Blogger templates


Powered by Blogger.
RSS

සුභ උපන් දිනයක් අම්මේ.....

අද (12.01) මගේ ආදරණීය අම්මගේ උපන්දිනය....මේ මට අම්මගේ උපන්දිනයට අම්මා ලග ඉන්න බැරි උන 3 වෙනි අවුරුද්ද...ඉස්සර පොඩියට හරි අපි එකතුවෙලා බෙදා ගත්ත ඒ සතුට අද ඒ විදිහටම විදින්න අපිට බැරි වෙලා...ඒ අපි රටවල් දෙකකට වෙලා ඉන්න නිසා.. අම්මට අපි හැමදාමත් ආදරෙයි... මේ ලොකු පුතයි, දුවයි, පොඩි පුතාගෙනුයි අම්මගේ උපන්දිනයට දෙන පුන්චිම පුන්චි තැග්ගක්... සුභ උපන් දිනයක් අම්මේ.....


මහා සාගරයක් තරම් ගැඹුරු වු
නුඹේ හිතේ රෑදුන සෙනෙහසට
සෙනෙහසේ ගීතයක් ලියන්නට
අවසරද අම්මේ මේ පුතුට.

නුග රුකක් වන් නුඹෙ සෙනෙහස
සෙවන දුන්නා මට හැමදාම
ආදරයෙන් මගේ ලග හිද
කදුළක් නොදී මගෙ දෙනෙතට.

සෙනෙහසේ දියළුම ඇල්ල නුඹ
හැමදාකම එක ලෙස
අපි තුන්දෙනාගෙම සිත් තුල
නිකැලැල්ව  සෙනෙහස පිදුව.

මහ පොලොව තරම් සවිමත් නුඹෙ සිත
දරාගත් දුක් අපමණයි නුඹෙ ලෝකය තුල
වසන්කරගෙන සැලුව කදුළෑල්
අපමණයි නුඹ නොහැඩුවාට.

සදුයි නුඹ අපේ අහස කුසට
තරු රෑනම එළිය කල
වාසනාවන්තයි අපි පින් කල
ඉන්නට නුඹේ සිසිලස ලග හැමදාම..


  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

11 comments:

dinesh said...

ඔන්න ඔයාලගෙ අම්මට මේ දිනේෂ්ගෙනුත් සුබ උපන් දිනයකට ආසිරි.....

ස්වප්නා said...

ඔන්න අපිත් සුබම සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා ඔයාගෙ අම්මාට

subashblog said...

මමත් ඔයාගෙ අම්මට සුභම සූභ උපන් දිනයක් කියලා ප්‍රාර්තනා කරනවා.....

Pasan Buddhika said...

මගේ සුබපැතුමත් ඒ එක්කම...............
සුබ උපන්දිනයක් වේවා!

Anonymous said...

හැගුම් බරයි.අම්මාගේ අගය දැනෙනිනේ ඔහු අපෙන් දුරවිටයි

dsdd... said...

බිඳුවක් ඈතින් උන්නත් මා...
මා ඔබ ලඟ අම්මේ.....

Dinesh said...

බොහොම ස්තුතියි යාළුවො හැමෝටම...

බුද්ධි said...

මමත් සුබ පැතුවා කියලා අම්මට කියන්න!

තරු අහස said...

මමත් ඔයාගෙ අම්මට සුභ උපන්දිනයක් පතනවා...

ayesha said...

මම පරක්කු උනා. ඒත් මමත් ඔන්න ඔයාගේ අම්මට සුභම සුභ උපන් දිනයක් වෙවා කියලා ප්‍රර්ථනා කරනවා

Princess Thushy said...

සුභ උපන්දිනයක් අම්මේ...

Post a Comment