Blogger templates


Powered by Blogger.
RSS

තරු ඇස් දහසක් 5

        දමිත්, සුපුන් ගැන මොහොතකට කල්පනා කලේය.. එය ගැඹුරු කල්පනාවක් වූවායැයි දමිත්ට දැනුනේ වාහනය සුපුන්ගේ නිවෙස ලග නතර උන මොහොතේය.. දමිත් හා කිසිවක්ම කතා නොකල පුපුන් නිවසට ගොඩවිය.. වාහනයෙන් නික්මුන දමිත් සෙමින් නිවසට ඇතුළු විය..

දමිත්.. තාම කෙල්ල ඉන්නවා මචං.. අපි ගිහින් ටිකක් කතා කරමු..”

සුපුන් උඹ වෙනදා වගේම අදත්..”

අපි මේ ගැන පස්සේ කතා කරමු මචං.. ඉස්සෙල්ලා උඹ වරෙන්කෝ මාත් එක්ක යන්න..”

ඉතින් උඹ තනියම ගිහින් කතා කරපං..”

අනේ මේ වරෙන් බං..”

         දමිත්ගේ අතින් ඇදගත් සුපුන් නිවසේ මුළුතැන් ගෙය පැත්තට ආවේය.. දුර තියා මොහොතකට නැවතුන සුපුනුත් දමිතුත් දෙස බලා සිටියේය.. ඇගේ අහිංසක මෙන්ම චාම් පෙනුමට ඔවුන්ගේ හිත් ඇදී ගියේ දෙදෙනාටම රහසේය.. දමිත්වත් සුපුන්වත් දුටු ඇය හිද ගෙන සිටි අසුනෙන් නැගිට්ටාය..

දැන් උඹට කතා කරන්නනේ ඕන කිව්වේ.. ඉතින් පලයන්..”

ඒත් බං මම මොනවද අහන්නේ ?”

    දමිත් හා සුපුන් හෙමින් කොදුරත්ම ඇය ඔවුන් දෙස නොබලා බිම බලාගෙන සිටියාය.. ඇය අතැති වූ තේ කෝප්පය සේදු ඇය මුළුතැන් ගෙයින් නික්මයන්නට සැරසෙත්ම ලගට සුපුන් කතාවට මුල පිරුවේය..

තාත්තව හම්බුනාද ?”

       ඊට හිස සොලවා පිළිතුරු දුන් ඇය කිසිවක් නොකියාම බිම බලාගෙන සිටියාය.. මොහොතක් ඇය දෙස බලා උන් සුපුන්,

මීට කලින් ඔයා මෙහෙට තාත්තා හොයාගෙන එනවා මම දැකලා නැනේ ?”

නැහැ..”

         අය බිම බලාගෙනම පැවසුවාය.. මුදු සිහින් හඩක් සවනතට වැටුන සුපුන් හඩට වෂි උනේ මොහොතකින්ය.. තවත් ඇය සමග මොහොතක් කතා කරන්නට සුපුට ඕනැ උනත් තරුශි ඇත සිටම ඔවුන් සොයා ගෙන එන හඩ ඇසුන සුපුන් එතැනින් නික්මී දමිත් සමග ඔහුගේ කාමරයට වැදුනේය..

          ඇදේ වැතිරුන සුපුන් කිසිවක් නොකියාම කල්පනා සාගරයට වැටුනේය.. හීන අතර සුපුන් සැරිසරන්නට මත්තෙන්ම දමිත් ඔහුව පියවි ලෝකයට රැගෙන ආවේය..

සුපුන් මට ඇත්ත කියපන්.. උඹ මේ කෙල්ලටත් හීන ගොඩක් එක්ක බලාපොරොත්තු දෙන්නද හදන්නේ ?”

නැහැ දමිත්.. මෙයා අනිත් හැමෝටම වඩා වෙනස් මචං.. මට මුලින්ම දැක්ක වෙලේ හිතට දැනුනේ අමුතුම හැගීමක්.. හැගීම මට මීට කලින් දැනිලා නැහැ මචං..”

උඹ කෙල්ලට ආදරයිද ?”

අනේ මන්දා දමිත්.. මට හැගීම තේරුම් ගන්න බෑ.. මං හිතන්නේ ආදරය වෙන්න ඇති..”

    දමිත් කිසිවක් නොකියා කල්පනාවට වැටුනේය..

උඹ මොකද අද මට බනින්නේ නැත්තේ ?”

නැහැ සුපුන් මම කල්පනා කලේ උඹ කලින් යාළු උන කෙල්ලන්ට වඩා කෙල්ල වෙනස්.. එකම වෙනස කෙල්ල දුප්පත්.. ඉතින් මේ ආදරේ හීනයක් උනොත් කෙල්ලට දරාගන්න බැරි වේවි මචං..”

