එතෙක් වේලා නැවතී තිබුන වැස්ස මහා වැස්සක් වී ඇද හැලෙන අයුරු දෙස නදුන් බලා සිටියේය.. වැහි බින්දු තරමටම කදුළු බිදු නදුන්ගේ දැසින් වැටෙමින් තිබුනේය.. ගාමිණිගේ මිතුරා වංචාකාර දෑසින් ඒ මේ අත බලමින් නියපොතු කමින් නදුන් ඉදිරියේ බංකුවක වාඩි වී සිටියේය..
ඔහුව දකින් මොහොතක් පාසාම නදුන්ගේ හිත කේන්තියෙන් පිරි ගියද කිසිවක් කර ගත නොහැකිව අසරණව නදුන් බලා සිටියේය..
“ ලොකු මහත්තයා එන්න තව ගොඩක් වෙලා යයිද ?” නදුන් වරින් වර රාලහාමි කෙනෙකුගෙන් විමසුවේය..
“ ආවම මම කියන්නම්.. ඔහෙන් වාඩි වෙලා ඉන්න..” ඔහු පැවසීය..
ගාමිණිගේ මිතුරා ඉදිරිපස වාඩිවී ඔහු දෙස බලා හිදීමට අකමැති නදුන් ජනේලයක් අසලට වී පාර දෙස නෙත් යොමාගෙන සිටියේය.. වැහි බින්දු අතර නදුන්ගේ හිත මල්ලිත් ඔහුත් ගතකල සොදුරු මොහොතවල් වෙත ඇදි ගියේ නදුන්ටත් නොදැනීමය..
වැස්සේ තෙමි තෙමී මල්ලිත් එක්ක සෙල්ලම් කරපු හැටි නදුන්ගේ දෑස් අද්දර මැවෙන්නට විය.. මල්ලිගේ හිනාව ඔහුගේ දගකාරකම් එකින් එක මතකයට එත්ම නදුන්ගේ දැස් කදුළින් බර විය..
කාලය කොතරම් ගෙවි ගියාදැයි අදුන්ට නොදැනුනේය.. වැහි වළාවන් අතර සැගව හිරු බැස ගියේ කොයි මොහොතේදැයි නදුන්ට නොදැන සිටියේය.. නදුන් බිත්තියේ ගසා තිබු ඔරලෝසුව දෙස උනන්දුවන් බැළුවේය.. අකුරු ඉලක්කම් හරි හැටි නොදන්නමුත් අම්මා නදුන්ට හංදියේ ඔරලොසු කණුවේ වෙලාව බලන හැටි උගන්වා තිබුන නිසා සවස 7 පසුවී ඇති බව ඔරලෝසුව දෙස බලා නදුන් තේරුම් ගත්තේය..
මල්ලිව සොයා වෙහෙසෙන්නෙට තිබූ වේලාව මෙතනට නාස්ති වී ගියාදැයි නදුන් තනිවම සිතුවේය.. නදුන්ගේ කල්පනාවට බාදා කරමින් කවුරුන් හෝ නදුන්ට කතා කරන හඩ නදුන්ට ඇසුනේය..
“ මොකද්ද ඔය දරුවට කියන්න තියෙන්නේ ?” කරුණාවන්ත හඩක් නදුන්ගේ දෙසවන වැටුනේය.. ලොකු මහත්තයා ඔහු වෙන්න ඇතියි සිතු නදුන් සියල්ලක්ම එක දිගට කියාගෙන යන්නට විය..
“ ආච්චි තුවාල වෙලා හිටියේ මැනිං මාකට් එක කිට්ටුවට වෙන්නද ?” නදුන්ගේ කතාව අසා උන් ලොකු මහත්තයා නදුන්ගේන් විමසුවේය..
“ ඔව් මහත්තයෝ ඒ කිට්ටුව තමයි..” නදුන් පිළිතුරු දුන්නේය..
වෙනත් කිසිවක් නදුන්ගෙන් නොවිමසු ඔහු ඊළගට හැරුනේ ගාමිණිගේ මිතුරා දෙසටය..
“ දැන් ගාමිණි කොහේද ඉන්නේ ?” ඔහු විමසුවේය..
“ මෙයා කියන්නේ බොරු මහත්තයෝ.. අපි මල්ලී ගැන කිසිම දෙයක් දන්නේ නෑ..” ගාමිණිගේ මිතුරා පවසන්නට විය..
