මුහුණ පිරෙන්නට තවරගත්තු සිනහවින්
දෑත් එක්කරමින් හැමටම සුභ පතමින්
කුණු කානු උඩින් හොද පිමි පනිමින්
අපේ මන්ත්‍රිතුමා එනාවා චන්දය ඉල්ලමින්.
දෙකට නැමිගෙන මුඩුක්කු පැල්පත් ගානේ
රින්ගනවා කවදාවත් නොගියපු පිල් අස්සේ
අවුරුදු පහෙන් පහට මේ කෝලම් ඇස ගෑටුනේ
හෑමදාමත් චන්දය එනවනම් කොතරම් අගනේද දෙවියනේ.
මුසා බසින් ඇද බාමින් බොරු බේගල්
රවටනවා අහින්සකයන් පෙන්නලා තොරන්
මාස දෙක තුනක පෙන්නා බහිරු කෝලම්
උන් යනවා යන්න කුණු කූඩෙට අපි විසිකරමින්.
කතිරෙක බලය නොහදුන මිනිසුන්නේ
උන් වැජබෙනවා උස් තැන්වල බලයෙන් අපේ
හොද නරක තෝරාගෙන පෙන්නුවොත් අපේ බලේ
සෙතක් වේවි අපෙ පුන්චි රටට හෙට දිනේ...
5 comments:
බෝතලයට,බත් පැකට් එකට විකිනෙන චන්දය............
එකනම් සහතික ඈත්ත මිත්‍රයා....
ලියපු දේ සත්‍යක්!
thanks akke......
ඇත්තම ඇත්ත යාළු
Post a Comment