි කියලා නම් ...හ්ම්ම්ම්...ඉතුරු කොටස අයියේ...
@ ජනරග : ඔව් යාළුවා.. කට්ටිය දැන් මට බනිනවද දන්නෑ.. කතාවට මොකද වෙන්න යන්නේ කියලා..
@ සොදුරු සිත : සුදු වෑන් එකක දාන් යන්න තරම් වරදක් පොඩි එකා කරලා නෑ.. :)
ඔව් අක්කේ අපි ඊළග කොටසින් ඒ ගැන බලමු..
@ හිස් අහස : කව්ද වැරදි කව්ද නිවැරදි කියලා අපි අනිත් කොටසින් දැනගමු මල්ලී..
@ නිම්ශා : අනිත් කොටස ඉක්මනට දෙන්නම්.. ගොඩාක් ස්තුතියි කමෙන්ට් එකට..
අයියෝ මල්ලි කොහෙද ගියේ.
එල එල මල්ලි .........
මම හිතුව පැත්තට නෙමේ දැන් කතාව යන්නෙ .....
අවංකවම මට මාර දුකයි නදුන් ගැනයි මල්ලි ගැනයි ......
මොකද්ද දිනේෂ් කරන්නේ....නදුන්ට කරදරයක් වෙයි කියල බයෙන් ඉන්නකොට ඔයා අර අහිංසක පොඩි එකාව උස්සල.....
@ පිණිබිදු : මල්ලිව අපි ඉක්මනින් හොයාගමු..
@ සිතුවිලි නිහඩයි : ඔයාලා හිතාගෙන හිටිය විදිහ වෙනස් උනාට සමාවෙන්න ඕන..
@ කල්හාර දිසානයක : කතාව ගොඩ දෙනෙක් හිතුවේ වෙනස් පැත්තකින්.. ඇත්තටම නදුන් ගැන අපි හැමෝටම දුකයි..
අනේ නඳුන් පොඩ්ඩෝ,මල්ලි බබා කොහෙද අරං යන්න ඇත්තේ..?:/
මමත් ආවෝ...............................
Post a Comment