සුන්දර සැන්දෑවේ ඉස්සර තිබුන ලස්සන තාමත් ඒ විදිහටම තියෙනවාදැයි සුපුන් තනිවම වෙරළේ බංකුවක් මතට ව් කල්පනා කලේය.. ජීවිතය ගෙවුන මාස කීපයට කොයිතරම් වෙනස් උනාදැයි සුපුන් සිතුවේය.. හැබෑම ආදරයක් ලග අයාලේ යන සිත් මෙල්ල වෙනවා කියලා සුපුන් අහලා තිබුනත් ඒ දේ ඇත්තක්ම කියලා සුපුන් තේරුම් ගත්තේ ගෙවී ගිය මාස කීපයේදී..
හිරු බැස ගිහින් සදුත් තරුත් හිනැහෙන අහස දෙස සුපුන් බලා සිටියේ හිතේ තෙරපෙන වේදනාව කඳුළක් වෙලා දැසෙන් පිට වෙන්න නොදීය.. ආදරය හැබැවටම සුපුන්ගේ ජීවිතය වෙනස් කලා.. ඒත් ඒ ආදරය සුපුන්ගෙන් දුරකට ඇදී යන තුරුම සුපුන් බලා හිටියේ ඔහුගේම අවාසනාවටය..
“ මචං සුපුන්.. උඹ තාම මෙතනද?? යං යං.. කට්ටිය බලාගෙන ඇති අපි එනකම්..”
දමිත්, සුපුන්ගේ හොදම මිතුරාය.. සුපුන්ට මිතුරන් ඕනෑ තරම් සිටියත් ඔහුගේ දුකේදීත් ලග සිටි එකම මිතුරා දමිත්ය..
“ කොහේද ?”
“ කොහේද කියලා අහන්නේ.. ක්ලබ් එකට තමයි..”
“ මට බැහැ දමිත්.. උඹ පලයන්..”
සුපුන්ගේ හිත හැමදාම මෙන්ම අදත් තේරුම් ගත් දමිත් සුපුන් ලගින් වඩි වී ඔහුගේ කරට අත දා ගත්තේය..
“ සුපුන්.. මම දන්නවා මචං උඹ කල්පනා කරන්නේ මොකක් ගැනද කියලා.. ඒත් මචං අපිට දැන් ඒ වැරැද්ද හරි ගස්සන්න බෑ..”
කිසිවක් නොකියාම සුපුන් අහස දෙස බලා සිටියේය..
“ සුපුන්.. මේ අහපන්.. මං දන්නවා උඹ ඒ කෙල්ලට ආදරේ කලේ සිරාවටම.. ටික කාලයක් යද්දි උඹ අතින් උනේ වැරැද්දක් නෙමෙයි කියලා ඒ කෙල්ල තේරුම් ගනීවී..”
“ මට තව එක පාරක් එයාව මුණ ගැහෙන්න ඕන දමිත්.. මට එයාට මේ හැම දෙයක්ම තේරුම් කරලා දෙන්න ඕන..”
“ හරි මචං.. මම උඹට උදව් කරනවනේ.. අපි කොහොමහරි එයාව හොයාගමු.. ඊට පස්සේ අපි සිද්ද උන හැම දෙයක්ම තේරුම් කරලා දෙමු..”
“ එයා තේරුම් ගනිවිද මචං.. ඒදා ඒ ඇස් වල තිබුන කඳුළු මට තාමත් මැවිලා පේනවා..”
“ අපි පස්සේ කල්පනා කරමු මොකද කරන්නේ කියලා.. දැන් යමු හැමෝම උඹ එනකම් බලාගෙන ඇති.. උඹලගේ තාත්තට කේන්ති ගියොත් දන්නවනේ..”
දමිත් බලෙන්ම සුපුන්ව ඔහුගේ වාහනයට නංවා ගත්තේය.. අද සුපුන්ගේ උපන් දිනය නිසා ඔහු වෙනුවෙන් අද ඔවුන්ට අයත් ක්ලබ් එක වෙන්වී තිබුනේය.. ඒත් සුපුන්ට සාදයට යාමට තරම් හිතක් නොතිබුනේය.. මැදියම වන තුරුම වෙනදා මෙන්ම වෙරළේ රැදෙන්නට සුපුන්ගේ හිත ආශා කලේය..
අකමැත්තෙන් උව ක්ලබ් එකට එත්ම සුපුන්ගේ තාත්තා එහි දොරකඩට වී ඔවුන් එනතුරු බලා සිටියේ තරමක් කේන්තියෙනි..
“ සුපුන් තමුසෙනට මොකද දැන් ටික දවසක ඉදන් වෙලා තියෙන්නේ.. මේ මිනිස්සු ඇවිත් දැන් කොච්චර වෙලා ඉදන්ද තමුසේ එනකම් බලන් ඉන්නේ..”
තාත්තා ඔහුට බැන වදිද්දී කිසිවක් නොකියා සුපුන් බිම බලාගෙන සිටියත් දමිත් ඔහුගේ මිතුරා වෙනුවෙන් කතා කලේය..
