“ හැපි බර්ත්ඩේ සුපුන්..”
සුපුන්ගේ කම්මුලට උණුසුම් හාදුවක් දෙමින් තරුශි උපන්දිනයට සුභ පැතුවාය.. සුපුන්ගේ හිතේ ඇය ගැන තිබුන කේන්තියෙන් ඇයට බැන වදින්නට සුපුන්ට කොයිතරම් ඕනෑ උවත් ඔහු ඉවසාගෙන සිටියේය..
“ මොකද සුපුන් මූණ එල්ලගෙන.. ටිකක් හිනා වෙලා ඉන්නකෝ..”
තරුශීගේ කරදරය ඉවසාගත නොහැකිව සුපුන් කේන්තියෙන් ඇය දෙස බැලුවාය.. සුපුන් යමක් කියන්නට මත්තෙන් දමිත් ඔවුන් අතරට ආවේය..
“ තරුශී.. සුපුන්ට ටිකක් සනීප මදී.. ඒකයි ඔහොම ඉන්නේ.. ටිකක් වෙලා හිට්යම හරියාවි.. මම ඔයාට බොන්න මොනවා හරි ගේන්නද ?”
“ ඕන නෑ.. මමම අරගන්නම්..”
ඇය තැනින් පිටවී ගියේය.. ඇය පිටව යත්ම සුපුන් සැනසුම් සුසුමක් හෙලුවේය.. තරුශි, සුපුන්ගේත් දමිත්ගේත් මිතුදමට මුල සිටම අකමැතිය.. ඒ දමිත් දුප්පත් පවුලකත් සුපුන්ලා තරුශිලා වළව් පැලැන්තියේ අය වූ නිසාය.. ඒත් ඇය කෙතරම් අකුල් හෙලුවත් සුපුන්ගේත් දමිත්ගේත් මිතුදම බිද ලන්නට තරුශිට නොහැකි විය..
උපන් දින සාදය සුපුන්ගේ උවත් සුපුන් සියල්ලන්ගෙන්ම හුදෙකලා වී සිටියේය.. දමිත් නොසිටින්න සුපුන් මේ වන විටත් සාදය මග හැර ගිහින්ය..
“ දමිත් අපි යමු මචං..”
“ උඹට පිස්සුද? දැන් අපි ගියෝතින් උඹලගේ තාත්තගෙන් බැනුම් අහන්න වෙන්නේ..”
“ තාත්තා බනින්නේ මටනේ.. උඹ වරෙන් යන්න.. නැත්නම් තව ටිකකින් ආයෙත් තරුශි මෙතන්ට ඒවි..”
බලෙන්ම දමිත්ව කැමති කර ගත් සුපුන් අසුනෙන් නැගිට්ටේ සාදය මග හැර යන්නට සිතාගෙනය.. ඒත් තම පියාව දුටු සුපුන් මදකට නතර විය..
“ ආ පුතා පොඩ්ඩකට මෙහෙට එන්න..”
“ තාත්තේ හදිස්සියක් නෙමෙයි නම් අපි පස්සේ කතා කරමු..”
“ මොකද්ද තියෙන හදිස්සිය ?”
සුපුන්ගේ තාත්තා බලෙන්ම සුපුන්ව අමුත්තන් අතරින් ඉදිරියටම කැදවාගෙන ගියේය.. වාදක මණ්ඩලය සිටි වේදිකාවට ගොඩ උන සුපුන්ගේ තාත්තා සියල්ලන්ම අමතන්නට විය..
ඔහුගේ පවුලේ තොරතුරුත් ඔහු ආ මග ගැනත් අභිමානයෙන් තොරතුරු පැවසූ සුපුන්ගේ තාත්තා සුපුන් දෙසට හැරුනේය..
“ මට ඉන්නේ මගේ මේ පුතා විතරයි.. අම්මා නැති උන දවසේ ඉදන් මම මගේ පුතාට කිසිම අඩුවක් නොදැනෙන්න බලා ගත්තා..”