ඇයි දමිත් උඹ එහෙම කියන්නේ ?”

මම ඉතින් උඹට උඹලගේ තාත්තා ගැන තරුශී ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ..”

හ්ම්ම්.. උඹ කියන එක හරි මචං.. ඒත් අපි ගැන දැම්ම හිතන්නේ නැතුව ඉමු.. මම මේ දැක්ක ගමන් හිතින් ආදරේ කලාට අපි එයා ගැන මුකුත්ම දන්නේ නෑනේ මචං..”

දමිත් උඹට පුළුවන්ද මට පොඩි උදව්වක් කරන්න ?”

මොකක්ද ?”


  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

20 comments:

මධුරංග said...

සුපුන් ඇත්තටම දමිත්ගෙන් ඉල්ලන උදව්ව මොකද්ද ? මට නම් හිතෙන්නේ මේ කොල්ලා ඇත්තටම මේ කෙල්ලට ආදරෙයි. ඒ නිසා මේ කෙල්ලට කිසිම කරදරයක් කරන්නේ නැති වෙයි.

සුදු හංසි said...

මොකක්ද උදව්ව........:)

Dinesh said...

@ සුදු හංසී : මොකද්ද උදව්ව කියලා ඊළග කොටසත් අරන් ඉක්මනින් එන්නම්....

Dinesh said...

@ මධුරංග : ඔව් අයියේ සුපුන් ඇත්තටම ඒ කෙල්ලට ආදරයි.. ඊලග කොටසින් අපි මොකද වෙන්නේ කියලා බලමු...

කිඩෝ said...

මොකක්ද බොල උදව්ව ඉක්මනට ඉතුරු ටිකත් දාමු

හිස් අහස said...

උදවුව මොකද්ද කියන එක තමා දැන් මට තියන ප්‍රශ්නේ.. කතාව ඉක්මනට ලීවොත් ඒක නම් ඒක අපිට ලොකුම ලොකු උදවුවක් වේවි ...

Anonymous said...

"Tharu As Dahasak" mage desata munagahune ada.
Hitha adaganna puluwan wuna vidihe kathawak. Deedata vivekayak nodee asaawen kiyawagena yanna hith dunna kathawak. Eelanga kotasa liyanakam mamath balan innawa.

Dinesh said...

@ කිඩෝ : ඊළග කොටස ඉක්මනින් දාන්නම්...

Dinesh said...

@ හිස අහස : ඒ තරම් බරපතල උදව්වක් නෙමෙයි.. මොකද්ද කියලා ඔයාලට තේරේවි ඊලග කොටසින්.. ඉක්මනින් ලියන්නම්...

Dinesh said...

@ ඇනෝ : ගොඩක් ස්තූතියි යාළුවා ඔයාගේ කමෙන්ට් එකට.. දිගටම රැදෙන්න කියලා ආරාධනා කරනවා..

Kasun said...

මම නම් හිතන්නෙ සුපුන් කියන්නෙ ඒ කෙල්ල ගැන විස්තර හොයල දෙන්න කියල වෙන්න ඇති. බලමුකො ඊලඟ කොටස ආවම. ඉක්මනට ඊලඟ කොටසත් දාන්න අයියෙ.

නිම්ශා said...

දුප්පත් පොහොසත් ආදර භේදයක්ද මේ... මොකක්ද උදව්ව ඉලඟ කොටසින්ම බලමු....

හංසි said...

ගොඩක් ලස්සන කතාවක් මම ටික කාලෙකින් ආවෙත් නෑනේ. එත්දි ලස්සන කතාවක් මුල ඉඳන්ම බැලුවා.

Dinesh said...

@ Kasun : කසුන් මල්ලිටනම් වැඩේ තේරුනා... අපි ඊළග කොටසින් බලමු මොකද වෙන්නේ කියලා..

Dinesh said...

@ නිම්ශා : නෑ නංගී.. මේක දුප්පත් පොහොසත් ආදර කතාවක්ම නෙමෙයි.. අවසානය වෙද්දී ඔයාලට ඒක තේරුම් ගන්න පුළුවන් වේව්..

Dinesh said...

@ හංසී : එක තමයි.. මම ඒත් බැළුවා මොකද මේ පැත්තේ ආවේ නැත්තේ කියලා.. ගොඩක් ස්තුතියි නංගී.. දිගටම කතාවත් එක්ක එකතු වෙන්න..

පන්සල් හංදිය said...

බලමු ඊලගට .......

- නිල් අහස - said...

මමත් බලන් ඉන්නවා.........

Dinesh said...

@ නිල් අහස : ගොඩක් ස්තුතියි අයියේ..

Dinesh said...

@ පන්සල් හංදිය : අනිත් කොටස ඉක්මනින් දාන්නම් අයියේ...

Post a Comment