“ නැහැ අංකල් පාරේ ටිකක් ට්රැෆික් තිබුනා.. එකයි එන්න පරක්කු උනේ..”
“ හ්ම්ම්.. දැන් ඇතුලට ගිහිලා ඒ මිනිස්සු එක්ක කතා කරනවා.. මූන එල්ලන් ඉන්නේ නැතුව..”
තාත්තාගේ බැනුම අතරම සාදයට එකතු උන සුපුන් ඔහුට ලැබුන සුභ පැතුම් පිළිගනිමින් මොහොතක් ඔවුන් හා දොඩමළුවී හුදෙකලාව තිබුන මේසයක අසුන් ගත්තේය.. මොහොතකින් දමිත් ඔහු සොයා ආවේය..
“ තාත්තා පාටිය ලස්සනට ඔගනයිස් කරලා තියෙනවා නේද මචං..”
සුපුන් කිසිවක් නොකියා බලාගෙන සිටියේය..
“ මං උඹට බොන්න මොනවා හරි ගේන්නම්..”
දමිත් අසුනෙන් නැගිට්ටද ඔහු ආයෙමත් සුපුන් වෙත හැරුනේය..
“ සුපුන්.. තරුශී එනවා.. උඹ එකිට බනින්න යන්න එපා මචං..”
සුපුන් හිස ඔසවා බැලුවේය.. ඈත සිටම තරුශි දුටු සුපුන් ඈ දෙස කේන්තියෙන් බලා සිටියේය..
“ ඔය උඹ දැන්ම කේන්ති අරන්.. මම කියන දේ අහපන්.. උබ රන්ඩු වෙන්න එපා..”
“ උඹ කොහොමද දමිත් එහෙම කියන්නේ.. උන හැමදෙයකටම තරුශි වග කියන්න ඕන කියලා උඹ දන්නවනේ..”
දමිත් කොතරම් පැවසුවද සුපුන්ට ඇය දකින් හැම මොහොතකම ඇය පිළිබදව ඇතිවන්නේ කේන්තියකි.. සුපුන්ට ආදරය අහිමි උනේ තරුශි නිසාය.. තරුශි සුපුන්ගේ ඇවැස්ස නෑනැය.. එනිසා ඇය සුපුන් ගැන බලා පොරොත්තු තබාගෙන සිටියාය..
19 comments:
ලයික් . . .
ලස්සනයි . . . .
මෙතන්ටත් ගොඩ වැදිලා බලන්න
http://panhindhak.blogspot.com/
හුම් හුම් ඉතුරුටිකත් ඉක්මනට දාමුකෝ...
අඩෝ සුපුන් = දිනේෂ් ද?
අලුත් කතාවක්. ආරම්භය නම් ටිකක් විතර දුකයි වගේ. බලමු ඉස්සරහට කියවලා.
දිනේෂ් සහෝදරයගේ කතා සංවේදී මෙන්ම ආත්මීය ප්රකාශන..ඉතිං ඔය අංග ලක්ෂණ දෙකටම මම කැමතියි
ලස්සන නමක් තියෙන කතාවක්.
කතාවත් ඒ වගේම ලස්සන වෙයි කියලා හිතනවා.
හොද වෙලාවට මම මුල් කොටසේ ඉදලම කියවන්න සෙට් උනේ.
@ සුශාන් : ගොඩාක් ස්තුතියි අයියේ මේ පැත්තේ ආවට..
@ කිඩෝ : නෑ මල්ලී.. මේ සුපුන්, දිනේෂ් අතර කිසිම සම්බන්දයක් නෑ.. සුපුන් මගේ හිතේ මැවුන චරිතයක් විතරයි..
@ මධුරංග : ඔව් අයියේ මේ මාසේ කතා දෙකක් දාන්න හිතාගෙන හිටියේ නෑ.. ඒත් දාන්න උනා.. ඒ ඇයි කියලා පස්සේ කියන්නම්..
@ නිල් අහස : අනිත් කොටස් එක්කත් රැදිලා ඉන්න.. ගොඩාක් ස්තුතියි මේ පැත්තේ ආවට..
@ ජනරග : ගොඩාක් ස්තුතියි යාළුවා මට දුන්න ඒ ඇගඉමට..
හොද ආරම්බයක් මෙගා සීරිස් එකක් වගේයි....
@ අපරාජිතයා : නෑ යාළුවා මේක ඒ තරම් දිග මෙගා එකක් වෙන්නේ නෑ...
හ්ම් ... පලමු කොටසේ ඉඳන් බලන්න එපැයි .. අද තමා මේක දැක්කේ
@ හිස් අහස : ඔව් සදරු.. මේක හරියට අප්ඩේට් උනේ නෑ..
නියමයි මලයා .......
ඉස්සෙල්ලා කතාව වගේම තාත්විකව ගියොත් තමා හොඳ, බොලඳ ආදර කතාවක් කරනවට වඩා ........
@ පන්සල් හංදිය : නෑ අයියේ එහෙම නොවෙන්න මම පොරොන්දු වෙන්නම්...
මම like කෝටියයි..:):)
@ ප්රාර්ථනා : ගොඩාක්ම ස්තුතියි නංගී..
Post a Comment