Blogger templates


Powered by Blogger.
RSS

පූජා ලියූ කවි 4






පන්සලක් වගේ නුඹෙ හිත
හිත නිවනවා මගෙ හැමවිට
මලක් වී පුද සුනක් මත
ඉන්න ඇත්නම් නුඹ ලගම මට..

සොයා ඇවිදින් නුඹම මගෙ හිත
ලැගුම් ගෙන හිත පතුලෙම
මටත් නොදැනිම කියාදි ආදරය
ජීවිතය මගේ වෙනස් කලේ නුඹමය..

කවියක් ගීතයක් වි සිත් ගැඹ
නුඹමයි ඉන්නේ හැම මොහොතකම
පිසදා දෙනෙත් අග තිබු කදුළු
හිනැහෙන්න ඉගැන්නුවෙත් නුඹමයි මට..

නිම්තෙරක් නොදකින අහසක් තරමටම
ආදරෙයි මං ජීවිතේ ඇති තුරාවට
මේ කුසුම පරවන්නට පෙරාතුව
වදින්න හිතයි පන්සලක් වගේ නුඹේ හිත..

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

22 comments:

ජනරඟ විජඉදු දේවසුරේන්ද්‍ර said...

හිතන්න එපා සහෝදරයා දැන් මේගැන..ඒ සිහිනය අතීතයක්.ඒ අතීතය සිහිනයක්

හිස් අහස said...

"පන්සලක් වගේ නුඹෙ හිත" පූජා එහෙම කිවුවේ දිනේශ් අයියටද ?

මිස්ටර් අන්ද මන්ද said...

ආගමකි ජීවිතේ
පංසලකි ජීවිතේ

මැණික් said...

මටත් හිතෙන්නේ මල්ලී ඔයා මේ ගැන වැඩිය හිතන එක එතරම් හොඳ නැහැ කියලයි. අතීතයේ නෙවෙයි වර්තමානයේ ජීවත් වෙන්න බලන්න. අමාරු වුනත් කළ යුත්තේ එයයි.
මැණික්

මධුරංග said...

ගොඩක් ලස්සනට කවියක ආදරය ඔබ්බවලා ලියලා තියෙනවා. සදරු මල්ලි කිව්වා වගේ මම ආසම කෑල්ලත් "වදින්න හිතයි පන්සලක් වගේ නුඹේ හිත..

" මේක තමයි.

ඇත්තටම පන්සලක් වගේ පින්බර ආදරයක් කරන්න තියෙනවනම් ඒක කොච්චර හොදයි ද ?

සිතුවිලි නිහඬයි said...

අතීතය සුන්දරයි...ආදරෙත් එහෙමයි....අහිමි උනත් ඒ සෙනෙහස තාම හැඟුම්බරයි....

පන්සල් හංදිය said...

කොහොම උනත් ලස්ස පද වැල් ටිකක් .......
අතීතය ලස්සනයි, ඒත් අපිට හැමදාම අතීතයේ ඉන්න බැහැ නේද මල්ලියා ....

පිණිබිඳු... said...

ඇස් මායිමෙන්
එහා ඉඳන්
මේ හිතට තනි රකින
ඔය මතකය
පන්සලක් තරමටම
මාව සනසන වග
දන්නවද නුඹ

ප්‍රාර්ථනා said...

මලක් වූවත් පුදසුනක් මත
පරව යනවා කල් ගෙවෙන විට,
හදේ රැදෙනා නුඹේ මතකය
එලෙස නොම වේ කිසි දිනෙක මට,.
කඳුලු ගඟුලෙන් එතෙර වන්නට
කාලයයි මගේ සුපෙම්වත් සඳ,
මගේ මතකය හෙමින් සීරුවෙ
හදේ කොනකින් තබා ගනු මැන

හිරණ්‍ය said...

හිතෙන් හිත එක්වන කල
පූජනීය වේ ආදරය
නිරාමිස සතුටක් අභියස
නිවන ළඟා කරාවි ඔබ සැමවිට

- නිල් අහස - said...

අහිම වුනු සියල්ලම ..සුන්දරයි කියලා හිතන්න.
මමත් එහෙමයි මේ දවස් වල හිත හදා ගන්න උත්සාහ ගන්නේ.

කෙහොම උනත් හරිම සංවේදි..පද වැලක්.

Dinesh said...

@ ජනරග : ඔව් යාළුවා ඒක නම් ඇත්ත..

Dinesh said...

@ හිස් අහස : ඔව් සදරු මල්ලී.. එයා එහෙම ලියලා තියෙන්නේ නම් මට.. ඒත් මගේ හිත ඇත්තටම ඒ වගේද කියලානම් මම දන්නේ නෑ..

Dinesh said...

@ මිස්ටර් අන්ද මන්ද : ඔව් සහෝදරයා.. ඔයා හරි..

Dinesh said...

@ මැණික් : නැහැ අක්කේ මම මේ හදන්නේ එයා පොතකට සීමා කරන් හිටිය එයාගේ කවිකම අද එයා නැතත් හැමෝමත් එක්ක බෙදා ගන්න..

Dinesh said...

@ මධුරංග : ලැබේවි අය්යේ ඒ වගේ ආදරයක් දවසක අයියට මුන ගැහේවි..

Dinesh said...

@ සිතුවිලි නිහඬයි : ඇත්ත " අහිමි උනත් ඒ සෙනහස තාම හැගුම්බරයි.."

Dinesh said...

@ පංසල් හන්දිය : ඔව් අයියේ.. අපිට අතීතයේම නැවතිලා ඉන්න බෑ.. අපිට දවසක ඉස්සරහට යන්න වෙනවා..

Dinesh said...

@ පිණිබිදු :

පිවිතුරුයි අපේ ආදරය
පන්සලක් තරමටම
නොකීවත් හඩගා ලොවට
නුඹට ඇසෙනවා ආදරය..

Dinesh said...

@ ප්‍රාර්ථනා :

නුඹේ මතකය හෙමින් සීරුවේ
තබාගෙන හදවතේ රහසෙම
සිනහ කැල්මන් හොයා යන මග
නුඹේ සිනහව මතක්වේ නිඹද..

Dinesh said...

@ හිරණ්‍ය : ඔව් යාළුවා ඔයා හරි.. හිතෙන් හිත එක් උන තැන නිවන ලගා කරාවි..

Dinesh said...

@ නිල් අහස : එකනම් ඇත්ත යාළු.. අහිමි උන දෙවල් ඇත්තටම සුන්දරයි..

Post a Comment