Blogger templates


Powered by Blogger.
RSS

තරු ඇස් දහසක් 4


මචං මේ සෝමවිර අංකල්ව හොයාගෙන ඇවිත්..”

සෝමවීර? කවුද සෝමවීට කියන්නේ??”   සුපුන්ගේ දෑසත් හිතත් තවම ඇය ලගය..

ඇයි බං.. උඹලගේ තාත්තගේ වාහනේ එලවන්නේ.. උඹට ඒකත් අමතක් උනාද ?”

.. ඔව්..ඔව්..”

සෝමවීර අංකල් ඇතුලේ ඇති.. ඔයා ගිහින් කතා කරන්න..”

       ඇය යන්තමින් හිස සොලවා ගේට්ටුවෙන් ඇතුලට ආවාය.. සුපුන් ඇසි පිය නොහෙලා ඇය දෙස බලා සිටියේය.. බිම බලාගත් ඇය කිසිවක් නොකියාම සුපුන් ලගින් පියමැන්නාය..

මොනවද තවත් බලං ඉන්නේ?? දැන් උඹ පරක්කු වෙනවයි කියලා කෑ ගැහුවා නේද??”

         දමිත් පැවසූ කිසිවක් සුපුන්ට නොඇසුනේය.. සුපුන්ගේ හිසට පහරක් එක්ක කල දමිත් ඔහුව පියවි ලෝකයට රැගෙන ආවේය.. 

      සුපුනුත් දමිතුත් වාහනයට නැගී බොහෝ දුරක් පැමිණියද එහි රැදුනේ දැඩි නිහැඩියාවකි.. වාහනය පදවාගෙන ආවේ සුපුන් උවත් ඔහුගේ හිත තිබෙන්නේ වෙනතක බව දමිත්ට වැටහුනි..

“ සුපුන් මොනවද බං උඹ කල්පනා කරන්නේ ?”

“ නෑ දමිත් මම මේ කල්පනා කලේ අර කෙල්ල ගැන..”

“ මොන කෙල්ලද ?”

“ අර සෝමවීරව හොයාගෙන ආවේ..”

“ ආ... ඔව්.. ඉතින් ?”

“ නැහැ මචං.. මම ඒ කෙල්ල ලග අනිත් හැමෝටම වඩා ලොකු වෙනසක් දැක්කා මචං.. ඒ ඇස් වල තිබුනේ අමුතුම අහිංසක කමක්..”

“ ඔව්.. ඒකනම් ඇත්ත..”

“ ඒ වගේ කෙල්ලෙක් ජීවිතේට ලං වෙනවනම් ඒ කොල්ල ඇත්තටම වාසනාවන්තයි මචං..”

“ දැං උඹ හදන්නේ ඒ කෙල්ලවත් යාළු කර ගන්නද ?”

          කිසිවක් නොකියාම සුපුන් ඉදිරිය බලා සිටියේය.. ඉන් එහාට දමිත් ඒ ගැන කිසිවක් කතා නොකලේය.. මුහුදු වෙරළ වෙත ආවද සුපුන්ගේ හිතේ වෙනදා තිබුන සතුට නොතිබුන බව දමිත්ට වැටහුනේය.. ඔහු කතාවට මුල පුරන්නට හදත්ම කසුනි ඔවුන් වෙතට පිය මැන්න නිසා දමිත් කිසිවක් නොපැවසුවේය..

“ ආ මේ දමිතුත් ඇවිත් ඉන්නේ.. අදනම් මගේ යාළුවෝ කවුරුවත් ආවේ නෑ..”

“ එකට කමක් නෑ කසුනි..”

        සුපුන්ගේ දෑතේ වෙලුන කසුනි ඔහුත් සමග වෙරළේ ඇවිදන් ගියේය.. වෙරළේ ගල් බැම්මක හිද ගත් දමිත් ඈත මුහුදු තෙර දිහා බලා සිටියේය.. මුහුදු රළ අතරේම දමිත්ට මොහොතකට කලින් හමු උන ඒ අහිංසක දැස මතකයට නැගෙන්නට විය.. දමිත්ගේ කල්පනාවත් ඈ වෙත ඇදි යන්නට උනේ අහම්බයෙන් මෙන්ය..

      වැඩි වේලාවක් යන්නට මත්තෙන් සුපුන් දමිත් සොයාගෙන පැමිනියේය..

“ මචං දමිත් අපි යමු..”

“ මොකද උඹ මේ හදිස්සියේ.. කෝ කසුනි ?”

“ ඒකි ගියා බං.. උඹ වරෙන්කෝ යන්න..”

       සුපුන්ගේ කලබලය නිසාම වෙනත් කිසිවක් නොඅසාම දමිත් වාහනයට නැගුනේය..

“ දැංවත් කියපන්කෝ මොකද උනේ කියලා..”

“ මච්ං අර කෙල්ල තාම ගෙදර ඇති.. අපි ඉක්මනට ගියොත් එයත් එක්ක වචනයක් කතා කරන්න පුලුවන්..”

