මහ සයුරෙන් නෑගි ඉහලට
එක්වෙලා ඝණ වළා කුළකට
සිතේ සතුටින් සොයා ආමි නුඹ
ගිමන නිවන පහසක් වන්නට.
සමනල කන්දෙන් නෑගුන ගගුල
සොයා ආවා මෝසම් සුළග සමග
පෝෂනය එක් කලා නිබදවම
කර්කෂ වු මහ පොලොව මතට.
විටෙක මහ වෑවක් උනා
කෙත් වතු සරු සාර කරනට
මනබදින දිය ඈල්ලත් මම විය
ඔබේ නෙත් විශ්මිත කල.
දුර ගමන ගෙවා ඇවිදින්
මිනිස් මනදොල නිනවන්න
සයුරට එක් උනෙ කිම
නුඹට පසහක් නොදි මම.
ආයෙත් හිරු පැයුව දිනයක
එක්වෙමි අහස් කුසට මම
පැමිනෙමි නුඹ සොයා දිනයක
පොද වැස්සක් වි මම....
4 comments:
මම සිහින කියවන්න එන්න හේතුව මේක තමා අයියා...නිතරම ලියන්නෙ වෙනස් මාතෘකා වලට
Puduma lassanak...!
ස්තුතියි දිලු අක්කෙ.........
බොහොම ස්තුතියි රත්ගමයා මල්ලියෙ..... අළුත් මාතෘකා වගයක් තියෙනවා.... මෙ ටිකෙ ලියාගෙන යනවා....
Post a Comment