Blogger templates


Powered by Blogger.
RSS

සද අමනාප වෙලා



සද අමනාප වෙලා
අමාවක රැයක් පැමිනිලා
නෙත් අග කදුළු බිදු නිසා
මගේ සිහිනයත් බොද වෙලා.

කදුළු අරගත්තු වළාකුලක් එදා
ඒවි අද මහ වැස්සක් වෙලා
තැවුන සිත නුඹ නික්ම ගියදා
නුඹට නොඇසෙන කවියක් උනා.

මගේ පාළුව වයන තනුවක පැටලිලා
ඇසෙයි නුඹේ හඩ  ගීයක් වෙලා
මිහිර සොයන පද වැලක එතිලා
නුඹෙ මතකය මම කවි කරනවා.

සිනහ තැවරුන නුඹ දෑස දිහා
බල උන්න මොහොතක් පාසා
මතකයි එහි ආදරය ඉතිරුනා
අමතක උනත් නුඹට කතා.

දුරස් උනේ නුඹ මගේ සිත පාරා
ලන්වෙන්නට පැතුමන් මදි උන නිසා
සිනාසෙන්නත් මට වරම් අහිම්දා
මේ මමදැයි මට අමතක වෙලා....

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

6 comments:

නිපු said...

සිනාසෙන්නත් මට වරම් අහිම්දා
මේ මමදැයි මට අමතක වෙලා....

හරිම ලස්සනයි..

පබලු said...

පැහැය විහිදනා අහස ලඟ ..
සිසිල ගෙන එනා පහස මත..
රැදුනු සෙනෙහස් සයුරු මැද
මට අහිමි මගේ කවිය නුඹ .. ( පබලු )

A Quote world of Dilu! said...

harima lassan galpimak wachana thula thiyenava...lassanai malli.

ayesha said...

සිනාසෙන්න මට වරම් අහිමි දා
මේ මම දැයි මට අමතක වෙලා

හ්ම්...හුඟාක් ලස්සනයි

Dinesh said...

NIPU, PABALU, DILU and AYESHA.... thank u soo much..

සෙනරත් බණ්ඩාර (සිංහල පද්‍ය රටා.....) said...

සිහින හොරු අරන්!
ලස්සන නිර්මාණයක්

Post a Comment