සුපුන්ගේ තාත්තා පමනට වඩා මත්පැන් පානය කර තිබු නිසා ඔහුගේ කතාව මොහොතකට නතර විය.. සුපුන්ව ඔහු ලගට කතාකර ගත් තාත්තා ආයෙත් කතාව පටන් ගත්තේය..
“ දැන් පුතාගේ ජීවිතේ හොදමා කාලේ.. මම කැමතියි පුතා දැන් පිළිවෙලක් වෙනවනම්.. ඒ නිසා මගෙත් පුතාගේ මාමාගෙත් කැමත්ත තමයි සුපුන් පුතා තරුශි දුවත් එක්ක විවාහ වෙන එක.. ඒක අපි හැමෝගෙම කැමැත්ත..”
අමුත්තන් සියල්ලන්ගේම අත්පොලසන් හඩින් සාදය පිරී යද්දී සුපුන් පුදුමයෙන් තාත්තා දෙස බලා සිටියේය.. බලාපොරොත්තු නොවූ මොහොතක තාත්තා ගෙනා යෝජනාවෙන් සුපුන්ගේ සිත කැළඹි ගියේය.. සුපුන්ගේ හිතේ වේදනාව ඉන් තවත් වැඩි උවද තරුශි සතුටින් හිනැහෙමින් සිටියාය.. ඇය දුවගෙන විත් සුපුන්ව වැලද ගත්තාය..
හිතේ තෙරපෙමින් තිබු වේදනාවත් කේන්තියත් නිසාම තරුශිගෙන් නික්මුන සුපුන් සාදයෙන් පිටතට පැමිණියේය.. සුපුන් පසුපසින්ම දමිත් පැමිනියද ඔහු එන්නට කලින් වාහනයට නැගුන සුපුන් වෙගයෙන් වාහනය පදවාගෙන ගියේය..
තාත්තා තමන් හා වචනයක් හෝ කතා නොකර මෙවැනි තීරණයක් ගත්තේ ඇයිදැයි සුපුන් තනිවම කල්පනා කලේය.. තරුශිත් මාමාත් තාත්තාව රවට්ටාගෙන ඇතැයි සිතු සුපුන්ට තරුශි ගැන හිතේ හතිබුන කේන්තිය තවත් වැඩි වන්නට විය..
අධික වේගයෙන් වාහනය පදවාගෙන ගිය සුපුන්ට වාහනය යන වේගය ගැන අවබෝදයක් නොතිබුනේය.. ඔහුගේ කල්පනාව තිබුනේ වෙනතකය.. කඳුළු පිරි දැස් වලින් ඉදිරිය බලා උන් සුපුන්ට එකවරම දෑස් වෙත එල්ල උන වාහන එළියෙන් දැස් බොද වී ගියේය.. වේගයෙන් යමින් තිබුන වාහනය සුපුන්ගේ පාලනයෙන් තොර විය..
වාහන එලියෙන් බොද වී ගිය දැසින් සුපුන් වාහනය ඒ මේ අත කර කැවුවේය.. සුපුන්ට පාලනය කර ගත නොහැකි වූ වාහනය ඉදිරියෙන් ආ ලොරියක ගැටුනේ අධික වේගයෙන්ය..
සුපුන්ට කිසිවක් නොඇසී ගියේය.. සුදු පැහැති ආලෝකයක් සුපුන්ගෙ දැස් ඉදිරියේ මැවුනේය.. මොහොතකට සියල්ල සංසුන් වි ගියත් ගලා ආ රුධිරයෙන් සුපුන්ගේ දැස වැසි ගියේය..
සුපුන්ට යාන්තමින් ඔහුගේ හද ගැහෙන අයුරු දැනුනේය.. අමාරුවෙන් දැස් අරින්නට උත්සාහ කලත් සුපුන්ට නොහැකි විය.. තද නින්දක වැතිර ඉන්නාක් මෙන් සුපුන්ට දැනෙන්නට විය.. සුපුන්ගේ හිත හොර රහසේම තමන්ගේ එකම ආදරයේ මතකයන් වෙත දිව ගියේය.. සිදුවූ සියල්ලක්ම සිහිනයක් මෙන් සුපුන්ගේ මතයයේ මැවෙන්නට පටන් ගත්තේය..