           දමිත් සුපුන් දෙස බැලුවේ පුදුමයෙනි.. සුපුන්ගේ හිත කෙල්ලන් වෙත ඉක්මනින් ඇදි යන බව දමිත් දැන සිටියත්  ඔහු ඇය ගැන මෙතරම්ම උනන්දු වන්නේ ඇයිදැයි දමිත් තනිවම කල්පනා කලේය..



  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

18 comments:

මධුරංග said...

මට හිතෙන්නේ මේ කෙල්ල නිසා සුපුන්ගේ ජීවිතයේ වෙනසක් ඇති වෙයි. නමුත් ඒක හරියටම ෂුවර් නෑ.

නිම්ශා said...

ඔන්න අයියේ මුල ඉදලම කියෙව්වා ..මරු ලස්සන ලව් ස්ටොරි එකක් යනවා වගේ..අයියා ලස්සනට කොහොමත් ලියන හන්දා මේ කතාවත් ලස්සනම කතාවක් වෙවි...කවදාහරි අයියාට අයියාගේ කෙටි කතා පොතක්ම ලිව්ව හැකි වෙයි....

කිඩෝ said...

හා හා ඉතුරු ටික ඉක්මනට දාමුකෝ...

හිස් අහස said...

බලමුකෝ මොකද වෙන්නේ කියලා ..

ප්‍රාර්ථනා said...

ඉක්මනට ලියන්න..හරිම හදිස්සී කියවන්ඩ..

Dinesh said...

@ මධුරංග : තව කොටස් දෙකක් විතර යනකොට ඒ වෙනස ගැන හරියටම තේරුම් ගන්න පුලුවන් වේවි අයියේ..

Dinesh said...

@ කිඩෝ : හා හා ඉක්මනින් දාන්නම්...

Dinesh said...

@ නිම්ශා : ගොඩක් ස්තුතියි නංගියේ හැමදාම වගේ මේ කතාවත් එක්කත් එකතු උනාට.. මම ලියන දේවල් ලස්සනද නැද්ද කියලා නම් දන්නේ ඔයාලම තමයි.. පොත් ලියන්න නම් අදහසක් නෑ.. ඒත් වෙනස්ම ආරක කතාවක් ලියන්න හිතේ ලොකු ආසාවක් තියෙනවා..

Dinesh said...

@ හිස් අහස . ඔව් මල්ලී තාම කතාවේ ඉදිරිය ගැන දන්නේ ලියන මම විතරයිනේ.. ඒ හින්දා ඉක්මනින්ම ඔයාලටත් ඒ ගැන දැනගන්න දෙන්නම්..

Dinesh said...

@ ප්‍රාර්ථනා : ඉක්මනින් අනිත් කොටස දාන්නම් ප්‍රාර්ථනා නංගී...

- නිල් අහස - said...

මට නම් හිතෙන්නේ අහිංසක ඇස් දෙක දමිත්ට කැමති උනොත් හොදයි කියලා. සුපුන්ට ඒ වගේ කෙනෙක් හොද වැඩි වගේ.

ඔයා අතේ තමා වැඩේ තියෙන්නේ.
ලස්සනට ගලපන්න ...මල්ලී.

සාටර් said...

කතාව නම් පට්ටයි...ඉතුරු ටික හනික දාපන්.. :)

Dinesh said...

@ චාටර් කොල්ලා : හරි කොල්ලා ඉක්මනින් දාන්නම්...

Dinesh said...

@ නිල් අහස : ඔව් දෙන්නගේම හිතේ ආදරයක් ඇතිවෙලා.. ඒත් ඒ ආදරය ලැබෙන්නේ සුපුන්ටද දමිත්ටද කියලා අපි ඊළග කොටස් වලින් දැනගමු.. ගොඩක් ස්තුතියි අයියේ ඔයාගේ අදහසට..

Kasun said...

අද තමයි අයියෙ කතාව ඔක්කොම කියෙව්වෙ. ආරම්භය නම් ගොඩක්ම ලස්සනයි. ඉතුරු ටිකත් ඒ වගේම වෙයි කියල හිතනව. ඔය වගේ ප්‍රශ්න සැබෑ ලෝකෙත් තියනව අයියෙ. ඉක්මනට ඉතුරු ටිකත් දාන්න. අපි බලාගෙන ඉන්නව.

Dinesh said...

@ Kasun : ගොඩාක් ස්තුතියි කසුන් මල්ලී.. ඔව් මේවා අපි අතර සාමාන්‍ය දේවල් වෙලා.. අනිත් කොටස ඉක්මනින් දාන්නම්...

පන්සල් හංදිය said...

බලමු මොකද වෙන්නෙ කියලා ......

Dinesh said...

@ පන්සල් හංදිය : ගොඩක් ස්තුතියි අයියේ හැමදාම කතාවත් එක්ක එකතු වෙනවට..

Post a Comment