හිරු ගිලෙන හෑන්දෑවක
ඔබත් එක්ක තනි වෙන්න
එනවාද සොදුර නුඹ
සදත් අරන් මේ සයුරු තෙරට.
ක්ශිතිජ රේකාවෙන් එහා
දේදුන්නක පාට අරන්
තනමුද අපේම ලොවක් අප
කිසිවෙකුත් නොඑන මානයක.
වෑහිළිහිණින් පියබයි මගෙන් දුර ඈතට
පවසමින් එන බව ඝණ අදුර හිස් අහසට
ඔබ කොහිද තවමත් හිතවතිය
නොම එන්නේද මගේ ලොවට අද දින.
හිරු ගිලෙයි වෙනදාටත් කලින් අද
තනිව මා වෙරළේ නුඹ නෑතිව
එන්න ඉක්මනින් නුඹ මා ලගටම
නොමදී අමාවක රෑයක් මගෙ ලොවට....
2 comments:
ලස්සනම ලස්සන පද ටිකක්....:)
ස්තුතියි මිතුර......
Post a Comment