16 comments:
පුදපු ගමන් කාපි යකා කියලා කිව්වලු. කතාව මුලදිම සුපුන්ට කෙල්ලෙක් ගැන හිතක් පහල වෙලා තියෙනවා. තාත්තා තව කෙනෙක්ට යෝජනා කරනවා. මොකද වෙන්නේ කියන එක නම් ඉක්මනට දැන ගන්න වටිනවා.
අද තමයි කොටස් දෙකම කියෙව්වෙ...ලස්සනයි...
'තරුෂි' කියන නම කතන්දරේ නරක කෙල්ලට දාපු එකනෙ අවුල...;)
3 කොටසින් බලමුකෝ සුපුන්ගේ ලව් එක ගැන (අන්තිම මොහොතේ ඒක මතක් වුනානේ...)
@ මධුරංග : ඔව් අයියේ කතාව පටන් ගන්නේ ආදරයෙන් තනි උන සුපුන්ගෙන්.. අද එයාට වෙන කෙනෙක් තාත්තා යෝජනා කරනවා.. අපි ඊලග කොටසින් ටිකක් අතීතයට යමු.. සුපුන්ට හමු උන ආදරය අහිමි උනේ ඇයි කියලා දැනගන්න..
@ මන්තරකාරී : " තරුෂි " නම නම් ලස්සනයි තමයි.. " තරු ඇස් දහසක් " වෙනකොට ඉතින් ඔක්කොම නම් තරු වෙන්නත් එපැයි.. එ නිසා හොද නරක ගැන ඒතරම් හිතන්න එපා.. මන්තරකාරීගේ නම තරුෂි නෙමෙයි නේද??
@ කිඩෝ : ඔව් මල්ලී සුපුන්ගේ අතීතයට යමු අපි තුන්වෙනි කොටසින්.. සුපුන්ට මෙහෙම උනේ ඇයි කියලා දැනගන්න...
නෑ නෑ... මන්තරකාරිගේ නම තරුෂි නෙවෙයි. මන්තරකාරි ලියන කතාවෙ කතා නායිකාවත් 'තරුෂි'...
@ මන්තරකාරි : ආ එහෙනම් කමක් නෑ.. මම හිතුවා නපුරු චරිතෙකට මම මන්තරකාරිගේ නම දාලාවත්ද කියලා..
ඔය කාල තියෙන්නේ අප්රිය කෙනෙක් සමග එක්වෙන්නත් ප්රිය කෙනෙකුගෙන් ඈත් වෙන්නත් වෙලා වගෙයි බලමු ඉස්සරහට....
@ අපරාජිතයා : ඔව් යාළුවා.. එහෙම දෙයක් තමයි වෙන්න යන්නේ...
සුපුන්ට මොනා උනාද බලන්න තුන් වෙනි කොටසට දුවන ගමන් ...
@ හිස් අහස : සුපුන්ට අනතුරින් මොකද උනේ කියලනම් තුන්වෙනි කොටසේ නෑ.. හැබැයි සුපුන්ගේ ජිවිතේ ගැනනම් තියෙනවා..
බලමු ඊගාව කොටසත් .......
@ පන්සල් හංදිය : ඔව් අයියේ.. ඊළගට තමයි අපිට සුපුන් ගැන දැනගන්න ලැබෙන්නේ...
ලස්සන කතාවක්නෙ අයියා..මම මේ කොටස් කීපයක් රසකර කර කියවනකොට මට "අනික් කතාවයි" මේ කතාවයි පැටළුනානේ.. :):)
@ ප්රාර්ථනා : ගොඩක් ස්තුතියි නංගී.. මොකද්ද පැටලුන කතාව.. "ජීවිතේ දවසක්" කතාවද??
Post a Comment