“ තමුසෙලා ගහලා පාරේ දාලා අපු වයසක මනුස්සයව අපිට හම්බුනා.. ඒ මනුස්සයා කිව්වේත් මේ පොඩි එකා කියපු ටිකමයි.. ඒ හින්දා ඇත්ත කියන එක තමුන්ට හොදයි..” ඔහු තරමක් තදින් විමසුවේය..
කිසිවක් කියා ගන්නට නොහැකිව ගාමිණිගේ මිතුරා වට පිට බැළුවේය.. තවත් බොරු කීමෙන් වැඩක් නැති බව තේරුම ගත් ඔහු සියල්ලක්ම පැවසුවේය..
“ දැන් ගාමිණි කොහේද ඉන්නේ ?” ලොකු මහත්තයා ආයෙත් විමසුවේය..
“ වරාය කිට්ටුව තියෙන කඩේක ඇති.. හෙට උදේ වෙනකන් මල්ලිව එතන තියාගෙන ඉන්නවා කිව්වා..” ගාමිණිගේ මිතුරා පැවසීය..
නදුන්ගේ හිතට දැනුනේ කියා ගත නිහැකි සතුටකි.. ඔහුගේ දැසේ තිබු කදුළු මොහොතකින් පහව යන්නය විය..
17 comments:
ඔන්න දැන් අපිටත් හිතට හොඳයි. ඊලඟ කොටස එනකම් බලා ඉන්නවා.
හුම් හිතුවෙ නැති වුනාට පොලීසියෙන් සප් එක නදුන්ට ලැබෙයි වගේ.... ඒක හොදයි...
ඇති යන්තන් ඇගට ලේ ටිකක් ඉනුවා. අපටත් ඕනවෙලා තිබුනේ මේ මල්ලිව කොහොමහරි හොයාගන්න තමයි. දැන් නම් කතාව සතුටු හිතෙන පැත්තකට ගලාගෙන යන පාටයි.
අඩේ අප්පා...හොද රාලහාමි කෙනෙක්..මම මේ රාලහාමි වගේ අය ගැන නෙමේ කලින් කිව්වේ අයියේ.
අම්මෝ...හිතේ තිබ්බ අමුතු හැගීම ටිකක් විතර අඩු වුණා...පොලීසියෙන්වත් උදවුවක් ලැබුනොත් ලොකුදෙයක්.....ඊළඟ කොටසත් එනකල් මඟ බලාගෙන ඉන්නව....
@ කිඩෝ : ඔව් මල්ලී.. නදුන්ට දැන් තියෙන එකම සරණ එක තමයි..
@ නලිනි චන්දිමා : ඔව් අක්කේ ගොඩක් දෙනෙක් බලාගෙන් හිටියේ මේ කොටස එනකම්..
@ මධුරංග : ඔව් මධුරංග.. මල්ලිව හොයාගන්න ලැබුන එක නදුන්ගේ හිතට ලොකු සහනයක් වේවි..
@ තටු සිදුන සමනලියක් : පොලිසියෙන් උදව්ව ලැබේවි.. නදුන්ට තනියම ගාමිණි එක්ක හැප්පෙන්න බැහැනේ..
@ රත්ගමයා : ඔව් මම දන්නවා.. හැමොම නරක නෑ.. හොද අය ට්කක් විතර ඉන්නවා.. නදුන්ගේ වාසනාවට හම්බුනේ එහෙම කෙනෙක්..
පොලීසිය පගා මරුවො උනේ නැත්තම් හොඳයි.
කොහොම උනත් මල්ලිව හොයගන්න පුලුවන් වෙයි නේ.
@ හංසි : ඔව් මල්ලිව හොයාගන්න ලැබේවි..
@ පිණිබිදු : ඔව් අක්කේ ඔයා හරි.. පොලිසියත් දැන් එච්චර විශ්වාස කරන්න බැනේ..
අනේ හොඳයි....මම බයේ හිටියෙ මල්ලිට මොකක් හරි කරදරයක්වත්ද කියලා.. :)
@ මකුළු පැංච් : නෑ නෑ.. එහෙම නපුරක් වෙන්නේ නෑ..
පොලිසියේ ලොක්ක හොඳයි වගේ .......
Post a Comment